මගේ පස් හැවිරිදි දුව වූ මිණීට නිතර නොදොඩා සිටිය නොහැකි ය. ඇගේ මුළු ජීවිත කාලය තුල දී ඈ මොහොතක් වත් නිශ්ශබ්ද ව නො සිටි බව මට හරි හැටි විශ්වාස කළ හැකි ය. ඈ ඇගේ මව බොහෝ විට දුක්‌වුවාය. ඈ ඇගේ දෙඩීම නැවැත්වීමට කැමැති වු නමුත් මම ඒ ගැන සතුටක් නොදැක්‌විම්. ම්ණී නිශ්ශබිද කරවිම අස්‌වාභාවික දෙයක් වූ බැවින් මට එය දැරිය නොහැකිවිය. එබැවින් මම මහත් ප්‍රීතියෙන් ඇය සමඟ සෑම විට ම කථාවෙහි යෙදෙනෙමු.
එක් උදය කාලයක මම මගේ අලුත් නව කථාවෙ දහ හත් වැනි පරිච්ඡේදයෙහි දහ හත් වැනි පරිච්ඡේදයෙහි මැද කොටස ලියමින් සිට්‌යෙමි. මගේ කුඩා මිණී මා නොදැනුවත් ව ම මගේ කාමරයට ඇතුඑ වී ඇගේ අත මගේ අත උඩ තබා '' තාත්තා, රමිදයෙල් කියන දොරටුපාලයා කාක්‌කාට කවුඩා කියා කියනවා. එයා කිසිවක් දන්නේ නැහැ. ඒක එහෙම නො වේ. දැයි විමසුවා ය.
ලෝකයේ තිබෙන එක් භාෂාවක් තවත් භාෂාවකින් වෙනස් බව මා ඇයට පැහැදිලි කර දෙන්ට පෙර ඕ තවත් කථාවකට මුල පුරා තාත්තා, ඔබ හිතන්නේ මොකක් ද? හෝලා, වලාකුලුවල ඇතෙකු සිටිනවා කියා කියනවා. වැසි වසින්නේ ඒ ඇතා හොඬවැලෙන් වතුර විසි කරන විට ලු! ඈ පැවැසුවා ය. මා ඒ ප්‍රශ්නයට පිළිතුරක් කීමට සිතා නිශ්චල වූ විට ඕ තවත් අලුත් මාතෘකාවකට වැටී, තාත්තා, අම්මාගේත් ඔබේත් ඇති නෑකම කුමක් දැයි කියා ඇසුවා ය.
මම සන්සුන් ලෙස ඇයට කථා කොට "මිණී'' ගිහිල්ලා හෝලා එක්‌ක සෙල්ලම් කරන්න. මට හුඟාක් වැඩ තිබෙනවා යි පැවසීමි. මගේ කාමරයේ ජනේලය තිබෙන්නේ පාර පැත්තට ය. දැරිය මගේ පා මුල මේසය ළඟට ව ඉඳගෙන ඇගේ දණිස්‌වලට බර ගසමින් සෙල්ලම් කරන්ට පටන් ගත්තා ය. මම මගේ දහ හත් වන පරිච්ජේදය මහත් ඕනෑකමින් ලියමින් සිටියෙමි. කථා නායකයා වූ ප්‍රතාපසිංහ කථා නායිකාව වූ කාංචනලතාගේ අතින් අල්වාගෙන මාලිගාවේ තෙවන මහල් තලයෙහි වූ ජනේලයෙන් ගැලව යන්ට වීර්ය කරන විට මිණි සෙල්ලම් නවත්වා ජනේලය ළඟට දුව ගොස් කාබුල්කාරයෙක්, කාබුල්කාරයෙක් යැයි කෑ ගසන්ට පටන් ගත්තී ය.
ඇත්තෙන් ම විථියෙහි පහළ කාබුල්කාරයෙක් සෙමින් සෙමින් එමින් සිටියේ ය. ඔහුගේ ජාතියේ මිනිසුන් අඳින හැටියට ඔහු බුරුල් ලෙස මසන ලද කුණු තැවරුණු ඇඳුම් ද දිග තලප්පාවක් ද ඇඳ සිටියේ ය. ඔහුගේ පිටෙහි මල්ලක් එල්ලෙමන් තිබුණි. අතෙහි මිදි පුරවන ලද පෙට්‌ටි විය.
