විනිශ්චය
 

(මිනිසුන්ගේ හා සතුන්ගේ නොපැහැදිලි විවිධ හඬවල් ඇසී එක්‌වර ම නවතී)


රජතුමා : මාගේ රාජධානියේ සිටින සියලු ම සත්ත්වයිනි, මා කියන දේ නුඹලා සියලු දෙනා ම අසනවා ඇති.
ඇහෙනවා ද?


මිනිස්‌සු : ඇහෙනවා, ඇහෙනවා.
සත්තු : අහෙනවා, ඇහෙනවා.


රජතුමා : ආහ්, මට බොහොම සන්තෝෂයි මගේ රාජධානියේ සියලු ම සත්ත්වයන්ට මගේ හඬ ඇසීම ගැන. නුඹලාට හිතා ගන්න පුළුවන් ද ඔය වාහල්කඩේ එල්ලා තියෙන දේ.


මිනිස්‌සු : ඝාණ්‌ටාරයක්‌
සත්තු : ඝාන්ටාරයක්‌


රජතුමා : හරි, මොකට ද මම මේ විදියට හිටි හැටියේ ඝාණ්‌ටාරයක්‌ එල්ලුවේ?
මිනිස්‌සු : (විස්‌මයෙන්) මොකට ද, මොකට ද හැබෑට?
සත්තු : (විස්‌මයෙන්) මොකටද, මොකට ද?
රජතුමා : ඝාණ්‌ටාරයක්‌ එල්ලුවේ ඉතාමත් ම වැදගත් කාරණෙකට. ඇහුණ ද?
මිනිස්‌සු : වැදගත් කාරණේකට?
සත්තු : වැදගත් කාරණේකට?


රජතුමා : මේ රාජධානියේ සිටින ඕනෑ ම සත්ත්වයෙකකුට පුළුවන් මොකක්‌ හරි පැමිණිල්ලක්‌ කරන්න උවමනානන් ඔය ඝණ්‌ටාරය සද්ද කරන්න.


මිනිස්‌සු : (විස්‌මය පළ කරති) අම්මේ, හරි ෂොක්‌.
සත්තු : (විස්‌මය පළ කරති) අපූරුයි, හරි ම අපූරුයි.


රජතුමා : රාජපුරුෂයෙනි, ඔය ඝණ්‌ටාරය නාද කොට පෙන්වනු.
රාජපුරුෂ : යහපති දේවයන් වහන්සෙ
(ඝණ්‌ටාරය කීප වරක්‌ නාද වෙයි)


රජතකුමා : ආන්න දැක්‌කද ඝණ්‌ටාරය නාද වුණා. ඉතින් ඕනෑ ම සත්ත්වයෙකකුට පුළුවන් ඔය ඝණ්‌ටාරය ඔය විදියට ලනුවෙන් ඇදලා නාද කරන්න.


එළදෙන : (අවධාරණයෙන්) ඕනෑම සත්ත්වයෙකකුට?
මුවා : ඕනෑ ම සත්ත්වයෙකකුට.
(තවත් වතාවක්‌ නාද වෙයි.)


1 මිනිසා : මුළු රාජධානියට ම ඇහෙනවා.


රජතුමා : මාගේ රටවැසියෙනි, මේ රාජධානියේ සිටින හැම සත්ත්වයෙකුට ම හිංසාවෙන් තොරව ජීවත්වීමට මා කටයුතු සලස්‌වා තියෙනවා. ඉතින් කිසියම් සත්ත්වයෙකුට හිංසාවක්‌, පීඩාවක්‌, ඇතිවුණොත් දවසේ ඕනෑම වේලාවක මේ වාහල්කඩ ළඟට ඇවිත් මේ ඝණ්‌ටාරය නාද කිරීමේ අයිතිය නුඹලාට තියෙනවා.
(සත්ත්වයින්ගේ නොයෙකකුත් නාද ඇසෙයි)


