පරිමාණ රූප
 

පරිමාණය ගැන ඔබේ අදහස කුමක්ද ?
ඔබගේ නිවස ඇඳ එන්නට උවහොත් ඔබට අවශ්‍ය වන කඩදාසියේ ප්‍රමාණය කුමක්ද ?

එය කුඩා කඩදාසියක අඳින්නට ඔබට සහය වන්නේ පරිමාණයයි.


ලංකාවේ මාර්ග සිතියම ඔබ දැක තිබේද ?
ලංකාවේ මාර්ග සිතියම ඔබ දැක තිබේද ?
එහි මහනුවර නගරය හා කොළඹ අතර දුර ඔබට සෙවිය හැකිද ?

පරිමාණයක් යනු යම් කිසි නිස්චිත දුරක් ඊට වඩා කුඩා දුරකින් දැක්වීමයි. එනම් මීටරයක් එක සෙන්ටි මීටරයක් මගින් දැක්වීම වැනිය.

එවිට ප්‍රධාන රූපයේ හා අප අඳින රූපයේ පරිමාණය
මීටර් 1 ට සෙ.මී. 1 වේ.
එනම් 1 : 100 කි.

ඔබ පාසලේ පිට්ටනියේ පවත්වන වෙළදපොලට කුටි වෙන්කිරීමට සිදුව තිබේ.
පිට්ටනියේ දිග මීටර 100 හා පළල මීටර 50 නමි.
විවිධ අවශ්‍යතා සඳහා ඉඩ වෙන් කරන්නේ කෙසේද ?

යම් පරිමාණයකට ඇඳි සිතියමක් තිබේනම් කෙතරම් අපූරුද?
ඔබට එහි මීටර් 1 මි.මී 1 පරිමාණයට සටහනක් ඇඳිය හැකිය.
එනම් 1: 1000 පරිමාණයටය.


අභ්‍යාසය 1 :
1:10 පරිමාණයට ඇඳි රූපයක දිග සෙ.මී. 10 කි. රූපයේ නියම දිග සොයන්න.
පරිමාණය 1: 10 නිසා රූපයේ 1 කොටසක් නියම අගයේ කොටස් 10 ක් පෙන්වයි.
එමනිසා නියම රූපය 10 ගුණයකින් විශාලය.
එනම් සෙ.මී. 100 කි. (මීටර 1 කි)

අභ්‍යාසය 2 :
ඔබගේ පරිගණක තිරය මැණ 1:10 පරිමාණයට එය අඳින්න

 
(c) Shilpa Sayura Foundation 2006-2017