යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රඡ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි අප මහ බෝසතාණෝ හිමාලය වනයෙහි ඇත් කුලයක ඉපිද සර්වාංගය ධවල ව විශිෂ්ට රූපයක් දරන්නා වූ අසූදහසක් පමණ ඇත්තු නිරන්තරයෙන් පිරිවරන්නාහ. මහ බෝසතාණන්ගේ මෑණියන්ගේ ඇස් අන්ධ වූයේ ය.
එකල බරණැස් නුවර වසන්නා වූ වැදි පුත්‍රයෙක් වලට වැද මංමුළා වූයේ ය. දික් නියමයක් කොට නොහෙන්නේ මහහඬින් හැඬුවේ ය. මහබෝසතාණෝ ඔහු ඇඬු අඬ අසා මේ පුරුෂතෙම අනාථයකින් මා වැනි එකෙකු විද්‍යාමන ම සිටිය දී මිය ගියේ වී නම් සුදුසු නොවන්නේ යැයි ඔහු කරා ගොස් තමන් දැක භයගෙන යන්නාවූට, "එම්බල පුරුෂය, මා නිසා තට භයක් නැත්තේ ය යි ඔහු රඳවා තෝ මේ වනයෙහි කුමක් පිණිස අඬා ඇවිදි දැයි'' විචාර ඔහු විසින් "ස්‌වාමිණි මංමුළා වූයේ අදට සතියෙකැ'' යි කී කල්හි මහ බෝසතාණෝ "එම්බල පුරුෂය, තොපට භයෙක් නොකොට ගෙන ගොස් මනුෂ්‍යපථයෙහි පිහිටුවාලමි'' කියා ඒ මිනිහා පිටට නංවාගෙන වලින් මඟට බාවා මහාබෝසතාණෝ නැවත වල් වන්නාහ. පාපී වූ ඒ පුරුෂයා ද "මම නුවරට ගිල කල්හී රඡ්ජුරුවන්ට කියමි'' සිතා තමා යන්නා වූ මහා වෘක්‌ෂයෙන් හා පර්වත සලකුණු පරිකෂා කොටගෙන ගියේ ය. එකල බරණැස රඡ්ජුරුවන්ගේ මඟුලැතා වැටුණේ ය. රඡ්ජුරුවෝ ද ඒ දවස් නුවර බෙර ලබන්නාහු ඉදින් යම් කෙනෙක් කොතැනක මඟුලැත්කමට සුදුසු ඇතකු දුටුවා වී නම් කියව'' යි නුවර බෙර ලැවූහ.
එසඳ ඒ පුරුෂතෙම රඡ්ජුරුවන් කරා ගොස් දේවයන් වහන්ස, නුඹ වහන්සේට ආරෝපණයට නිසි සර්වාංග ධවල වූ ඇත්රජෙක් මා විසින් දක්‌නා ලඳී, ඔහු ළඟට මම මඟ කියමි. මා හා කැටි ව ඇතරුවන් එවා ගෙන්වා ගත මැනව යි කී ය. රඡ්ජුරුවෝ යහපතැ යි ඔහු කැටි ව ඇතරුවන් යැවුහ. ගියා වූ ඇතරුවෝ ඔහු සමඟ ගොස් බෝධිසත්වයන් විසින් පියම් විලට ගොස් ගොදුරු අනුභව කරන්නාවුන් දුටහ. බෝධිසත්වයෝ ද ඇතරුවන් දැක "මට මා විසින් මනුෂ්‍යපථයට පමුණුවා සංග්‍රහ කරන ලද පුරුෂයා සමීපයෙන් උපන්නේ ය. මම වනාහි හස්‌තීන් දහසක් දෙනා බිඳුවාපියන සහිත වූ සියලු රාජ්‍යය නසාපියන්ට සමර්ථයෙමි. එසේ ම කිපීවෙක් වම් නම් මා විසින් රක්‌ෂා කරන ලද ශීලය බිඳෙන්නේ ය. එසේ හෙයින් මේ සත්තවයෝ අද මට ශ්‍රාස්‌ත්‍ර අඩයටිවලින් කොටන්නමුත් නො කිපෙමි සිතා අධිෂ්ධාන කොට ගෙන කරබා නිශ්චලව සිටියාහ.