මේ මිනිසා දුටු විට මගේ දුව තුළ ඇති වූයේ කුමන හැඟීම් ද යනු මට කිය නොහැකි ය. එහෙත් ඈ ශබ්ද නඟා ඔහු කැඳවන්නට වන්නී ය. අහෝ! ඔහු ගෙදරට එයි. මට කවදාවත් මගේ දහ හත්වැනි පරිච්ජේදය නිම කළ හැකි නොවේ යැයි මම සිතිමි. ඒ මොහොතේ දී ම කාබුල්කාරයා හැරී දැරිය දෙස බැලුවේ ය. ඕ ඔහු දැක බියපත් ව ආරකෂාව පිණිස මව ළඟට දුව ගොස් අතකුරුදහන් වූවාය. ඒ මිනිසා උසුලාගෙන ගිය මල්ලෙහි තමා වැනි දරුවන් තුන් දෙනෙකු සිටි බවට ඈ තුළ අන්ධ විශ්වාසයක් ඇති විය. මේ අතර පොට්‌ටනිකාර වෙළෙන්දා මගේ දොරින් ඇතුළු ව මඳ සිනාවක් සහිත ව මට ආචාර කළේ ය.
මගේ කථා නායකයාගේ හා කථා නායිකාවගේ තත්ත්වය කොතරම් අඩමාන වුවත් මිණී ඔහු ගෙදරට කැඳවූ බැවින් මම එය නවත්වා යමක් මිල ඳී ගැනීමට අදහස් කළෙමි. මා මිලට ගත්තේ සුළු දේවල් කීපයකි. එයින් පසු අපි අබ්දුල් රාමන්, රුසියන්වරුන්, ඉංගි්‍රසිකාරයන් හා දේශ සිමා ප්‍රතිපත්තිය ගැනත් කථා කළෙමු.
හෙතෙම ගමනට සූදානම් ව "මහත්මයාණෙනි කුඩා ගැහැනු ළමයා කෝ?" කියා මගෙන් ඇසී ය. මම මිණීගේ පුහු බිය නැති කිරීමට අදහස් කොට ඈ එහි ගෙන්වා ගතිමි. ඕ මගේ පුටුව ළඟ සිටගෙන කාබුල්කාරයා දෙසත් ඔහුගේ මල්ල දෙසත් බලන්නට පටන් ගත්තා ය. හේ ඇයට වියළි මිදි හා වෙනත් පලතුරුත් දිගු කළේ ය. එහෙත් ඔහුට ඒවායින් ඈ පෙළඹවිය නොහැකි විය. ඇගේ සැකය තව දුරටත් වැඩි ව ඕ වඩ වඩා මා ළඟට තුරුල් වූවා ය. මේ ඔවුන්ගේ ප්‍රථම මුණ ගැසීම යි.
මම මීට දින කීපයකට පසු එක් දිනක් උදය කාලයෙහි ගෙදරින් බැහැර යමින් සිටියෙමි. මිණී දොර ළඟ බංකුවක් මත ඉඳගෙන ඇගේ පා මුල වාඩි ව සිටි කාබුල්කාරයා සමඟ සිනාසෙමින් කථා කරමින් සිටිනු දැකීම මගේ භිතීයට හේතු වි ය. මගේ කුඩා දුවගේ මුළු ජීවිත කාලය තුළ දී මා හැර වෙන කිසිවෙකු එතරම් ශාන්ත දාන්ත ලෙස ඈට ඇහුම්කන් නුදුන් බව පෙනෙන්ට තිබුණේ ය. ඇගේ සාරි ඔඩොක්‌කුව අමුත්තා විසින් තෑගි කරන ලද කොට්‌ටම්බා, වියළි මිදි ආදියෙන් පිර තිබුණි. මම පණම් අටේ කාසියක් අතට ගෙන ඔහුට දෙමින් "ඇයි උඹ ඕවා ඈට දුන්නේ'' යයි ඔහුගෙන් ඇසිමී. මිනිහා කිසි පැකිළීමක් නැති ව මුදල් සාක්‌කුවට දමා ගත්තේ ය.
