බොහෝ ඉහත කාලයේ චීනයෙහි චුවාං ජන කොටස විසූ පෙදෙසෙහි තාන්පු නම් වයසක ස්‌ත්‍රියක් වාසය කළා ය. ඇයගේ ස්‌වාමි පුරුෂයා ජීවතුන් අතර නො සිටියේ ය. තාන්පු තම පුත්‍රයන් තිදෙනාත් සමඟ එක් මිටියාවතක වූ කුඩා පැල්පතක ජීවත් වූවා ය.
ඇයගේ වැඩිමහල් පුත්‍රයා ලේසේ නම් විය. දෙවෙනි පුත්‍රයා හැඳන්වුණේ ලෙතු ඉයේ නමිනි. බාල පුත්‍රයා ලේඡේ නම් වූයේ ය. චූවාංහි වැසියෝ රෙදි විවීමෙහි, විශේෂයෙන් ගෙත්තම් කිරීමෙහි කීර්තියක් ඉසිලුහ. ඔවුන්ගේ ගෙත්තම් චුවාං ගෙත්තම් නමින් රට පුරා ප්‍රකට විය. තාන්පුට ගෙත්තම් කිරමේ ලා තිබුණේ. සහජ දක්‌ෂතාවයකි. ඇය ගෙත්තම් කළ මල්, ශාක හා කුරුල්ලන් ජීවමාන සේ දිස් විය. මෙසේ විසූ ගෙත්තම් විකුණා ලැබුණු මුදලින් ඕ සිය පවුල නඩත්තු කළා ය.
දිනෙක තාන්පු තමා කළ ගෙත්තම් විකුණා සහල් ගැනීමට නගරයට ගියා ය. නගරයේ එක් සාප්පුවක තිබුණු ඉතා ලස්‌සන පින්තූරයක් ඇයගේ සිත් ගත්තේ ය. ඒ වූ කලී සුන්දර ග්‍රාමයක පින්තූරයකි. - උස් ගොඩනැගිලි, පියකරු උද්‍යාන, ගොයම් පැහී කරල් බර වූ කෙත්, එළවළු වතු පලතුරු, මාළු, පොකුණු ආඳී සකලාංග පරිපූර්ණ වූ ග්‍රාමයකි. කුකුළෝ ද, තාරාවෝ ද, ගවයෝ ද, බැටළුවෝ ද එහි නො අඩුව දක්‌නට වූහ. තාන්පු පින්තූරය දෙස ඇසිපිය නො හෙළා බලා සිටියා ය. ඇය ඉන් කොතරම් වසඟයට පත් වූවා ද යතහොත් එය මල දී ගැනීමට ඇයට සිත් විය. අන්තිමේ දී සහල් ගැනීමට ඇය අතේ ඉතිරි වූයේ සුළු මුදලකි.
තාන්පු පින්තූරය රැගෙන එන අතරමඟ තැනින් තැන නතර ව පින්තූරය දෙස බැලුවා ය. 'හං මේ වගේ ගමක මටත් ජීවත් වෙන්න ඇත්නම්' යි ඕ තමාට ම කියා ගත්තා ය. ගෙදර පැමිණ වහා තාන්පු පින්තූරය පුත්‍රයන් තිදෙනාට ද ප්‍රදර්ශනය කළා ය. ඔව්හු ද ඊට ආශා කළහ.
'මේ වගේ ගමක අපටත් ජීවත් වෙන්න තියෙනව නම් හරි වාසනාවක් නේ ද ලේමේ' යි ඕ තම වැඩිමහල් පුත්‍රයාගෙන් විමසුවා ය. 'ඒක නිකම් ම නිකම් පුහු හීනයක්' යි ලේමේ ඇයගේ අදහසට සමච්චල් කෙළේ ය.
'මේ වගේ සුන්දර ගමක ඉන්න අපටත් ලැබෙනව නම් ලොකු ඉයේ කොයිතරම් අගේ දැ' යි ඕ දෙවැනි පුත්‍රයාට ද කීවා ය. 'එහෙනම් අනික් ලෝකේ දී තමයි' යි ලොකකු ඉයේ ද සරදම් කෙළේ ය.
