කෝණික මිනුම් සහ රේඛීය මිනුම් සඳහා අවසාන දෝෂය හඳුනා ගැනීමේ ක්‍රියාවලිය (Determining the final errors)
 මැනුම් ක්‍රියාවලියක දී සිදු විය හැකි සහ සිදු වන දෝෂ හඳුනා ගැනීමත්, ඒවායේ බලපෑම අඩු කිරීමට උපාය යෙදීමත් වැදගත් ය. කෙසේ නමුත් යම් මැනුම් ක්‍රියාවලියක දී දෝෂ සිදු වීම නැවැත්විය නොහැකි ය.
එමෙන් ම යම් රේඛාවක දී හෝ පමණක් සිදු කරන දෝෂය හඳුනා ගැනීම අපහසු ය. සාමාන්‍යයෙන් යම් ස්ථානයක දී හෝ රේඛාවක දී සිදු කරන දෝෂය ඊළඟ රේඛාවට හෝ ස්ථානයට හෝ සෘජු ව ම බලපායි. මේ නිසා මූලික ව ම දෝෂය එකතු වෙමින් ඉදිරියට ගමන් කරයි.

මේ නිසා අවසාන මැනුම් ස්ථානයේ දී හෝ අවසාන මැනුම් ස්ථානයේ දී හෝ අවසාන මැනුම් රේඛාවේ දී හෝ ලැබෙන්නේ පෙර ස්ථානවල දී සහ රේඛාවල දී සිදු කරන සියලු දෝෂවල වීජීය එකතුවකි. සමහර අවස්ථාවල දී එම දෝෂ එකිනෙකට හානි පූර්ණය වී ඉබේම අහෝසි වන අවස්ථා ද දැකිය හැකි ය.

කෙසේ වෙතත් යම් මැනුමක් සඳහා අවසාන දෝෂය හඳුනා ගැනීමත් එය ගණනය කිරීමත් ඉතා වැදගත් ය. මූලික ව ම මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ මෙසේ අවසාන දෝෂයේ අගය ගණනය කළ හැකි වන්නේ සංවෘත පරික්‍රමණ සඳහා පමණී.
(c) Shilpa Sayura Foundation 2006-2017