අහෝ! මා ගෙදර පැමිණ විට දක්‌නට ලැබුණේ ඒ අවාසනාවන්ත කාසියේ වටිනාකම මෙන් දෙගුණයක් කරදර පැමිණ තිබෙන බවයි. කාබුල්කාරයා විසින් එය මිණීට ආපසු දෙන ලද්දේ විය. ඒ දීප්තිමත් කාසිය දුටු ඇගේ මව "මේ පණම් අටේ කාසිය නුඹ කොහෙන් ලබා ගත්තෙහි දැයි'' කියා ඈ වෙත කඩා පැන්නා ය. මිණි ප්‍රීතීයෙන් කාබුල්කාරයා ඒක මට දුන්නා'' යැයි කීවා ය.
ඕ භයින් ත්‍රස්‌ත ව "කාබුල්කාරයා ඒක නුඹට දුන්නා!'' අපොයි මිණි ඒක උඹ ඔහුගෙන් ගත්තෙ කොහොම දැයි? ඇසුවා ය. ඒ මොහොතේ දී ගෙට ඇතුළුවුණු මම පැමිණෙන්ට තිබුණ උවදුරෙන් ඇය ගලවාගෙන කාරණය ගැන විභාග කර බලන්ට පටන් ගතිමි. එය ඒ දෙදෙනා මුණ ගැසුණ පළමු වන වාරය හෝ දෙවන වාරය හෝ නො ව ය. කොට්‌ටබ්බා සහ වෙනත් පලතුරු අල්ලස් වශයෙන් දී කාබුල්කාරයාට ඇය තුළ මුලින් පැවති භය නැති කර දැමිය හැකි විය. දැන් මේ දෙදෙනා හොඳ මිත්‍රයෝ වෙති.
ඔවුනොවුන්ගේ අපූරු විහිළු දෙදෙනාගේ ම විනෝදයට හේතු විය. ඔහු ඉදිරිපිට වාඩි ව විශාල දේහය දෙස උදාර ලෙස බලමින් සිනාවෙන් පිරුණු මුහුණින් යුක්‌ත ව "කාබුල්කාරයා! කාබුල්කාරයා!! අපොයි, උඹේ මල්ලේ තිබෙන්නේ මොනවා දැ" යි අසන්නී ය.
හේ කඳුකර මිනිසුන්ට පුරුදු අනුනාසික උච්චාරණයෙන් "ඇතෙක්'' කියා කියයි. සමහර විට එය ප්‍රීතියට ලොකු හේතුවක් නො වෙන්නට පුළුවනි. එහෙත් ඒ දෙදෙනාට නම් එය ලොකු සෙල්ලමක් විය. මේ දැරිය වැඩුණු මිනිසකු සමඟ මෙසේ කථා කරමින් සිටිනු දැකීමෙන් මම ද මහත් සේ පුදුමයට පැමිණියෙමි.
කාබුල්කාරයා ද "හොඳයි, දරුවා, උඹ මාමණ්‌ඩිගේ ගෙදර යන්නේ කවදා දැ යි'' ඇසීමට අමතක නො කෙළේ ය. පුරාණ කාලයේ බෙංගාලයේ සිටි හැම කුඩා කාන්තාවකට ම පාහේ මාමණ්‌ඩිගේ ගෙදර ගැන ඇසිය හැකි විය. එහෙත් අලුත් පන්නෙට හැදුණ අපි ඒවා අපේ කුඩා දුවට කියා නුදුන්නෙමු. එ බැවින් මේ ප්‍රශ්නය අසා මිණී, සමහර විට ටිකක් වික්‌ෂිප්තභාවයට පැමිණෙන්නට ඇති. එහෙත් ඒ බවක් ඔහුට නො පෙන්වා නුඹ යන්නේ එහේ ද කියා ඥානවන්ත ලෙස ඇසීම සිරිත විය.
