රත්තරන් - 2 කොටස
 

2 ජවනිකාව
(මහලු ස්‌ත්‍රියගේ පුතාලගෙ ගෙදර. පුතා එළිපත මත වාඩි වී. බුලත් විටක්‌ සපමින් සිටී.)


පුතා: (වම් පස බලා කිසි අමුතු දෙයක්‌ දුටුවාක්‌ මෙන් මඳක්‌ මවිත ව කට අයාගෙන සිට, නැවත හැරී, බුලත් කොළයක්‌ කඩාගෙන කමින්) හානේ. හනිච්චං. දුක්‌කං සංසරයක හැටි!


ලේලී: (පොළොව අමදිමින් සිට කොස්‌ස අතෙහි ඇති ව එළියට අවුත්) මොකොද උඹ හූල්ල හූල්ල ඉන්නෙ. එළිපත උඩ වාඩිවෙලා මේ උදේ පාන්දර? නරකය හේනට ගිහිල්ලා වැඩ කළා ම? දැන් හේන් දිහා බලන්නේ වත් නෑ. එන්න එන්න ම කම්මැලි වෙනවා.
පුතා : නෑ බන්. අර ඈතින් එන ගැණීව දැකලා, මට අම්මව මතක්‌ වුණා හරියට ම අම්මා වගේ ම යි ගමන.
ලේලි: උඹ අම්මා ගැන හිත හිතා ඔහොම උඩ බලාගෙන හිටපන් දවස තිස්‌සෙ. එතකොට අපට හරියාවි. අම්මාගෙ තුරුල්ලෙ ඉන්න ඕන නම් මොකොට ද හිරයක්‌ ගත්තෙ?
පුතා: (නැවත වම් පස බලමින්) අනිච්චං දුක්‌කං සංසාරෙ! අනේ උන්දැව පණ පිටින් පුළුස්‌සලා දාපු හැටි.
ලේලි: උන්දෑ ගැන නම් හැමදාම කියාවි. මා ගැන හිත උණු වෙන්නෙ නෑ මොහොතක්‌ වත්. උන්දෑ මට කරපු වෙනස්‌කම් උඹ දන්නෙ නැතුව වගේ.
පුතා: ඇ බන්................ ඔය එන්නෙ අම්මා නේ ද අර කරත්තෙත් එක්‌ක? ඇරපු අතක්‌ නෑ අම්මා වගේ ම යි. ඔව් බන්. අම්මා තමයි. (නැඟිටියි)
ලේලි : (බලා) එහෙනම් උඹ මේ පාරත් කරලා තියෙන්නෙ තක්‌කඩිකම. අම්මව පුළුස්‌සනවයි කියලා මාව රවටලා තියෙනවා.
පුතා: ඇයි බන් එහෙම කියන්නෙ? උඹ බලාගෙන ඉන්දැද්දි නේ ඇඳට ගිනි තිබ්බෙ.
ලේලි: කොහොම ද දන්නේ උඹෙ තක්‌කඩිකම්? උඹ අපේ අම්මව ගිනිහිල්ලා ගඟේ දැම්මේ, උඹේ අම්මාය ගෙනියනවයි කියලා? දුප්පත් අම්ම (කඳුලු පිසිමින්) අමිමා හිටිහනමි මම මෙහෙම දුකක්‌ විඳින්නෙ නෑ.
පුතා : (ප්‍රීතිමත් විලාසයෙන්) අම්මා තමයි ඔය එන්නෙ. ඇයි බොල, කොයින් ද මේ කරත්තයක්‌ පුරවලා බඩු?
ලේලි: මං යනවා. මං ගිහිල්ලා ලිඳේ පනිනවා. මට බෑ උඹේ අම්මත් එක්‌ක ආයෙත් මෙතන වාසය කරන්න. (ගේ ඇතුළට යයි. මහලු ස්‌ත්‍රිය වටිනා ඇඳුම් කට්‌ටලයක්‌ ඇඳගෙන කනකර ආයිත්තම් පැළඳගෙන වම් පසින් ඇතුළු වෙයි.)
පුතා: (ඇය ළඟට ම ගොස්‌ නරඹා) මේ ඇත්තෙන් ම අම්මා ද? උඹ කොහේ ඉඳන් ද මේ එන්නෙ?
