අන්න බබුගෙ ඇතින්නියා
ගල් පොත්තේ සිටින්නියා
අත පිඹ පිඹ දුවන්නියා
කොබනිය කොළ කඩන්නියා
මගේ පුතා කොතන ගියේ
මානිල් මල් විලට ගියේ
එතන මලක් පිපුනායේ
එමල කඩා එන්ට ගියේ
මෙ නුඹට මුදු යහන් ඇතේ
සිනිඳු සිහින් කෙඳිත් ඇතේ
මෙ නුඹට කිසි දුකක් නැතේ
නිදා ගන්න ම සොඳ පුතේ
කන්දක් ගිනි ඇවිලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක් නිදියා ගන්නේ
විමසුම :
ඉතාම ලයාන්විත ස්වරයකට මවුවරු විසින් දරුවන් නැලවීමට භාවිතා කරයි.
ඇතින්නියා - ඇතින්නිය
පිපුනායේ - පිපුනි යන අර්ථය දේ
එමල - ඒ මල
මුදු - සිනිදු, සුමුදු
යහන් - ඇඳන්
සොඳ - හොඳ