"මාමණ්‌ඩිගේ ගෙදර'' යන්නට කාබුල්කාරයාගේ පන්තියේ මිනිසුන් අර්ථ දෙකක් යෙදෙන බව කවුරුත් දනිති. එය අප අතින් කිසි වියදමක් නැතුව, අපට සලකනු ලබන බන්ධනාගාරය යන අමිහිරි වචනය වෙනුවට යොදනු ලබන මිහිරි කීමෙකි. හැඩි දැඩි පොට්‌ටනිකාර වෙළෙන්දා මගේ දුවට මාමණ්‌ඩිගේ ගෙදර කියා කීවේ බන්ධනාගාරයට ය. හෙතෙම අදෘශ්‍යමාන පොලිස්‌කාරයකු දෙස අත මිටි මොළවා දික් කොට හෝ, "මම මගේ මාමණ්‌ඩිට ගසන්නෙමි'' යි කියයි. මිණී ඒ අසා පරාජය වූ දුප්පත් නෑයා සිතෙහි ඇද
ගනිමින් කොක්‌හඬ නඟමින් සිනාසෙයි. ඇගේ භයංකර මිත්‍රයා ද ඇය මෙන් ම සිනා සෙයි.
මේ වනාහි ශරත් සෘතුවේ උදය කාලයකි. ඉහත කාලයේ රජවරුන් ජයග්‍රහණය පිණිස පා නැඟුවේත් ශරත් සෘතුවේ දී ය. මම ද කල්කටාවේ මුල්ලෙන් නො සෙල්ව මගේ සිත ලෝකයේ සෑම තැන ම මෙහෙවමි. රටක අසල විට මගේ හෘදය ඒ රටට යයි. විදේශිකයකු වථියෙහි දී දැකීමෙන් ඈත රටවල කඳු මිටියාවත් හා වනාන්තරයත් ඒවා පිහිටි විදේශිකයාගේ නිවසත්, ඔහුගේ නිදහස් ජීවිතයත් එ සේ නැතහොත් ඈත රටවල පිහිටි වනාත්තරයත් ගැන සිහින මාලාවක් මා අභිමුඛයෙහි වැටෙහි. සමහර විට ගමන් පිළිබඳ චිත්‍රපට මා හමුවෙහි දිස් ව මාගේ සිතෙහි විසිතුරු ලෙස සැරිසරයි.
වෘක්‌ෂලතාදිය වැනි ස්‌ථාවර ජිවිතයක් ගත කරන මට ගමන් යෑම සෙණ පහරක් වැනි වෙයි. මා කාබුල්කාරයා අභිමුඛයෙහි සිටින විට, මම දුර්ග මාර්ග ඔබමොබ එතී තිබෙන වියළි කඳු පා මුල ගොස් සිටින්නෙක් වෙමි. වෙළෙඳ බඩු උසුලාගෙන ගමන් කරන ඔහු වැළ ද. අපූරු යුද්ධායුධ හා හෙළි රැගත්, හිසේ දමන ලද තලප්පා ඇති වෙළඳ සමූහය ද පහළ පිහිටි නිම්න භූමි කරා යන බව මට පෙනේ. එහෙත් මිණීගේ මව මා ළඟට අවුත් ඒ මිනිසා ගෙන් ප්‍රවේසම් වන ලෙස මගෙන් අයදියි.
මිණීගේ මව @`බහෝ බයාදු වීම අවාසනාවකි. යම් කිසි විටක විථියෙහි ශබ්දයක් ඇසුණොත්, ඇය බෙහෙවින් කලබලයට පත් වන අතර ගෙදර දෙසට මිනිසුන් එනු දුටුවොත්, ඔවුන් හොරුන්, බේබද්දන්, සර්පයන්, මැලේරියා, උණකාරයින්, කැරපොත්තන්, නොහොත් දළඹුවන් වෙති යි, යන නිගමනයට වැහෙන්නී ය. මේ අවුරුදු ගණනනේ දී මේ තරම් පළපුරුද්ද ලබාගත හැකි වුවත් ඇයට ඇගේ භිතිය තුරන් කර නොහැකි විය. එබැවින් කාබුල්කාරයා ගැන ඈ තුළ පැවැතියේ බලවත් සැකයකි. ඔහු දෙස හොඳට ඇස් ඇර සිටින ලෙස මගෙන් අයැදීම ඇගේ සිරිත විය.