ස්‌ත්‍රිය: පරලොව ගිහිල්ලා බන් එන්නෙ. (පිතට බලා) කරත්තෙ තියෙන මලු ටික මෙහේ ගෙනත්, එක එක.
පුතා: මොනව ද මේ කරත්තෙ පටවගෙන බඩු?
ස්‌ති්‍රට: ඒ මට පරලොව දී ලැබිච්ච ඒවා.
පුතා: (විස්‌මයෙන්) පරලොව ඳී ලැබ්ච්ච ඒවා? (කරත්ත කරු මලු දෙකක්‌ ගෙනැවිත් බිම තබයි) මොනවද මේ මලුවල තියෙන්නෙ.?
ස්‌ත්‍රීය: රත්තරන් පුතේ, රත්තරන් (කරත්තකරුට) කෝ ගෙනෙන් කො ඉක්‌මනට ඕවා. (කරත්තකරු වරින්\ වර ඇතුළු ව මලු කීපයක්‌ බිම තබා යයි)
පුතා: (මලු අත ගා) රත්තරන් ? මේ හැටි ගොඩක්‌ රත්තරන් (ප්‍රීතියෙන් ඉපිලී, තම භාර්යාවට ආමන්ත්‍රණය කරමින්) බොල ජෝසිනා, මෙහෙ වරෙන්! බලපන් අපේ අම්මා රත්තරන් ගෙනත් තියෙන තරම්. රත්තරන් මලු පිටින්! ඇවිත් බලපන් කො (මෙසේ කියමින් ඇතුළට යයි. ලේලි ඉක්‌බිති ව පැමිණෙයි)
ලේලි: රත්තරන් මලු දෙස බලා (එකක්‌ දෙකක්‌ අත ගා) මේ රත්තරන්? මේ මලුවල? (ස්‌ත්‍රිය දෙස බලා, ඇගේ ඇඳුම් පැළඳුම් ආදිය මැනවින් පරිකෂා කොට) අනේ අම්මෙ උඹ මැරුණයි කියලා අපි මොන දුකකින් ද හිටියෙ. උඹ කොහේ ඉඳන් ද මේ එන්නෙ?
ස්‌ත්‍රීය: මම පරලොව ගියා නේ දුවේ.
ලේලි: පරලොව ගියා?
ස්‌ත්‍රිය: ඔව් පරලොව තමයි. ඇයි උඹලා මාව ආදාහන කළා මතක නැද්ද?
ලේලි: ඔව් ඉතිං, උඹ මැරුණයි කියලා හිතාගෙන, අපි උඹව සොහොනට ගෙන ගොහිල්ලා ආදාහන කළා තමයි.
ස්‌ත්‍රිය  : ඒ පාර මං පරලොව ගියා.
ලේලි: මට තේරෙන්නෙ නෑ මේක. උඹ පරලොව ගියා නම් ආපහු ආවෙ කොහොම ද?
ස්‌ත්‍රීය: ඇයි දුවේ උඹලා මාව ආදාහනය කරන කොට මම මැරිලා නොවෙ නේ හිටියෙත්, මං හිටියෙ නිදාගෙන යි.
ලේලි: හැබෑවට ම? අනේ පව්! උඹව අපි පණ පිටින් නේ එහෙනම් ආදාහන කරලා තියෙන්නෙ. (පුතා දෙසට අත දික්‌කරමින්) මුන්දෑ තමයි කිව්වේ උඹ මැරිය යි කියලා. ඒත් මම කිව්වා හොඳට බලන්නෙ යි කියලා. අදාහන කරන්න ඉස්‌සර.
පුතා : නෑ. මම කිව්වෙ නිදාගෙන ය කියලා. උම තමයි මැරිලයි කිව්වෙ.
ලේලි : නෑ. නෑ. මමයි කිව්වෙ නිදාගෙන ය කියලා. උඹ තමයි මැරිලයි කිව්වෙ.
ස්‌ත්‍රිය: නෑ. වෑ. ඒකට කමක්‌ නෑ දුවේ. මට ඒකෙන් ලොකු වාසියක්‌ වුණා. මට මේ ඔක්‌කොම වස්‌තුව ලැබුණා පරලොව දී.
පුතා: ඒ කොහොමද අම්මේ
ස්‌ත්‍රිය: ඇයි පණ පිටින් පරලොව ගියා ම වස්‌තුව ලැබෙනවයි කියලා උඹලා අහලා නැද්ද?