මුහුණ ඇඹුල් කරගෙන ඔවුන් දෙස රවා බැලු තාන්පු තම බාල පුත්‍රයා, ඔබට හොඳට ගෙත්තම් කරන්න පුළුවන්, චුවාං ගෙත්තම්වල ඔබ මවන රූප හරියට ම ජීවමාන රූප වගෙයි. ඉතිං මේ පින්තූරෙ පිටපතක් ගෙත්තම් කරන්න ඔබට පුළුවන් නෙ. එතකොට ඔබට සෑහෙන වේලාවක් පින්තූරේ තියෙන ගමේ ම ජීවත් වෙන්න පුළුවන් යි කීවේ ය.
තාන්පු මොහොතක් කල්පනා කොට තොල් මතුළා ය 'ඔව් ඔබ කියන එක හරි මම මේ වගේ ම ගෙත්තමක් කරන්න ඕනෑ'. තාන්පු නොයෙක් වර්ණයන්ගෙන් යුත් සේද නූල් ගෙනාවා ය. අළුව සූදානම් කරගෙන වියමනට පටන් ගත්තා ය. දිනක් පාසා මසක් පාසා ගෙත්තමෙහි යෙදුණා ය. මවගේ මේ කටයුත්ත ගැන ලේමේත් ලොතු ඉයේත් බෙහෙවින් නොසතුටු වූහ.
ඇතැම් විට ඔවුහු මවගේ අත අළුවෙන් ඉවතට ඇද දමා තදබල ලෙස දෝෂාරෝපණය කළහ. ඔබ හැම තිස්‌සෙ ම වියනවාදැ රෑ තිස්‌සෙත් වියනවා. ඒ වුණාට කවදාවත් විකුණන දෙයක් නැහැ. අපි දර පලලා හම්බ කරන දේවලින් තමයි ඔබ ජීවත් වෙන්නෙ. අපට දැන් දර පල පල ඇති වෙලයි තියෙන්නෙ. මෙයින් පස්‌සෙ නම් දර පලන්නෙ නැහැ.
එහෙත් ලේඡේ මව කෙරෙහි දුක්‌වූයේ විශාල කරුණාවකි. අම්මා ඔහෙ වියපුවාවේ. ඔය ලස්‌සන ගම ගෙත්තමකට නඟපුවාවේ. නැත්නම් අම්මාගේ බලාපොරොත්තුව කඩ වෙලා පණ යන්ටත් පුළුවන් දැ යි හේ තම සහෝදරයන් දෙදෙනාට පවසා තනියම දර පැලීමට පටන් ගත්තේ ය. එතැන් පටන් මුළු පවුල ම ජීවත් වූයේ ලේඡේ තනියම දර පලා ඉපයූ ආදායමෙනි.
තාන්පු දිවා රෑ දෙකෙහි ම ගෙත්තම් වැඩහි යෙදුණා ය. රාත්‍රී කාලයෙහි ඇය වැඩෙයි යෙදුණු පයින් දරවලින් මොළවා ගත් ගිනිමැලයේ ආලෝකයෙහි, ඉන් නැගුණු දුම නිසා ඇයගේ ඇස් දෙක රතු ව ගියේ ය. එහෙත් අයගේ කටයුත්ත නිමාවට පත් වුයේ නැත. අවුරුද්දක් ගත් විය. ඇයගේ ඇස්‌වලින් වැගිරුණු කඳුළු කැට ගෙත්තම මත කඩා වැටෙන්නට වන. ඕ තොමෝ ඒවා පැහැදිලි ගංගාවක් හා වටකුරු මාළු පොකුණක් බවට පරිවර්තනය කළා ය. අවුරුදු දෙකකට පසු ඇගේ ඇස් දෙකෙන් ලේ බිඳු ගෙත්තම මත පතිත විය. ඕ තොමෝ ඒ ලේ රක්‌තවර්ණ සූර්යයා හා දිලිසෙන මල් බවට පරිවර්තනය කළා ය.
