4 පිටුව
 

පැමිණෙන ලොවට බුහුනා ගුණ යුතු නපුරු
මෙදියත නසිනු මිස යහපත නොවේ සරු
නොනැවත යුගත පත් වු සඳෙහි සත් හිරු
විකසිත නොවි දා යෙයි හැම විල් තඹරු

රුදුරු ගිනි කඳක්‌ ගත් සඳෙහි වන'තුරු
මිතුරු වේය දිහතින් හමන මඳමරු
මිතුරු නැසීමට තම වෙයි පසමිතුරු
මිතුරු නෑ කෙනෙක්‌ නිවතුන්හට කවුරු ?

සුගත් බණ ඇසු සව් සතුනි නැණවත
අතත් කිරීමට තොප සිතෙහි තැන ඇත
ඇතොත් මඳක්‌ වත් පර වැඩටත් එ සිත
කඅත් සැපත් නොම වෙද මොක්‌ පුර සැපත

බලැත් තවුන්හට බත් වෙරෙහි නොනැවත
විපත් පැමිණියත් ඉන් කිසි නිඟා නැත
මහත් විදුරු ගිරි බිතකට වැඳ අනුන
සුනත් දළ ඇතුට ලොව අපහසක්‌ නැත

නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස

කරදර දුදන පිරිසිඳ දතුවද සතර
ගොරතර සපුන් විලසින් කට මිණි ලකර
නරවර සඳුන් තුර වළඳිමිනි හැම වර
පරනට බියම මිස සැප දෙති කවර වර

උදක්‌ ඝමින් පිඹ ලූ පමණින් බැරම
පසක්‌ ලොහාම දා අළු වෙයි වෙන වෙනම
දුකක්‌ පැමිණි ගුණවත් දන ලු සුසුම
වගක්‌ නසිනු විසිතුරු කොට කියනු කිම ?

තුල සිය දිවි පුරුදු වී විසුවද නොමඳ
දුල ගුණ සුදනන්ගෙ නොදනිති දනෝ දද
විල වැඩි මැඬිහු නොදනිති පියුමෙහි සුවඳ
වල බිගු එමුවරද ගෙන මත්ව දෙති නද

කුරිරු ගොර සපුන්ගේ දළ ගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩ'ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය
නපුරු දුදනන්ගෙ සියල'ගෙහිම විසය

පරසිඳු පඬු දනන් සෙව් පමණින් මහරු
බෙලෙනිදු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු
බරණිදු ගෙල වසන නා රඳ වෙමින් ගරු
ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු

(c) Shilpa Sayura Foundation 2006-2017