පුතා: මං නම් අහලා නෑ මීට ඉස්‌සර.
ලේලි: ඔහොම කතාවක්‌ අම්මා ද කොහෙද කියනවා මං අහල තියෙනවා.
ස්‌ත්‍රිය: මං හිතුවා ඕක නිකම් ගම කතාවක්‌ය කියලා. මේ පාර තමයි මට හැබෑ ගියෙ.
ලේලි: කොච්ච්ර ලස්‌සන ඇඳුමක්‌ ද උඹට හම්බ වෙලා තියෙන්නෙ! මේ කනකර බඩු එහෙම හම්බ වුණෙත් එහෙන්ද?
ස්‌ත්‍රිය: ඔව්. ඔව්.. මේ ඔක්‌කොම ලැබුණෙ පරලොව ඳී නැත්නම් මට කොයින් ද මේවා? (කරත්ත කරු වරින් වර නොයෙකුත් දේ ගෙනවිත් තබයි. ලේලි ඒවා පරිකෂා කරයි)
ලේලි : පරලොව කොයින් ද අම්මේ, මේ හැටි රත්තරන්? කනකර ආයිත්තම්, ඇඳුම් එහෙමත් එහෙ තියෙනවා ද?
ස්‌ත්‍රිය: ඇයි නැත්තෙ? පරලොව වස්‌තුවෙන් පිරිලා නේ. හැම ජාත්]යෙ ම වස්‌තු තියෙනවා. එහේ - රත්තරන්, මු;; මැණික්‌, ඇඳුම් පැළඳුම්.....
ලේලි : ඉතින් කවුද උඹට මේවා දුන්නෙ?
ස්‌ත්‍රිය: කවුරුවත් දෙන්න ඕන නෑ ඔහේ ඕන කෙනෙකුට ගෙනියන්න ඇහැකි. ඒවා කාටවත් අයිති නෑ. ගබඩා පුරවලා තියෙනවා. යන කෙනෙකුට හිතේ ආසාවේ හැටියට පොදි බැඳාගෙන ගෙනිච්චැහැකි.
ලේලි: අනේ අම්මේ, මටත් යන්න ඇත්නම් පරලොව. මට කනකර බඩුවක්‌ වත්, සැහෙන ඇඳුමක්‌ වත් නෑ නේ. වෙන ගෑනුන්ට වගේ (ස්‌වාමියා දෙස රවා බලයි)
ස්‌ත්‍රිය: ඇයි ඉතිං උඹටත් බැරිය පරලොව ගිහින් එන්න, මං වගේ. (කරත්තකරු පොදි සියල්ලක්‌ ම ගෙනැවිත් තබා, පසෙක සිටී) උඹ ඔක්‌කොම ගෙනාවා ද?
කරත්තකරු: (බැගෑපත් ලීලාවෙන්) එහෙමයි.
ස්‌ත්‍රිය: (කුඩා රන් පොදියක්‌ තෝරා එය කරත්තකරුට දෙමින්) ඉඳා. උඹ මේ රන් පොදිය තියාගනින් උමේ මහන්සියට.
කරත්තකරු: (විස්‌මයට පත් ව) අනේ, ඔබ වහන්සේට පින්සිද්ද වෙච්වාවේ. මේ තරම් වස්‌තුවක්‌ මට මුළු ජීවිතේ ම හම්බ කරන්න ලැබෙන්නෙ නෑ. දැන් මගේ මහලු වයසට මට නිකන් ඉන්න පුළුවනි. මැරෙන කල් වැඩ කරන්නෙ නැතුව, ඔබ වහන්සේට සියලු දෙවියන්ගෙ පිහිටයි. (වැඳ නමස්‌කාර කොට නික්‌ම යයි)
පුතා : අම්මට හරියට ගරු සම්මාන ලැබෙනවා නේ.
ස්‌ත්‍රිය: වස්‌තුව තියෙනවා නම් කාගෙන් ද ගරු සම්මාන ලබන්න බැරි?
ලේලි: දුප්පත් කමට උපදිනවට වඩා හොඳයි නරකාදියට යන එක. මොකොට ද මෙහෙම කාලකණ්‌ණි ජීවිතයක්‌ ගත කරලා?