තාන්පු දිගට ම වියාගෙන ගියා ය. තුන්වෙනි අවුරුද්දේ දී ගෙත්තම නිමාවට පත් කළා ය. ඕ! ඒ වුවාං කොතරම් සිත්කලු ද? එය සකලංග සම්පූර්ණ විය. මහේශාක්‍ය මන්දිර, නිල්වන් උළු සෙවෙණි කළ කොළ පැහැති බිත්ති, රතු පාට කණු, කහ පැහැයෙන් දිලිසෙන දොරටු - හැම දෙයක් ම එහි විය. මන්දිර අභියස පියකරු උද්‍යානයනකි. එම උද්‍යානයෙහි අලංකර මල්ගොමු විය. පොකුණක රන්වන් මාළුවෝ ලෙළදෙමින් පීනා ගියහම. වම් පසෙහි පලතුරු උනයකි. නන් වැදෑරුම් කුරුල්ලෝ ගස් වටා පියෑඹූහ. දකුණු පසෙහි එළවළු වත්තකි. මන්දිර පිටිපයින් ගව බැටළු ආදීන් සැරිසැරූ තණ පිට්‌ටනියකි. කඳු පාමුල රන්වන් කරලින් බර වූ කෙත් යායකි.
පැහැදිලි නදියක්, ගම ඉහද්දරින් ගලා ගියේ ය. අහසෙහි රක්‌තවර්ණ සූර්යයා රැස් විහිදුවමින් බැබළුණේ ය. ඕ! කොතරම් අලංකාර ද ලෙමේත්, ලෙතු ඉයෙත්, ලේඡේත් එක්‌වර පළ කළහ. තාන්පු ගෙත්තම දිගහැර ඇඟමැලි කඩා ලේ මෙන් රත් වූ ඇගේ ඇස් දෙක පිරිමැද්දා ය. සිනා රැල්ලකින් ඇයගේ මුව සැරසිණි. ඉන් පසු තොල් විවෘත ව මහ සිනා හඬත් නිකුත් විය.
ඉක්‌බිති එක් සැණෙන් බටහිර දෙස සිට සැඩ සුළඟක් හමා ආයේ ය. එකෙණෙහි ම ගෙත්තම ඒ සුළඟට හසු විය. දොරටුවෙන් ඉවතට විසි විය, අහසට නැඟුණි. ඉන් පසු එය නැගෙනහිර දෙසට ගසාගෙන ගියේ ය. විදුලියක බඳු වේගයෙන් තාන්පු ඒ පසුපස ලුහුබැන්දා ය. මහ හඬින් කෑ ගැසුවා ය. එහෙත් අසුරුසැණින් ගෙත්තම නො පෙනී ගියේ ය. අසරණ තාන්පු ගෙමිදුලෙහි සිහිසන් නැති ව ඇද වැටුණා ය.
සහෝදරයන් තිදෙනා විසින් තාන්පු ගෙය තුළට ඔසොවා ගෙන යනු ලැබුවා ය. නැවත සිහි ලැබුණු විට තම වැඩිමහල් පුත්‍රයාට කථා කොට, ලේමේ නැඟෙනහිර පැත්තට ගිහින් මගේ ගෙත්තම සොයාගෙන එන්න. ඒක නැති වෙච්ච එක මගේ ජිවිතේ නැති වුණාට වඩා පාඩු යි.
ලේමේ හිස වනා තම පිදුරු සෙරෙප්පු ජෝඩුව පය ලාගෙන නැඟෙහිර දෙස බලා පිටත් ව ගියේ ය. මාසයක් මුළුල්ලේ ගමන් ................. අන්තිමේ දී හේ කඳු දුර්ගයකට ළඟා වූයේ ය. එහි පර්වත ............................. පර්වත ගෘහයේ දකුණු පසෙහි ගල් අශ්වයෙක් සිටියේ ය. ඒ ඉදිරියෙහි වූ බෙරි ගසේ රතු ගෙඩි කෑමට සැරසුණු විටෙක මෙන් උගේ කට විවෘත තිබිණි. පර්වත ගෘහය ඉදිරිපස සිටි සුදු පාට කෙස් ඇදි මහලු ස්‌ත්‍රියක් ලේමේට කථා කළා ය. දරුව ඔබ කොහි ද මේ යන්නෙ?.
