ද්‍රව මිනුම් ප්‍රශ්න
 

ලීටර 1 කට = මිලි ලීටර 1000 යි

1. ලීටර 10 ක භාජනයක් පිරවීමට මිලි ලීටර 100 භාජනයක් භාවිතා කරයි. කී වරක් මිලි ලීටර 100 භාජනයෙන් එය පිරවිය යුතුද ?

2. සමන් දිනකට අවස්ථා තුනකදී ජලය මිලි ලීටර් 400, 600, 350 ක් පානය කරයි. ඔහු දින තුනකදී පානය කරන ජල ප්‍රමාණය කොපමණද ?

3. භාජන දෙකක පැණි බීම 380ml තිබිණි. අමුත්තන් 8 දෙනකුට 200ml බැගින් දුන් විට ඉතුරු වන පැණි බීම ප්‍රමාණය කොපමනද ?

4. 75m² වර්ගඵලය ඇති බිත්තියක තීන්ත ආලේප කිරීමට තීන්ත 750ml අවශ්‍ය වේ. බිත්තයේ 50m² ක් තීන්ත ආලේප කිරීමට තීන්ත කොපමණ අවශ්‍යද ?

5. තාර බැරලයක ධාරිතාව ලීටර 100 කි. එය 1/3 ක් පිරී තිබෙන විට තිබෙන තිබෙන තාර ප්‍රමාණය කොපමණද?

6. සාදයකට පැමිණි 15 දෙනකුගෙන් 3 දෙනකු පැණි බීම පානය නොකරයි. ඉතිරි අය අතර සමානව පැණි බීම බෙදා දෙන ලද්දේ නම් එක් අයකුට ලැබෙන පැණි බීම ප්‍රමාණය කොපමණද ?

7. ජලය කාන්දු වන කරාමයකින් මිනිත්තුවකට ජලය 8ml අපතේ යයි. එයින් පෙ.ව. 6.00 සිට ප.ව 4.30 දක්වා අපතේ යන ජල ප්‍රමාණය ලීටර වලින් කොපමණද ?

(c) Shilpa Sayura Foundation 2006-2017