ස්‌ත්‍රිය: උඹ කරදර වෙන්න එපා දුවේ. උඹට පරලොව ගිහිල්ලා ඕන ඕන හැම දෙයක්‌ ම ගේන්න පුළුවන්. හැබැයි, මං වගේ පණ පිටින් ම ආදාහන කරවගන්න ඕන.
ලේලි: අනේ අම්මේ, පන පිටින් ආදාහන කරන කොට මොන දුකක්‌ විඳින්න ඕන ද? ගින්නෙ දැවෙන කොට ඉවසන්න පුළුවනැයි?
ස්‌ත්‍රිය: එහෙනම් මම ඉවසුවේ? මුලදී ටිකක්‌ අමාරුයි. ටික වෙලාවක්‌ ගියායින් පස්‌සෙ ඕක දැනෙන්නෙ නෑ.
ලේලි: ආ, අම්මේ, බැරි ද වෙන කෙනෙක්‌ ව අරින්න මං වෙනුවට (තම සැමියා පෙන්නමින්) බැරි ද මුන්දැට ගිහිල්ලා ගේන්න. මට ඕන කරන බඩු මුට්‌ටු එහෙම?
ස්‌ත්‍රිය: (සිනාසෙමින්) එහෙම ලැබෙන්නෙ නෑ. දුව, පරලොව දී. තමන් ම යන්න ඕන. නැත්නම් තමන්ට ඕන දේවල් ගේන්න බෑ. කනකර ආයිත්තම් එහෙම දෙන්නෙ ගෑනුන්ට විතරයි.
පුතා: උඹ ගියොත්, ගෙදර දොරට වුවමනා කරන දෙයක්‌ ගේන්න පුළුවනි. ඒක තමයි හොඳ.
ලේලි: ඔව්. හොඳ තමයි. උඹට මෙතන උඩ බලාගෙන ඉන්නයි, මට ගිහිල්ලා ගෙදරට වුවමනා කරන දේවල් ගේනනයි. මම ගෙදරට කිසි දෙයක්‌ ගේන්නෙ නෑ. මට ඕන කරන දේ විතරයි මම ගේන්නෙ.
ස්‌ත්‍රිය: හොඳයි. හොඳයි. ඒවා බේරගන්න බැරිය පස්‌සෙ. උඹ දැන් ම ගිහිල්ලා වරෙන් දුවේ. මොකට ද කල් දමන්නෙ? පුතාට ඕන නම් වෙන දවසක යන්න බැරිය?
ලේලි: ඔව් අම්මෙ දැන් ම ගියොත් හොඳයි. එහෙනම් උඹ මාව ආදාහනය කරනවා ද?
ස්‌ත්‍රිය: ඔව් දුවේ, උඹ කැමැති නම් දැන් වුණත් මං උඹව ආදාහනය කරන්නම්. මම කෙළෙහි ගුණ නොසලකන ගෑනියෙක්‌ නෙවේ. උඹ මට කරපු යහපත නිසා තමයි අද මට මේ වස්‌තුව අයිති වුණේ. ඉතිං මමත් උඹට ඒ විදියෙ ම යහපතක්‌ කරන්න ඕන.
ලේලි: අනේ අම්මා කොච්චර කරුණාවන්ත ද! අපේ අම්මටත් වඩා හොඳයි.
ස්‌ත්‍රිය: (යන්ට සැරසෙමින්) හැබැයි, මං කියන හැටියට ඉන්න ඕන. දර ගොඩ ගිනි ගන්න කොට, ටිකක්‌ අපහසු ගතියක්‌ දැනේවි. නමුත් හෙල්ලෙන්නෙ නැතුව ඉන්න ඕන. ඇස්‌ දෙන පියාගෙන. එහෙම ටික වෙලාවක්‌ ඉන්න කොට එලොව පේනවා. මම කියන්නෙ මගේ අත්දැකීමෙන්.
ලේලි: හොඳයි, අම්මා කියන හැටියට මං පිළිපදිනවා.
ස්‌ත්‍රිය: (පුතාට) උඹත් වරෙන් පුතේ, මට දර ගොඩක්‌ එකතු කරන්න උදවු වෙන්නත් එක්‌ක. (ඔවුහු තිදෙනා නික්‌ම යති. ඉක්‌බිති යම පල්ලන්ගෙ බිහිසුණු විලාසය පාන නළුවෝ කිප දෙනෙක්‌ අනික්‌ පසින් වේදිකාවට අවුත් ගී ගයා නටති. අවසානයේ තිරය සෙමින් වැසේ.)