මම චූවාං ගෙත්තමක් සොයන්නයි ආවෙ. මගේ ම අවුරුදු තුනක් වෙහෙසී වියූ ඒ ගෙත්තම මහා සැඩ සුළඟකට අසු ව නැඟෙනහිර දෙසට ගසාගෙන ආවා. ගෙත්තම උදාගිරේ සුරංගනාවො අරගෙන ගිහින්. ඒ ගොල්ලන්ගේ ගෙත්තමට ආදර්ශයකට ගන්න. මොකද ඒ ගෙත්ම ඉතා ම දර්ශනීය ගෙත්තමක් නිසා. නමුත් උදාගිරට යන එක ඒ තරම් ලේසි වැඩක් නොවෙයි. ඉස්‌සෙල්ලා ම ඔබේ දත් දෙකක් ගලවා මේ ගල් අශ්වයාගේ කටට දමන්න ඕනෑ. එතකොට ගල් අශ්වයාට පණ ඇවිත් බෙරි ගෙඩි කනවා. බෙරි ගෙඩි දහසක් කෑවම ඔබට අශ්වයාගේ පිට උඩ නඟින්න පුළුවන් ඊට පස්‌සේ ඌ උදාගිරට දුවගෙන යනවා මඟ ඳී ගිනිදුල් පර්වත හමුවෙනවා. බුර බුරා නඟින ගිනිදැල් දැක්‌කම ඔබට ක්‌ලාන්ත වෙන තරම්. ගිනිදැල් අතරින් අශ්වයා යනකොට ඔබ දත්මිටිකාගෙන එහි රස්‌නය උහුලාගන්න ඕනෑ.
ඔබට කෑගැසුණොත් - කටෙන් වචනටයක් වත් පිට වුණොත්, එතැන ම ඔබ අළු වෙලා යනවා. ඊට පස්‌සේ මහ කුණාටු සහිත මුහුදකින් එතෙර වෙන්න තියෙනවා. විශාල හිමකැට සහිත මුහුදු රළ දැක්‌ක ම ඕනෑ ම කෙනෙක් බයෙන් තැති ගන්නවා. ඔබ දත්මිටිකාගෙන එහි දී ඇති වන භයානක සීතල ඉවසා දරා ගන්න ඕනෑ. යම් විදියකින් සීතලෙන් වෙව්ලුවොත් ඔබ මුහුදේ ..................... ගිලෙනවා.
මේ හිම මුහුදෙන් එගොඩ වුණොත් තමයි ඔබට ....................... ගෙත්තම ලබා ගන්ට පුළුවන් වෙන්නේ. එවිට ලේමේ තම දත් ගැන කල්පනා කෙළේ ය. ඉන් පසු මැහැල්ලා විස්‌තර කළ ගිනි ජාලාවක් හිම රළ ගෙඩිත් සිහිපත් කෙළේ ය. හේ භයෙන් වෙව්ලන්නට විය. ඔහුගේ මුළු ගත ම සුදුමැලි විය.
මැහැල්ල ඔහු දෙස බලා සිනාසී දරුව, ඔබට එය විඳ දරා ගන්න බැහැ. ඒ නිසා ආපසු යන්න, එබට රත්රන් පෙට්‌ටියක් දෙන්නම්. ගිහින් සැපෙන් ජීවත් වෙන්න. ලේමේ ආපසු යන ගමන් මෙසේ සිතී ය. මේ රත්තරන් වලින් මට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. හතර දෙනෙකුට වියදම් කරනවට වඩා මට ම වියදම් කර ගන්න එක හොඳයි. හේ ගෙදර යනු වෙනුවට නගරයට ගොස් එහි පදිංචි විය. තාන්පු ශෝකය නිසා ම දිනෙන් දින කෘශ වූවා ය. මාස දෙකක් ම ලේමේ ආපසු පැමිණෙන තුරු ඇය බලා සිටිය ද හේ ආපසු නො
පැමිණියේ ය. ලෙතු ඉයේ, නැගෙනහිර දෙසට ගිහින් මගේ ගෙත්තම සොයාගෙන එන්න. එය නැති වම මගේ ජිවතේ නැති වූණා හා සමාන යි. ඕ තම දෙවෙනි පුත්‍රයාට කීවා ය.