මා සිනාසී ඇගේ භය තුනී කර දමන්ට යත්ත දරන විට ඕ අව්‍යාජ ලෙස බලා මගෙන් බරපතළ ලෙස ප්‍රශ්න අසයි. කිසි කලෙක ළමයි සොරකම් කරගෙන යනු නො ලැබුවෝ ද? කාබුල්හි වහල් වෙළෙඳාම පවතින බව ඇත්තක් නො වේ ද? කුඩා දරුවකු මේ හැඩි දැඩි මිනිහා විසින් සොරාගෙන යනු ලැබීම කොතරම් ළාමක ද? එය නො කළ හැකි දෙයක් නො වන නමුත් කෙරන්නේ කලාතුරකින් බව මම ඈට කිවෙමි. එහෙත් එය ප්‍රමාණවත් නො වී ය.
ඇගේ භය ද නො නැවතිණ. එය නිස්‌කාරණයේ ඇති වූ භීතියක් නිසා ඒ මිනිසාගේ පැමිණීම තහනම් කිරීම යුක්‌ති සහගත නො වී ය. එබැවින් ඔවුන්ගේ දුන හැඳුනුම්කම නො නවත්වා ස පැවැත්තේ ය.
II
රාමන් නැමැති කාබුල්කාරයා අවුරුද්දකට වරක් ජනවාරි මාසයේ මැද භාගයේ දී සිරිතක් වශයෙන් ඔහුගේ ගමට ගියේ ය. මේ කාලය ළං වන විට හෙතෙම ගෙයින් ගෙට ගොස් ණය එකතු කරයි. මේ අවුරුද්දේ ද මිණි බැලීමට ඒමට ඔහුට කල් ඇති විය. උදය කාලයෙහි පැමිණිය හැකි නුවූ නිසා ඔහු සවස් කාලයෙහි පැමිණි බැවින් ඒ දෙදෙනා අතර කුමන්ත්‍රණයක් පැවති බව අමුත්තකුට සිතා ගත හැකි විය.
බුරුල් ලෙස ඇඳුම් අඳින, මාලු උසුලාගෙන යන කළුවර කාමරයක මුල්ලෙහි සිටින, මේ මිනිසා භය ගැන්වීමට මම ද සමහර විට ටිකක් චකිත වමි. එහෙත් මිණි සිනාසෙමින් "අපොයි! කාබුල් කරයා, අපොයි කාබුල්කාරයා!" කියා දිව යයි, වයසින් බොහෝ දුරස්‌කර වූ මේ යහළුවන් දෙදෙනා කොක්‌හඬ නඟමින් සිනාසෙමින් විහිළු කරන විට මා තුළ පැවැති සැකය පහව යයි.
එක් දිනක් උදය කාලයෙහි ඔහු යන්ට සිතා සිටි දිනට දින කීපයකට පෙර, මම මා ඉගෙන ගන්නා කාමරයට වී ශෝධ්‍ය පත්‍ර බලමින් සිටියෙමි. කාලගුණය බෙහෙවින් ම ශීත විය. ජනේලයෙන් ආ හිරු රැස් මගේ පාදයෙහි වැටිණ. ඒ මඳ අව් අශ්මිය මගේ ප්‍රසාදයට හේතු විය. වේලාව අටට පමණ විය. වේලාසනින් මාහට පිළිපත් පදිකයෝ හිස වසාගෙන නිවෙස බලා ගමන් කරමින් සිටියහ.