යම පල්ලන්ගේ කවි


මනු ලොව ඇති රැස්‌ කර ගන්නේ
ලෝබ කරන සිත නොම සැනසෙන්නේ
මනුලොව නැති දන තවත් සොයන්නේ
පරලොව යන්නට මාන බලන්නේ


නැති වෙන වස්‌තකුව ඇවි ද සොයන්නේ
ඇයි ද කකුලල් කා එකතකු කරන්නේ
පරලොව යන කොට නෑ ගෙන යන්නේ
පරලොව ගොස්‌ නැත ආපසු එන් නේ


ලේලිට නැන්දව නෑ රුස්‌සන් නේ
නැන්දට ලේලිව නෑ රුස්‌සනනේ
නැන්දා මරන්නට මාන බලන්නේ
නැන්දා ලේලිව අළු කරගන්නේ


දර සෑයේ ගිනි අවුලන්නේ
ගිනි ඇවිලෙන කොට නොම ඉවසන්නේ
පරලොව යන්නට ගිනි දල්වන්නේ
වසතකු ගේන්නට පරලොව යන්නේ


යම පල්ලේ අපි ඇවිත් සිටින්නේ
යම රජුගේ අණ ඉක්‌ම නොයන්නේ
මළ ඇත්තන් පරලොව ගෙන යන්නේ
පරලොව ගොස්‌ නැත ආපසු එන්නේ.


කොරෝදෙටයි මෙසේ පඩිසන් දෙන්නේ
ලෝබකමයි මෙසේ පල ගෙන දෙන්නේ
ඇයි ද මෝඩ දනා ලෝබ කරන්නේ
කොරෝදය නිසා ඇයි වැනසෙන්නේ


ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන් ඩෙනෝ


මහාචාර්ය එදිරිවර සරත්චන්ද්‍ර
 
 
අවබෝධය
 
1. බිරියගේ බලපෑම නිසා ම මවට අයහපතක්‌ කිරීමට තැත් කළත්, ඔහු මවට සෙනෙහස දැක්‌වූ බව ප්‍රකාශ වන අවස්‌ථාවක්‌ ඉදිරිපත් කරන්න.


2. තම ලේලියට පාඩමක්‌ ඉගැන්වමට සිතූ මහලු ස්‌ත්‍රිය ඒ සඳහා යෙදු ක්‍රියා මාර්ගය විස්‌තර කරන්න.


3. ලේලිය හා මහලු ස්‌ත්‍රිය යන චරිතවල මතුවෙන ප්‍රධාන ලකෂණ ලියන්න.


4. ස්‌ත්‍රිය ප්‍රකාශ කළ පරිදි පරලොව පිළිබඳ ව දක්‌වා ඇති තොරතුරු මොනවා ද?


5. උඹ මට කරපු යහපත නිසා තමයි අද මට මේ වස්‌තුව අයිති වුණේ යන්නෙන් අදහස්‌ කළේ කුමක්‌ ද?


6. මෙම නාට්‍යයෙන් ලබාගත හැති ආදර්ශ මොනවා ද?


භාෂා හුරුව
1. පහත දුක්‌වෙන ප්‍රකාශවල අදහස්‌ ලියන්න.
  උඩ බලාගෙන ඉන්නවා
  හූල්ල හූල්ල ඉන්නවා
  ගහිත උණු වෙනවා
  පරලොව ගියා
  පොදි බැඳගෙන යනවා


වියරණ
සුදුසු විරාම ලකෂණ ඇතුළත් කොට මේ වාක්‍ය නැවත ලියන්න.


 අනේ මා බේරාගන්න
 ගමරාල දුටු හාමුදුරුවෝ මොකද ගමරාල යැයි ඇසූහ.
 එතැනට පැමිණි ගස අයිතිකරු කිතකුල් ගසට නැග්ගේ ඇයි දුයි ඔහුගෙන් ඇසුවේ ය.
 කළුවෝ උඹ හෙට උදේ මාරපන් යන් ඕනෑ.
 ඔහු අසළට ගිය තරුණයා ලොකකු උන්නැහේ දොම්පෙට යන පාර මේක ද කියා ඇසුවේ ය.


ක්‍රියාකාරකම්
1. මේ නාට්‍යයේ සඳහන් කතාව පන්තියට ඉදිරිපත් කරන්න.
2. මේ නාට්‍යය රඟ දක්‌වන්න.
3. මහලු ස්‌ත්‍රියට මුහුණ පෑමට සිදු වූ හිංසා පීඩා ආඳීය ඇය විස්‌තර කරන ආකාරය පන්තියට කියන්න.
4. ඔබ දන්නා ජන කතාවක්‌ ඇසුරින් නාට්‍ය පිටපතක්‌ සකස්‌ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017