ලෙතු ඉයේ හිස වනා තම පිදුරු පාවහන් සඟළ ද පය ලා ගෙන ගමනට පිටත් වූයේ ය. මාසයක් ගිය තැන්හි ගිරි දුර්ගයෙහි පර්වත අභියස දී ඔහුට මැහැල්ල මුණ ගැසුණා ය. ඈ ඔහුගේ සහෝදරයාට කී වදන් ම ඔහුට ද පැවසුවා ය. ලෙතු ඉයේ තම උඩු දත් ඇන්දට දබරැගිල්ල තබාගෙන බිහිසුණු ගිනි ජාලාවන් හා මුහුදු රැලි ගැන කල්පනා කෙළේ ය. ලේමේගේ මුහුණ මෙන් ඔහුගේ මුහුණ ද සුදුමැලි ව ගියේ ය.
මැහැල්ල ඔහුට රන්රන් පෙට්‌ටියක් දී අවවාද කළා ය. ........... තම සහෝදරයා මෙන් රත්රන් පෙට්‌ටිය රැගෙන ආපසු .............. ගොස් නගර වාසයට ගියේ ය.
තාන්පු තව ද මාස දෙකක් තම දෙවැනි පුත්‍රයා එනතුරු බලා සිටියා ය. ඇයගේ සිරුර පරඬලා පතක් මෙන් කෘශ ව ගියේ ය. හැම දිනෙක ම උළුවස්‌සෙන් එබී බලමින් ඇඬුවා ය. ලේ මෙන් රතු ව තිබුණු ඇයගේ ඇස් දෙක අන්තිමේ දී අන්ධ විය. දිනෙක ලෙඡේ තම මැණියනට කථා කොට අම්මේ අයියල දෙන්නට අතරමග දී මෙකක් හරි හෝ අකරතැබ්බයක් වෙන්න ඇති. තවම ආවේ නැත්තෙ ඒකයි. ඒ නිසා මම යන්නම්. ගිහින් ගෙත්තම කොහොම හරි හොයා ගෙන එන්නම්.
හොඳයි ලෙඡේ යි ටික වේලාවක් කල්පනා කරමින් සිටි තාන්පු පිළිතුරු දුන්නා ය. ඔව් මාව අහළ පහළ උදවිය බලාගනීවි. හැබැයි ඔබ පරෙස්‌සමෙන් යන්න ඕනෑ. ලේඡේ තම පිදුරු පාවහන් සඟල ලා ගත්තේ ය. සිත ධෛර්යවත් කරගෙන ඉක්‌මන් ගමනින් පෙරදිග බලා පිටත් වූයේ ය. ගිරි දුර්ගයට ළඟා ව්මට ලෙඡේට ගත වූයේ සති දෙකකි. පර්වත ගෘහය අසල දී මැහැල්ල හමු වූවා ය.
මැහැල්ල ලේමේට්‌ත ලෙතු ඉයේටත් පැවැසුවාක් මෙන් සියලු විස්‌තර දන්වා දරුව, ඔබේ සහොදරයන් දෙදෙනා රත්රන් පෙට්‌ටි අරගෙන ගියා. මෙන්න ඔබටත් රත්රන් පෙට්‌ටියක්‌දැ යි පැවසුවා ය. එහෙත් ලෙඡේ එය නොපිළිගත්තේ ය. හේ වහා ගල් කැටයක් අවුලාගෙන දත් දෙකක් ගලවා ගල් අශ්වයාගේ කටට දැම්මේ ය. එවිට විශාල ගල් අශ්වයාට පණ ගැන්ව බෙර ගෙඩි දහසක් ............... වේ ය. ලෙඡේ අශ්වයා පිට උඩ නැඟී උගේ කේෂර අල්ලා .................... ඉක්‌බිති අශ්වයා හේෂාරව කොට නැඟෙනහිර දෙසට .............................දින තුනකින් ලේඡේ බිහිසුනු ගිනිදැල් පර්වතයට ළඟා වූයේ ය. බුර බුරා නැඟුණු ගිනිදැල් ලෙඡේත් අසුත් වෙළා ගති. හේ පහතට නැමී දත්මිටිකාගෙන ගිනි රස්‌නය විඳ දරා ගත්තේ ය. ගිනිදැල් පර්වතයෙන් එගොඩ වමට ඔහුට දින භාගයක් ගත විය. ඉන් පසු හේ හිම මුහුද දෙසට පෙරළෙන්නට වන, අධික සීතල නිසා මරුවුට පත් වේ යැයි පළමු ව ඔහුට සිතිණි. එහෙත් හේ හිස පහතට හෙළා දත්මිටිකා ඒ සියල්ලත් විඳ දරා ගත්තේ ය. වරුවකින් හිම මුහුද තරණය කොට උදාගිර පිහිටි වෙරළට එළඹියේ ය.
