වර්තමාන, අතීත හා අනාගත කාලය අනුව ක්‍රියා පද
 

ක්‍රියාපද ක්‍රියාව කරන හෝ සිදුවන කාලය අනුව වෙනස්‌ වෙයි.

කාලය ප්‍රධාන වශයෙන් වර්ථමාන, අතීත හා අනාගත යනුවෙන් තුනකි.

ක්‍රියා පදයන් ඒක වචන හා බහූවචන භාවය ද ස්‌ත්‍රී හා පුරුෂ ලිංග හා නපුංසක ලිංග පද භාවය අනුව ද වෙනස්‌ ලෙස යෙදේ.

ක්‍රියා පද රූප පුරුශත්‍රය එනම් උත්තම පුරුෂ හා මධ්‍යම පුරුෂ හා අන්‍ය පුරුෂ භාවය අනුවද යෙදේ.

වාක්‍ය රචනයේදී කාලය අනුවද, පුරුෂය අනුවද, ලිංගය අනුවද නිවැරදි ක්‍රියා පදයන් යෙදිය යුතුය.

සඳමාලි නටයි - ප්‍රථම පුරුෂ ස්‌ත්‍රී ලිංග ඒක වචන හෝ අනාගත - වර්ථමාන ක්‍රියාවක්‌
සඳමාලි නැටුවාය - ප්‍රථම පුරුෂ ස්‌ත්‍රී ලිංග ඒක වචන අතීත
නිළිය නැටුවාය -ප්‍රථම පුරුෂ ස්‌ත්‍රී ලිංග ඒක වචන අතීත
නළුවා නැටුවේය - ප්‍රථම පුරුෂ, පුරුෂ ලිංග ඒක වචන අතීත
නිළියෝ නටත් - ප්‍රථම පුරුෂ බහු වචන වර්ථමාන ක්‍රියාවක්‌
නිළියෝ නැටුවෝය -ප්‍රථම පුරුෂ බහු වචන අතීත ක්‍රියාවක්‌
නළුවෝ නැටුවෝය -ප්‍රථම පුරුෂ බහු වචන අතීත ක්‍රියාවක්‌

ස්‌ත්‍රී ලිංග - නටයි, නැටුවාය, නටත්, නැටුවෝය
පුරුෂ ලිංග - නටයි, නැටුවේය, නටත්, නැටුවෝය

නිළියෙකු, නළුවකු‌, නළුවකු ලෙස යෙදීම වැරදි බවත් ඒවා නිළියක, නිළියකු, නළුවෙක්‌, නළුවෙකු ලෙස යෙදීම නිවැරදි බවත් දැනගන්න.

මේ පිළිබඳව අනියමාර්ත නාම පිළිබඳව සටහනද බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017