මට හදිසියෙන් විථියේ කලබලයක් ඇසුණි. මා පිටත බැලු කල දක්‌නට ලැබුණේ එ`මන් ය. ඔහුගේ අත් පා බැඳ තිබුණි. පොලිස් කාරයෝ දෙදෙනෙක් ඔහු දෙපැත්තෙන් ගමන් කළහ. විපරම් කිරීමට ගිය කොලු රැළක් ද ඔහු පස්‌සෙන් ගමන් කළහ. ඔහුගේ ඇඳුම්වල ලේ පැල්ලම් තැවරී තිබුණි. පොලිස්‌කාරයෙකුගේ අතෙහි පිහියක් ද විය. මම වහා දුව ගොස් ඔවුන් නවත්වා ඊට හේතුව කුමක් දැයි ඇසිමි. අසල් වැසියකු රම්පුර සාළුවකට පොට්‌ටනිකාර වෙළෙන්දාට යම් කිසි මුදලක් ණය වී සිටි බවත්, ඔහු ඒ සාළුව මිලයට නොගත්තේ යැයි කී බවත් එවිට දෙදෙනා අතර අරගලයක් හට ගත් බවත්, රාමන් ඔහුට පිහියෙන් ඇන්න බවත්, මට එකිනෙකා විසින් කියන ලද දේවලින් දැන ගත හැකි විය.
කලබල ව සිටි සිරකරුවා ඔහුගේ සතුරාට නොයෙක් ලෙසින් අපහාස කරන්නට පටන් ගත්තේ ය. එවිට මගේ නිවසේ ආලින්දයට පැමිණි මගේ කුඩා මිණී අපොයි! කාබුල්කාරයා, කියා කෑගසන්ට වන්නී ය. ඈ දෙස හැර බලන විට රාමන් ගේ මුහුණ අලෝකවත් විය.
එදින ඔහුගේ කිහිල්ලෙහි මල්ලක් නොතිබුණු බැවින් ඔහුට ඔහු ගෙන ගිය ඇතා ගැන කතා කළ නොහැකි විය. එබැවින් ඕ එක එල්ලේ ම අනෙක් ප්‍රශ්නයට වැටී උඹ උඹේ මාමණ්‌ඩිගේ ගෙදරට යන්නෙහි දැයි කියා ඇසුවා ය. දැරිය, මා හරියට ම යන්නේ එහි ය කියා සිනාසෙමින් හේ පිළිතුරු දුන්නේ ය. ඒ පිළිතුරු දැරියගේ විනෝදයට හේතු නො වුන බව දැන ගත් හෙතෙම මාංචු දමා තිබුණ අත් ඔසවා අහෝ! මට ඒ මාමණ්‌ඩිට ගහන්න තිබුණා. එහෙත් මගේ අත් බැඳලා'' යි කීවේ ය.
මිනීමැරීමේ අදහසින් පහර දෙන ලදැයි චෝදනා ලැබූ රාමන් අවුරුදු ගණනක් සිර ගෙට නියම විය.
කල් ගත වන විට අපට ඔහු ගැන අමතක විය. අපි සිරිත් පරිදි පුරුදු ස්‌ථානයෙහි ම වැඩ කෙළෙමු. එක් කලෙක නිදහස් ලෙස සිටී, දැන් සිරෙහි සිටින ඒ කඳුකර වැසියා ගැන අපට හොඳට ම අමතක විය. ශිථිල හෘදයක් ඇති මාගේ කුඩා මිණිට ද ඇගේ පැරණි යහළුවන් අමතක වූ බව කීමට ලැඡ්ජා වෙමි. ඇගේ ජීවිත කාලය අලුත් මිතුරන්ගෙන් පිරුණි. ඈ වඩ වඩා ලොකු වන විට වැඩි වශයෙන් කාලය ගත කෙළේ ගැහැනු ළමයින් සමඟ ය. ඇත්ත වශයෙන් ඔවුන් සමඟ කොතරම් කාලයක් ගත කළා ද යත හොත් සිරිත් පරිදි පියාගේ කාමරයට ආ ගමන ද අත් හිටෙව්වා ය. එබැවින් මට ඇය සමඟ කථා කරන්ට ලැබුණේ කලාතුරකිනි.
අවුරුදු ගණනක් ම ගත ව තවත් ශරත් සෘතුවක් පැමිණියේ ය. අපි අපේ මිණීගේ විවා මඟුල ගැන කටයුතු පිළියෙළ කරමින් සිටියෙමු. එය කිරීමට නියම කරගෙන තිබුණේ පූජා නිවාඩු සමයෙහි දී ය. පාර්වතිය ආපසු කෛලාසකුට පර්වතයට පැමිණෙන විට අපේ නිවසෙහි පහන වූ මිණී ඇගේ ස්‌වාමියාගේ නිවසට යාමෙන් අපේ නිවස අන්ධකාර වෙයි.