ගිරි මුදුනෙහි වූ මහා මන්දිරයකින් සුමදුර ගීත රාවයක් අසන්නට ලැබිණි. සැණෙකින් අශ්වයා මන්දිරය අභියස නතර විය. ලෙඡේ අසු පිටන් බැස මන්දිරය තුළට පිවිසියේය. එහි වූ ශාලාවක බොහෝ සුරංගනාවෝ ගෙත්තම් කරමින් සිටියහ. ශාලාවේ මැද තාන්පුගේ චුවාංජ ගෙත්තම ඔවුන්ට පිටපත් කරගනු සඳහා එල්ලා තිබිණි.
ලෙඡේ ශාලාව තුළට පිවිසෙනු දුටු සුරංගනාවෝ මවිතයට පත් වූහ. ඔහු තමා පැමිණි කාරණය විස්‌තර කළ විට හොඳයි අපි අද රෑ ගෙත්තමේ වැඩ ඉවර කරනවා. ඔබට හෙට ඒක ගෙනියන්න පුළුවනි. ඒ නිසා ඔබට අද රෑ මෙහෙ නතර වෙන්න වෙයි. එක් සුරංගනාවක් පැවසුවා ය. ලෙඡේ ඊට එකඟ විය. ඔහුට නොයෙක් දිව බොජුන් පිළිගන්වන ලදී. හේ අසුනක දිගා ව ගිමන් හරින්නට විය. ඇඳිරි වැටීගෙන එත් ම සුරංගනාවන් විසින් ශාලාවෙහි මුතු ඇටයක් එල්ලන ලදී. එවිට මුළු ශාලාව ම ඒකාලෝක විය. ඔවුන් රාත්‍රිය මුළුල්ලේ ගෙත්තම් කෙළේ එහි ආලෝකයෙනි.
රක්‌ත වර්ණයෙන් සැරසුණු එක් සුරංගනාවක් අන් සුරංගනාවන් පරයා සිටියා ය. ඕ තම ගෙත්තම සියල්ලටම ම පළමු අවසන් කළා ය. ඇය තම ගෙත්තම තාන්පුගේ හා සසඳා බැලු විට රක්‌තවර්ණ සූර්යයා පැහැදිලි මාළු පොකුණු, අලංකාර මල් ගස්, ජීවමානාකාර වූ ගව බැටළුවන් ආදීන්ගෙන් යුත් තාන්පුගේ ගෙත්තම තම ගෙත්තමට වඩා දහස් ගුණයකින් අගනා බව ඇයට අවබෝධ විය. ඒ කෙරෙහි ඇඟේ සිත බැඳී ගියේ ය.
මේ චූවාං ගෙත්තමේ මටත් ජීවත් වෙන්න ඇත්නම් කොයි තරම් අගේ දැයි ඕ තමාට ම කියා ගත්තා ය. ඉක්‌බිති රක්‌තවර්ණ සේද නූලක් ගෙන තම රූපය - මල් දෙස බලමින් මාළු පොකුණ අසල සිටගෙන සිටින අයුරු තාන්පුගේ ගෙත්තමෙහි ගෙත්තම් කළා ය. ලෙඡේ අවදී වූ විට පහන් වීමට ආසන්න ව තිබිණි. සුරංගනාවෝ සැමදෙන නින්දට ගොස් සිටියහ. යම් විදියකින් මේ සුරංගනාවෝ ගෙත්තම මට නුදුන්නොත් මෙපමණ වෙහෙස ගෙනත් මට හිස් අතින් යන්නයි සිද්ද වෙන්නෙ. ඒ නිසා තවත් ප්‍රමාද වීම හොඳ නැහැ. මගේ අම්මා කාලයක ඉඳල ම ඉන්නෙ අසනීපෙන්. දැන් ම ගෙත්තම අරගෙන යන එක හොඳයි දැයි ලෙඡේ කල්පනා කෙළේ ය.
