මෝටර් රථයක් ධාවනය වෙමින් පවතින අවස්ථාවල දී එන්ජිම ක්‍රියා කරවමින් පවතින විට වේගය අඩු කිරීමට සහ හදිසි අවස්ථාවල දී රථයේ වේගය ක්ෂණික ව පාලනය කිරීමට සිදු වේ. මෙවන් අවස්ථාවක දී තිරිංග (රෝධක) භාවිත කර රථය පාලනය කරගැනීම සිදු කෙරේ. මේ සඳහා විවිධාකාර රෝධක ක්‍රම සහ ඒ හා බැඳුණු වර්ගීකරණ දක්නට ලැබේ. බඳ (Drum) සහ තැටි (Disc) යනු ප්‍රධාන රෝධක වර්ග කිරීම යි.