එකල ඇතරුවෝ ද පියුම් විලට බැස මහබෝසතාණන්ගේ ලක්‌ෂන සමෘඬිය දැක "මෙසේ එව දරුව'' යි කියා රිදී දමකට බඳු සොඬ අතින් අල්වාගෙන නික්‌ම සත්වෙනි දවස් බරණැස් නුවරට පැමිණියේ ය. බෝධිසත්තවයන්ගේ මෑණියෝ පුතණුවන් නොයන හෙයින් මාගේ දරුවන් රාජරාජාදී මහා අමාත්‍යයන් විසින් ගෙනයන ලද්දේ වන, දැන් මාගේ දරුවන් වියෝගය මේ වන ලැහැබ වැඩෙන්නේ යැයි කියමින් අඬන්නාහු මෙසේ කියත්, මේ දෙමවුපියන්ට උපස්‌ථාන කරන්නා වූ ඇත් රඡ්ජුරුවන්ගේ බැහැරයාමෙන් මේ වනයෙහි හිස ලු කිළිඳු කනේරු ආදී වූ අනේකප්‍රකාර පුෂ්පජාතීහු අතු පතු නොකැඩීමෙන් සලෝව වැඩී සිටින්නාහ. වන නෙළුම් අලගොඩ මහමු කිනිහිරි ආඳී වෘක්‌ෂජාතීහු ද අකමුල අතුපතර මා පුතණුවන් පිට උන්නාහු රජ යුවරජ ඇමති ආදී වූ අය නිර්භීත ව පස මිතුරන් බිඳ මරා රාජ්‍යය ගන්නාහ.
එකල හස්‌ත්‍යාචාරිහූ ද මහබෝසතාණන් ගෙන නුවර ට වැද පිරිබඩගෙන හරහා පිළිවෙළ කරන ලද ඇත්හලට ගෙන ගොස් සිටුවා විසිතුරු තිර බඳවා රඡ්ජුරුවන්ට දන්වා යවූහ. රඡ්ජුරුවෝ ද සතුටු ව නොයෙක් රසයෙන් අග්‍ර වූ භෝජනය ගෙන්වා ගෙන ගොස් මහාබෝසතාණන්ට දෙවූහ. බෝධිසත්වයෝ ද "මැණියන් නැති ව ගොදුරු අනුභව නො කරමැ'' යි ආලෝපයකුත් නො ගත්තාහ.
මෙසේ ගොදුරු අනුභව නොකරන්නා වූ ඇතාණන්ට යාච්ඥා කරන්නා වූ රඡ්ජුරුවෝ මෙසේ කියත්, "එම්බා ඇත්රඡෑජුරුවෙනි, යම් රාජ්‍ය කටයුත්තක් නිසා ගෙන්නුවෝ ව නම් එසේ වූ තොප විසින් සිද්ධ කරවන රාජකාරිය බොහෝ ය. එසේ හෙයින් තොපගේ ශරීරය දුර්වල නො කොට ගොදුරු අනුභවකරව'' යි කීහ. එබසට බෝධිසත්වයෝ කියන්නාහු "රඡෑජුරුවන් වහන්ස මාගේ වියෝගයෙන් බැගෑපත් කිසි පෝෂ්‍යයක් කරන කෙනෙකුත් නැති ව අන්ධ හෙයින් චණ්‌ඩෝර නම් පර්වත ප්‍රපාතයට පැමිණ එතැන්හි උල් පහන් මඩිමින් ඇවිදිනා වූ කනේරු ධේනුවත් ඒකාන්තයෙන් අඬා ඇවිදින්නී ය. එසේ හෙයින් මා ගොදුරු අනුභව කරන්නේ නැතැ'' යි කීහ.
