සමීකරණයක ඛණ්ඩාංක ලකුණු කිරීම 2
 

දර්ශක (බල) අඩංගු නොවන රේඛීය සමීකරණයක ප්‍රස්තාරයක් ගොඩ නැගීමේදී

එම සමීකරණය y = mx + b ආකාර විය යුතුය.

උදාහරණය y – 2x = 3
–2x අනිත් පසට ගෙන යාමෙන් (දෙපසටම +2x එකතු කිරීමෙන්) එය y = 2x + 3 වේ.

දැන් අපට ප්‍රස්තාරය ඇඳිමට පුලුවනි

ප්‍රථමයෙන්ම x හි ගුණ අගය (slope) හා y අක්‍ෂයේ කැපීම හඳුනාගත යුතුය.
y = mx + b ආකාරයට ගත්විට
x=0 වන විට y=3 වේ. (b=3)

ප්‍රථමයෙන්ම y අක්‍ෂයේ කැපෙන ලක්‍ෂ්‍යය ලකුණු කරන්න.

එය ධන නම් එය ඛණ්ඩාංක තලයේ ඉහල ප්‍රදේශයේ පිහිටයි.
සෘණ නම් 0 ට පහලින් පිහිටයි.

මෙතැන් සිට x හි ගූණ වන අගය වූ 2 අනුව x හි සෑම අගයක්ම ඉන් ගූණවී 3 ට එකතු වී y වේ.
මේ අනුව ඊ ලඟ ඛණ්ඩාංකය සොයා ගැනීම කළ හැක.
ඊ ලඟ ඛණ්ඩාංකය (1,5) හි තිතක් තියන්න.

දැන් අපට රේඛාව ලැබී තිබේ. තිත් යාකර රේඛාව අඳින්න

(c) Shilpa Sayura Foundation 2006-2017