ද්‍රව මිනුම් හා කාලය ප්‍රශ්න විසඳීම
 

ද්‍රව මිනුම් හා කාලය අතර සම්බන්ධතා දක්වන පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

1. ලීටර 1000 සහ ලීටර 200 ධාරිතාවකින් යුත් ජල ටැංකි දෙකකට ජලය මිනිත්තුවකට ලීටර් 2 බැගින් ගලා එන කරාමයකට සවිකරන ලදි.

1.1 ටැංකි දෙකම එකවර පිරෙන්නට සැලස්සුවේ නම් ජලය අපතේ නොයයි නම් කුඩා ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණද ?

1.2 කුඩා ටැංකිය පිරෙන විට විශාල ටැංකිය කොපමණ පිරී ඇත්ද ?

1.3 විශාල ටැංකියේ අඩක් පිරෙද්දී ජලය නැවතුණි නම් ටැංකි දෙකේම තිබෙන ජල ප්‍රමාණය කොපමණද ?

1.4 ජලය නැවතීමට ගතවූ කාලය කොපමණද ?

මෙම ප්‍රශ්නයට පිළිතුර දීමේදී අවධානයට ලක් කල යුතු කරුණු නම්

- ජලය මිනිත්තුවකට ලීටර 2 ක් ලැබෙන බව
- කුඩා ටැංකිය පිරෙන තුරු ටැංකි දෙකටම සමානව ජලය ලැබෙන බව
- කුඩා ටැංකිය පිරීමෙන් පසුව විශාල ටැංකිය සම්පූර්ණ ජල ධාරාව ලබාගන්නා බව.
- විශාල ටැංකියේ අඩක් පිරීමට ගතවන කාලය, කාල අන්තර දෙකකදී වේග දෙකකින් සිදුවන බව.

දැන් ප්‍රශ්නය විසඳීම පහසුයි.
මේ පිලිඹඳව රූපයක් අඳින්න.
ඔබ දන්නා දේ එහි සටහන් කරන්න.
වගුවක් භාවිතා කර එක් එක් අවස්ථාවේදී කාලය, කුඩා හා විශාල ටැංකියේ ජල ප්‍රමාණ ලකුණු කරන්න.
මේ පිළිබඳව ඔබට ප්‍රස්තාරයක්ද ඇඳිය හැකිය.

තවත් ප්‍රශ්නයක්
8. නිමාලී හා කමණී ලිඳකින් වතුර අදිති. නිමාලී ලීටර 4 ක බාල්දියකින් වතුර අදින අතර කමණී භාවිතා කරන්නේ ලීටර් 3 ක බාල්දියකි. නිමාලී සෑම මිනිත්තු 3 ක දීම බාල්දියක් අදින අතර , කමණී සෑම මිනිත්තු දෙකකදීම බාල්දියක් අදී.

පැයකදී දෙදෙනාම පුරවන වතුර ප්‍රමාණය කොපමණද ?

(c) Shilpa Sayura Foundation 2006-2017