නැවත රඡෑජුරුවෝ කියන්නාහු "එම්බා ඇත්රඡ්ජුරුවෙනි, එසේ ඇස් අන්ධ ව පෝෂ්‍ය කරන්නා වූ කිසිකෙනෙකුත් නැති ව චණ්‌ඩෝර නමි පර්වත සමිපයෙහි උල්පහන් මඩිමින් ඇවිදින්නා වූ ඇතින්නී තොප කවරෙක් දැයි" විචාළහ. එවිට බෝධිසත්වයන් වහන්සේ කියන්නාහු '' රඡ්ජුරුවන් වහන්ස, ඇස් අන්ධ ව එලෙස ඇවිදින්නා වූ ඇතින්නී නම් මා විසින් ගොදුරු ගෙනවිත් ලා පෝෂ්‍ය කරන ලද ඒ මාගේ මෑණියෝ යැයි, කීහ. එබස් ඇසු රඡ්ජුරුවෝ අමාත්‍යයන්ට කියන්නාහු "එම්බා ඇස් අන්ධ වූ මෑණියන් පෝෂ්‍ය කරමි යි මා විසින් පෝෂ්‍යය කරන ඒ මෑණියන් ගොදුරු නොලත්තේ අදින් සත් දවස ස, එසේ වූ ගොදුරු නොබලන්නා වූ මාගේ මැණියන් වියළී මියෙන්නාහු ය, උන් මළ දී ගොදුරු අනුභව කරන්නේ නැතැයි කියන ලද මෙම ඇතාණ කෙනෙක් ඇද්ද? උන් වහා මුදා ඇරපියව. ඒ ඇත්රජ තෙමේත් තමාගේ මෑණියන් හා අවශේෂ බන්ධුන් හා ද එක් ව සතුටු ව සැපසේ යෙමි, යි කියා අවශේෂ බන්ධනයෙන් මුදාපුව. ඒ බන්ධනයෙන් මිදුණා වූ ඇත් රඡ්ජුරුවෝ ද මඳක් සැතපීගෙන රඡ්ජුරුවන්ට දසරාජධර්මයෙන් බණ කියා අවවාද කොට මහජනයා විසින් ගදමල් ආදියෙන් පූජාකරමින් සිටිය දී නුවරින් පිටත් ව එදවස් ම පියම් විලට ගොස් මාගේ මෑණියන් ගොදුරු අනුභව කරවා විනා මම ගොදුරු නො ගනිමි'' බොහෝ නෙළුම් මල් ඇරගෙන ගොස් ගල්ලෙනින් පිටත් ව දොරකඩ සමීපයෙන් උන් මෑණියන් සමීපයට ගොස් නිරාහාරයෙන් වියළී ගිය ශරීරයට ස්‌නේහ පිණිස ඉස් මුදුනේ පැන් සැලුහ.
එකල මහ බෝසතාණන්ගේ මෑණියෝ වැසි වසිතියි යන සිතින් කියන්නාහු යම් බඳු වූ මට පෝෂ්‍ය කරන්නා වූ මා වදා ගත් මාගේ පුතණුවෝ අනියම්ව ගියහ. එසේ හෙයින් ශෝක කරමි. මා සමීපයෙහි දුෂ්ට වූ අනාචර්යා ස්‌වරූප ඇති කෙසේ වූ නොකල් වැස්‌සක් ද වයිනේ යැයි යනාදීන් ආක්‍රෝෂ කළාහ. එකල මහ බෝසතාණෝ අස්‌වසන්නා වූ 'මෑණියෙනි වැදෑරටවාසි වූ යස පිරිවර ඇති ඒ කසි රඡ්ජුරුවන්ගෙන් මිදිණිමි' මම නුඹවහන්සේගේ පුතණුවෙමි, ආයෙමි, එසේ හෙයන් නැඟී සිටිමින් කිමෙක් ද ගොදුරු අනුභව කරන්නැ යි කීහ.
පැහැදිලි කිරීම්
සර්වාංග - සියලු ඇඟපත · සම්පූර්ණ ශරීරය
තුමු තුමු ම- තම තමන් ම
දික් නියමක් කොට- දිසාවක් නියමකොට දැනගැනීමට
පෝෂ්‍ය කරන්නාහ- ආහාර පානාදිය ලබා දී රැක ලබාගන්නනාහ
විද්‍යාමාන ව- පෙනෙන
මනුෂ්‍ය පථයෙහි- මිනිස් වාසයෙහි
වල් වන්නාහ- කැලයට වැදුණාහ
පස මිතුරන්- සතුරන්
ස්‌වර්ණාලංකාරයෙන් සැරසුණුහු- රන් ආභරණ ආදියෙන් සැරසී
සමෘද්ධ කරන ලද- මනාව පිළියෙල කරන ලද
හස්‌ත්‍යාවාරිහු ද- ඇත්ගොව්වෝ ද
පිරිබඩගෙන- ආලේපකොට · ගා
ආලෝපයකුත් - අහර පිඩක් හෝ
උල් පහන් මැඬිමින්- තියුණු උල් සහිත ගල් කැබලි පාගමින්
කනේරු ධේනුවක් - අනෙකුත් නෑයින්
දසරාජ ධර්මය - දානය, සීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපෝ තකුණය, ක්‍රෝධ නොකිරම, අවිහිංසාව, ඉවසීම, අවිරෝධය, යන පිළිවෙත් දහය.
