ගැලීම් සටහනක් යනු යම් ක්‍රියාවලියක පියවර රූපණය ලෙස හැඳින්විය හැක.
උදාහරණයක් ලෙස පාසලට ඒම සළකන්න.
1. නැගිටීම
2. මුහුණ සේදීම
3. අම්මා අද උයලාද ?
4.1 ඔව් නම් බත් බැඳ ගැනීම
4.2 නැතිනම් මුදල් ගැනීම
5. ඇඳ ගැනීම
6. පොත් බෑගය පරික්ෂා කිරීම
7.1 අවශ්‍ය හැම දේම තියනවාද ?
7.2 නැත නම් අරගැනීම - නැවත පියවර 9
8. ඔව් නම් පිටත් වීම
.... මෙලෙස ඔබගේ දවසම ලේඛණ ගත කළ හැක.
එය ගැලීම් සටහනක් ලෙස රූපණය කිරීම වඩා පහසුය.
ගැලීම් සටහනක පියවර ක්‍රම කිහිපයකි
1. යමක් කිරීම හා ඊලඟ පියවරට යාම (NEXT)
2. යමක් පරීක්ෂා කර ලැබෙන පිළිතුර අනුව යා යුතු දිශාව තීරණය (IF <> THEN <> ELSE <>)
3. යමක් යම් වාර ගණනක් කිරීම (FOR <> NEXT)
4. යමක් පරීක්ෂා කර පිළිතුර අනුව වාර ගණනක් කිරීම (DO <> WHILE)
මුදුකාංග ක්‍රම ලේඛණයේදී ගැලීම් සටහන් භාවිතා කරයි.
පහත දැක්වෙන්නේ ප්‍රථමක සංඛ්‍යා සොයන ගැලීම් සටහනකි.