උදය කාලය දීප්තිමත් විය. වර්ෂාවෙන් පසු වාතය ද සේඳී පිරිසිදු ව තිබෙන බව දැනුණි. ඉරු රැස් පිරිසිදු රන් මෙන් දිස් විය. ඉරු රැස් කොතරම් දීප්තිමත් ව ද හොත් කල්කටාවේ පටු මාවත්වල අශෝභන බිත්ති පවා ඒවායින් කාන්තිමත් විය. අලුයම පටන් ම මඟුල් නලා හඬ පැවැතියේ ය. ඒ එක් එක් වැසීමකින් මගේ හෘදය ගැහෙමින් තිබුණි. "භෛරවි'' නමැති රාගයේ ළතෝනිය මට ළඟ ඳී අත්වන්ට යන වියෝදුක වැඩි කිරීමට හේතු විය. මගේ මිණීගේ සරණ මංගල්‍යය සිදු වන්නේ එදා රෑට ය.
උදය කාලයේ සිට ඝෝෂාව හා කලබලය ගෙයි මුළුල්ලෙහි ම පැතිරිණ. මිදුලේ උණ ලීවල උඩු වියන බැදිය යුතු විය. එකී කාමරයක ද ඉස්‌තෝප්පුවේ ද කිංකිණි හඬ නැගෙන පන්දම් එල්විය යුතු විය. ගෙයි පැවැතියේ කිය නොහැකි තරම් කඩිමුඩි ගතියක් හා කලබල ස්‌වාභාවයකි. මම මගේ පාඩම් කරන කාමරයට ව ගණන් හිලව් බලමින් සිටියෙමි. එවිට යම් කිසිවෙකකු එහි අවුත් ගරු සරු ලෙස මට ආචාර පවත්වා මා ඉදිරිපිට සිට ගත්තේ ය.
ඒ වනාහි රාමන් නැමැති කාබුල්කාරයා ය. මට මුලින් ම ඔහු අඳුනා ගත නොහැකි විය. ඔමු මල්ලක් නො උසුලා ගත්තේ විය. ඔහුගේ දිග හිස් කෙස් ද කොටට කපා තිබුණි. ඔහුගේ පරණ ප්‍රාණවත්කම ද පහ ව ගොස් ඇති බව පෙනෙන්නට තිබුණි. මට ඔහු අඳුනා ගත හැකි වූයේ ඔහුගේ සිනාවෙනි.
"රාමන් උඹ අවේ කවදා දැයි'' මම ඔහුගෙන් ඇසීමි.
"මා හිරෙන් නිදහස් වුණේ ඊයේ සවස් කාලයෙහි' යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.
මේ වචන මගේ හෘදයෙහි වැටුණේ යවුල් ලෙස ය. මම කිසි කලෙක මගේ වර්ගයෙහි වුවකකුට තුවාල කළ කෙනෙකු හා කථා නොකරමි. මෙය සිතට නැගුණ විට මගේ හෘදය හැකිලෙන්නට විය. ඔහු නො පැමිණියේ නම් එදින ඊට වඩා ශුභ දවසක් වන්නට තිබුණ බව මට හැඟෙන්නට විය.
මෙහි ආගමික චාරිත්‍ර කෙරගෙන යනවා. මටත් හුඟක් වැඩ තිබෙනවා. සමහර විට උඹට වෙන දවසක එන්ට පුළුවන් නේ දැයි'' මඑ ඔහුගෙන් ඇසීමි. හෙතෙම වහා ම යන්නට හැරුණේ ය. එහෙත් ගේ දොර ළඟට ගොස් ටිකක් පැකිලී මහත්මයාණෙනි, මට මොහොතක් වේලා දරුවා බැලිය නොහැකි දුයි කියා ඇසී ය. මිණි තව ම ඒ වගේ ය යනු ඔහුගේ විශ්වාසය විය. අපොයි! කාබුල්කාරයා, අපොයි!! කාබුල්කාරයා,
කියමින් ඇය ඔහු වෙත දුව එන්ට පු