හේ ගෙත්තම ගෙන පරෙස්‌සමෙන් නවා කිසිල්ලේ රුවා ගත්තේ ය. අසු පිට නැඟී සඳ එළියේ ආපසු ගමන ආරම්භ කෙළේ ය. පළමුව හිම මුහුද තරණය කොට ඉන්පසු ගිනිදැල් පර්වතය ද පසු කොට ගිරිදුර්ගයට ළඟා වූයේ ය. පර්වත ගෘහය අසල මැහැල්ල සිටිනු දක්‌නට ලැබිණි. ලෙඡේ අසු පිටින් බැස්‌සේ ය. මැහැල්ල අසුගේ කටින් දත් දෙක ගෙන ලෙඡේගේ මුවෙහි සවි කළා ය. ගල් අශ්වයා නැවතත් පෙර මෙන් බෙරි ගස අසල ගල් ගැසුණේ ය.
මැහැල්ල මුවහම් පාවහන් සඟලක් ගෙනැවිත් දී දරුව, මේ පාවහන් සඟල දමාගෙන ඉක්‌මනින් ගෙදර යන්න. ඔබේ ඔබේ අම්මට මරණාසන්න යි කීවා ය. ඔහු ගෙදර යන විට ඔහුගේ මව ඉතා දුබල ව ඇදේ වැතිර සිටියා ය. කිනම් මොහොතේ ඇයගේ පණ යාවි දැයි කියා නො හැකි තරම් විය.
ඇගේ ඇද ළඟට ගිය ලෙජේ අම්මේ, අම්මේ, මෙන්න ඔබේ ගෙත්තම යි කියා කිහිල්ලෙහි රුවා ගෙන තිබුණු ගෙත්තම ගෙන ඇය අබියස දිග හැරියේ ය. ගෙත්තමෙන් අපූරු දිස්‌නයක් පිට විය. එකෙණෙහි ම ඇගේ ඇස්‌වල දෘෂ්ඨිය නැවත උදා විය. ඕ ඇඳෙන් නැඟිට ඒ සුන්දර ගෙත්තම ඇය තුන් අවුරුද්දක් වෙහෙසී වියූ චූවාං ගෙත්තම දෙස ඇස් විදහාගෙන සිටියා ය. දරුව ගේ ඇතුළේ අන්ධකාර යි. එළියට ගිහින් හොඳට බලමු.
මවත් පුතාත් මිදුලට ගොස් ගෙත්තම දිග හැරීමට සුදානම් වුවා පමණි. සුගන්ධවත් මන්ද මාරුතයක් හමා ආයේ ය. ගෙත්තම ඉබේම දිග හැරෙන්නට විය. ක්‍රමයෙන් එය වඩ වඩා විශාල වන්නට වන, අන්තීමේ දී විශාල ප්‍රදේශයක් වසා සිටියේ ය. ඔවුන්ගේ කුඩා පැල්පත අතුරුදහන් විය. ඒ වෙනුවට මහා මන්දිර පැන නැඟිණි. ඒ වටා වු විශාල උද්‍යානයකි. පලතුරු වත්තකි. ගෙත්තමෙහි වූ හැම රූපයක්‌ම ඒ වූ පරිද්දෙන් මැවී ගියේ ය.
මාළු පොකුණ ළඟ මල් ගස් දෙස බලාගෙන සිටි රක්‌ත වර්ණයෙන් සැරසුණු දැරියක් තාන්පුට දක්‌නට ලැබිණි. ඕ ඇය වෙත ගියා ය. ඒ අන් කිසිවකු නොව චූවාං ගෙත්තමෙහි තම රූපය රක්‌ත වර්ණයෙන් ගෙත්තම් කළ සුරංගනාව යි. තාන්පු තම මහා මන්දිරයෙහි වාසයට එන ලෙස ඇයට ද ආරාධනා කළා ට. තමාට ඇප උපස්‌ථාන කළ අසල්වැසි නෑ හිත මිතකුරන්ට ද ආරාධනා කළා ය. ලෙඡේරක්‌ත වර්ණයෙන් සැරසුණු ලස්‌සන සුරංගනාව විවාහ කර ගත්තේ ය. ඉක්‌බිති ඔහුවු හැම දෙනා සතුටින් හා සාමයෙන් වාසය
කළහ.
දිනෙක මේ මහා මන්දියෙහි දොරටුව අසලට සිඟන්නෝ දෙදෙනෙක් පැම
