කලුන් මැද්ද සබ අබතුර බොහො සෙ නිති
ලෙසින් විදුලි දිලි කඟපත් ලෙළ කෙරෙති
කගින් කග පහර වැද නැඟි පුලිගු ඇති
සටන් බිම'සි ගත් සෙබළෝ දුලබ වෙති
මෙලොවින් පරලොවින් වන අවැඩ නොම දැන
සිරිතින් ලොව නොපවතින අඳ බල දුදන
දෙකුලෙන් යුතුව උපනත් සක කිරි ලෙසින
කුසුමෙන් උපන් පණු වැනි පෙර කළ පවින
නෙකවත් ඇතත් මෙතෙකැයි යන පමණ නැති
ලොබසිත් වෙමින් ඉල්ලනු දිළිඳුන් සිරිති
දළ නෙත් නියතු මෙහෙසුරු පුවතර තෙදැති
ජරපත් මහලු ගොන් වාහනයෙන් සරති
සසොබන මහතුන්ට වන් නොමද ගරුතර
දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර
හිම වන වසන වැදි අඟනෝ කෙරෙති දර
වතින් බතින් බුලතින් සියලු සැපතිනි
නිතින් විදින පහසින් රන්මුසු බසිනි
කතුන් සිත් ගනිමි යනු යමෙ'කෙකු කෙවැනි
දැලින් සුළං බදනට තැත් කරන වැනි
අම රස වන් අඹ රස බුදිමින් සිනිඳු
නිති ගෙඋයන් පෙදෙසෙහි සරමින් පසිඳු
එක පැහැයෙන් ඉඳිතත් කොවුලනට බඳු
නද පමණින් දැනගත හැකි රිටින් ඉඳු
විසුවත් දුදන සහ සුදනන් රැගෙන සරු
නැණවත් රජතුමෝ ඔවුනට දෙති ඉසුරු
විසයුත් ගොර උරඟ කට රැදි මිණි මහරු
සලසත් රුවන් කිරුළග රුවනට සොඳුරුපසන් සුදන දීමට වන බව අලස
ලබන් නවුන් පෙර කල කළ පවෙහි දොස
තමන් මුව විසුළු වු බව පෙනෙනු මිස
වෙනින් කවර වරදද නිසි දපණ පස
කෙරෙත් යුද උනුන් එළු ගව ගවර රළ
කියත් මියුරු රස බස් සුව ලිහිණි සැළ
දෙතොත් යමෙකු යදි කලිමන් දුර හැර ළ
වියත් කමුත් විකුමුත් ඔහුමය නැබළ
සපෙන් එකෙකු කෑ නම් නසිනේ හේ වෙද
අනික් ලොවින් නොනැසෙයි සතෙකුත් එකඳ
පසක් දුදන පබු කන මුව ළං කළද
වගක් නසියි වැනසෙයි එමතුද ඔහුද
![](/sayura/images/logo2.png)