අවබෝධය
1. බෝසත් ඇතා තම මැණියන්ට සැලකූ ආකාරය දක්‌වන්න.
2. එම ඇතා බරණැස් රජු වෙතට පත් වූ අයුරු විස්‌තර කරන්න.
3. ඇතකුන් අසූ දහසකට නායකත්වය දුන් ඇත් රජු තම නායකත්වය අත්හැර දැමීමට හේතුව කුමක් ද ?
4. තමා ඇල්ලීමට පැමිණි අතරුවන් දුටු විට බෝසත් ඇත් රජු තුළ පහළ වූ සිතුවිලි මොනවා ද?
5. මෙම බෝසත් ඇතා කෙරෙහි දක්‌නට ලැබුණු විශේෂ ගති ලකෂණ මොනවා ද?
භාෂා හුරුව
1. නිවැරදි අක්‌ෂර වින්‍යාසය සහිත වචන තෝරන්න.
අදිෂ්ධානය, අධිස්‌ටානය, අදිස්‌ටානය, අධිෂ්ඨානය
විශිස්‌ඨ, විශිෂ්ට, විශිස්‌ඨ, විසිෂ්ඨ
උෂ්ණත්වය, ඌෂ්ණත්වය, උස්‌නත්වය, උෂ්නත්වය
අනුශාසසක, අණුශාසක, අනුසාශක, අණුසාසක
දසම භාග, දශම, දසම බාග, ධෂම භාග
2. පාඩමෙහි දුක්‌වෙන .එසඳ ඒ පුරුෂතෙම රඡෑජුරුවන් කරා ගොස්........................ ඇතරුවන් යැවූහ'' යන කොටස තෙක් පිටපත් කරන්න.
වියරණ
මම නුඹ වහන්සේ පුතණුවෙමි
තෝ මේ වනයෙහි කුමක් පිණිස හඬා ඇවිදින්නෙහි ද?
ඈ ඒකාන්තයෙන් හඬා ඇවිදින්නී ය.
පාඩමෙහි ඇතුළත් මෙම වාක්‍යවල දැක්‌වෙන මම යන නාම පදය ඇතා වෙනුවට ද, තෝ යන නාම පදය වැදි පුත්‍රයා වෙනුවට ද ඈ යන නාම පදය ඇතින්න වෙනුවට ද යෙදී ඇත. මෙසේ නාම පදක් වෙනුවට පොදුවේ යෙදහි හැකි වෙනත් නාම පදවලට සර්ව නාම යන නම ව්‍යවහාර වේ.
මෙසේ යෙදෙන තවත් සර්ව නාම පද කිහිපයක් පහත දැක් වේ.
මම , අපි, ඔබ, තී, තෙපි, හේ, ඔහු, ඒ, මේ, ඕ, ඔවුහු
1 . පහත දුක්‌වෙන වාක්‍යවල හිස්‌තැනට සුදුසු සර්වනාම පදය තෝරා දක්‌වන්න.
අපි ............................................. හඳුනමු (ඔවුන්· යහළුවන්)
.............................. මා සතකු පොත් ගත්තෙහි ද? (තෝ· මිතකුරා)
................................ වැඩ නිම කළෝ ය. (ඔවුහු· ගොවියෝ)
................................... මගේ මිතකුරෙකි (ලාල් · ඔහු)
ගුරුතුමා ........................ ඇමතී ය. (ශිෂ්‍යයන් · අප)
උණ ගැනී සිටි ................................ බැලීමට ගකුරුතකුමා පැමිණියේ ය. (මා · ළමයා)
................................. මිහිරි ගීයක් ගැයුවා ය. (ගායිකාව· ඈ)
වදුරුව බිම වැටුණුත් ......................... නො බිදිණි. (එය · වදුරුව)
ක්‍රියාකාරකම්
1. මේ පාඩම ශබ්ද නගා කියවන්න
2. මේ කථාව පන්තිය ඉදිරියේ කියන්න.
3. "මව්පිය උපස්‌ථානය'' යන මාතෘකාව යටතේ වාක්‍ය රචනයක් ලියන්න.