මුඳුවට සිනිදු වෙඬරුද සුදනන් හදද
සරිකොට කිවත් කිවි දන නොම වෙයි එලෙද
පරනට තැවුල් වත උණුවෙයි සුදන හද
එලෙසට උණු නොවේ එබැවින් වෙඬරු තද
නොහිමි සුවඳ විහිදෙන කස්‌තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඹ නැණ විකල
විනමි මෙ මට මහ බඹු පදවි යමි කල
තබමි බොරු කියන දුදනන්ගේ දිව මුල
අබරණ සමඟ සිටි පිරිවරද තම වෙත
නොදෙරණ තැන යෙදුවොත් නොම වේ දිමුත
කොපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත
සිළුමිණ සරණ බඳහොත් අපහස කරත
නොවිතර තෙද බලැති උතුමන්හට පවර
වැරසැර මඳ නුවණ මඳ දන බඳිනු වෙර
තුඟුතර ගිරි පලන දළ දළ'ගිනි සැහැර
මතවර ණිදුට පෙදෙතැ'න වෙහෙසන අයුර
තිරසර ගුණෙන් යුතු උතුමෙකුහට පවර
සමුදුර සියල් කිඳලක තුඹසක සුනෙර
පුවතර මෙදඹදිව මළුවක සිය ගෙදොර
ඔහු කර නොවන සැපතක් එබැවින් කවර
නොපතන් අය අනත අහසෙව් නැත නියම
එමහත් බැවින් වනසනු නොයෙදේ සැවොම
තමසින් තුළෙහි වෙර නැසුවොත් නොතබාම
වැනසෙත් ඔහු සැවොම දිය වන් ගිනි සේම
එන කල සතුන් හට සිරි සැපත මන කල
කස පල තුළෙහි දිය ලොද මෙන් වෙයි විපුල
යන කල එසිරි සම්පත් වැනසී සියල
ගජ ගල ඇතුළ මද සුන් දිවුල පල තුල
මහත් දනවතුන් ඇතිවද සුදන ගෙන
ගනිත් තමන් කටයුතු නිරිදෝ නිතින
ඇතත් කෙළ ගණන් රැස් කළ දන නොමින
බලත් ලොහො දපණ තල ගෙන තම වුවනමදයෙන් මත් මතඟ කුඹු තල පිරිමදිති
විසයෙන් දැඩි උරග උර තෙලෙහි පළඳිති
මෙලෙසින් අසිරිමත් විසිතුරු සත කෙරෙති
එමඳින් රජුන්ටත් සේවය කර රැකෙති
විහිදු තුරු සෙනඟ පිරිවර යුතු නොමින
සිනිඳු අමා කිරණින් ලොව බබුළුවන
තරිඳු දිනිඳු හමුවන නොදිලෙන ලෙසින
කෙබඳු කෙනෙක් ලුහු නොම වෙති අන් සදන
