සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්‌ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්‌සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන
මා වවුලෝ කෑගසතී
මගෙ හුරතල් අක්‌කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිණි බින්ඳුත්
හදමු එකක් ඒ වාගේ
හඳහාමි අප දිහාව
එබී බලයි රැ හිනාව
සිහිල් සුළං රැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මඟුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපළම හැඬ ගැහිලා
