පරිමාණයට චිත්‍රයක් විශාල කිරීම - කොටු ක්‍රමය

 

මේ ක්‍රමයේදී විශාල රූපය සමචතුරස්‍ර වලට බෙදාගෙන කොටු සැලැස්මක් ඇඳගන. පසුව අවශ්‍ය පරිමාණය ගණනය කර, එම පරිමාණයට අනුව කුඩා කොටු සැලැස්මක් ඇඳගන විශාල රූපයෙන් මැනුම් ගෙන පරිමාණයට අඩු කර අනිත් කොටු සැලසුමේ අඳියි.

මෙහිදී කොටුවල රේඛා මත සිට විවිධ දිශාවලට මැනීමට හැකිවීමත්, කොටු අවශ්‍ය විටක තවත් කුඩා කොටුවලට කඩාගැනීමටත් පහසුය. අතීතයේ සිටම රූප අති විශාල කර ගැනීමට භාවිතා කරන ලදි.

(c) Shilpa Sayura Foundation 2006-2017