ඛණ්ඩාංක හැඳින්වීම
 
ඛණ්ඩාංක තලයක මූල ල්‍රක්‍ෂ්‍යයේ සිට තිරස් හා සිරස් දිශා x අක්‍ෂය හා y අක්‍ෂය ලෙස ගෙන යම් ලක්‍ෂ්‍යකට එම අක්‍ෂවල සිට තිරස් හා සිරස් ලම්බක දුර මනිනු ලැබේ.

එම දුරවල් එම ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක යුගලය ලෙස (x,y) හඳුන්වයි.

x අගයේ ධණ හෝ සෘණ බව මත එය මධ්‍ය ලක්‍ෂ්‍යට වමින් හෝ දකුණින් පිහිටා ඇති බව කිය හැක.

y අගයේ ධන හෝ සෘණ බව මත එය පිහිටා ඇති ස්ථානය ඉහල හෝ පහල බව නිගමනය කළ හැක.

ඉහත රූපයේ x-අක්ෂය හා y-අක්ෂය කැපෙන ස්ථානය මූල ලක්ෂ්‍ය වන අතර එහි ඛණ්ඩාංක (0,0) වේ.

A ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (2,3) නම් එය දකුණට ඒකක 2 ක් හා ඒකක 3 ක් ඉහලින් පිහිටා ඇත.
B ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (3,0) නම් එය දකුණට ඒකක 3 ක් හා ඒකක 0 ක් ඉහලින් පිහිටා ඇත. එනම් එය x-අක්ෂයේ පිහිටා ඇත.
C ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (6.3,9) නම් එය දකුණට ඒකක 6.3 ක් හා ඒකක 9 ක් ඉහලින් පිහිටා ඇත.
D ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (9,-2.5) නම් එය දකුණට ඒකක 9 ක් හා ඒකක 2.5 ක් මූල ලක්‍ෂ්‍යට පහළින් පිහිටා ඇත.
E ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (-4,-3) නම් එය වමට ඒකක 4 ක් හා ඒකක 3 ක් මූල ලක්‍ෂ්‍යට පහළින් පිහිටා ඇත.
F ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (-7,5.5) නම් එය වමට ඒකක 7 ක් හා ඒකක 5 ක් මූල ලක්‍ෂ්‍යට ඉහළින් පිහිටා ඇත.
G ලක්‍ෂ්‍යයේ ඛණ්ඩාංක (0,-7) නම් එය මූල ලක්‍ෂ්‍යයේ හරහා යන අක්ෂයේ හා ඒකක 7 ක් මූල ලක්‍ෂ්‍යට පහළින් පිහිටා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017