2 මිනිසා : හැම සත්ත්වයෙක්‌ ම සන්තෝසෙන්
3 මිනිසා : හැම සත්ත්වයෙක්‌ම උද්දාමයෙන්.
1 මිනිසා : ඊටත් වඩා දෙයක්‌ තියෙනවා ද?
මුවා : රජතුමාට දීර්ඝායු වේවා !
හාවා : රජතුමා නිරෝගී වෙවා !
රජතකුමා : සියලු සත්ත්වයෙනි. දැන් ඉතින් මට රාජකාරි කටයුතු කීපයක යෙදෙනේන වෙලාවයි. ඔබ සියල්ලන්ට ම යහපතක්‌ ම වේවා.
(මිනිසුන්ගේ හා සතුන්ගේ හඬවල් කෙමෙන් අඩු වේ)


කුමාරයා : (පැමිණ) පිය රජතකුමනි.
රජතුමා : පුත් කකුමරුවෙනි, මොකද@ ම් කදිම ඇඳුම් කට්‌ට්‌ලයකින් සැරසිලා?
කුමාරයා : මට කල්පනා වුණා තක්‌සලාව පැත්තෙ ගිහින් ආවොත් හොඳයි කියලා.
රජතුමා : තක්‌සලාව පැත්තේ? මේ හිටිහැටියෙ?
කුමාරයා : දිසාපාමොක්‌ තුමාගේ උපන් දිනය අදයි. ඉතින් අපි කවුරුත් බැහැ දැකල ආවොත් හොඳයි කියලයි තීරණය කෙරෙවේ.
බිසව : පුතා, අද තක්‌සලාවේ නතර වෙනව ද?
කුමාරයා : නෑ අම්මේ, නතර වෙන්න අදහසක්‌ නෑ. ඒත් ටිකක්‌ රෑ බෝ වෙන්න පුළුවන්.
රජතුමා : එහෙනම් ඉතින් රථයකින් ගියොත් හොඳයි නේ ද?
කුමාරයා : නෑ මම අසුපිට නැඟ යන්නයි සූදානම.
රජතුමා : දැන් ඉතින් පුතාට අසුපිට නැඟයාමත් හොඳට පුරුදු ඇති නොවැ. හොඳයි. හොඳයි.
බිසව : ප්‍රවේසයෙන් ගිහින් එන්න ඕනෑ.
කුමාරයා : හොඳයි අම්මේ.
රජතුමා : දිසාපාමොක්‌ ආචාරින් ව මතක්‌ කළයි කියන්න ඕනෑ. අනිත් එක දීර්ඝායු ප්‍රාර්ථනා කළයි කියන්න ඕනෑ.
කුමාරයා : මම ඒක කියන්නම්.
රජතුමා : හොඳමයි, එසේ නම් නොපමා ව ගොස්‌ නොපමා ව එන්න.
(අශ්ව කකුල් ශබ්ද දිගට ම කෙමෙන් වැඩි වෙයි)


හාවා : රඡ්ජුරුවන්ගේ පුත් කුමාරයා අසුපිට යනවා.
මුවා : අසුපිට යනවා නොවේ ඉගිල්ලෙනවා.
හාවා : අපේ කැලේ එවුන් එක්‌කල මේ කැලේ තරඟ කරන්න ඉන්නෙ අශ්වයෝ විතරයි.
මුවා : ඒත් ඔය සාමාන්‍යයෙන් දුවනවා වගේ දහ ගුණයක්‌ වේගයෙන් දුවන්නේ.
ඉබ්බා : මොකද හැබෑට ඔය තරම් හදිස්‌සියක්‌?
මුවා : ඉබි උන්නැහේ හරි කදිම ප්‍රශ්නයක්‌ නොවැ ඇහුවේ
ඉබ්බා : නෑ මං කියන්නෙ ඔහොම ඉගිල්ලෙන්න ඕනෑයැ මේ කැලෑ මණ්‌ඩිවල. ඇයි අපි මෙහේ ජීවත් වෙනවා කියල ගාණක්‌ වත් නැද්ද?
මුවා : මොකද ඇබැද්දියක්‌ වත් වෙන්න ගියා ද?
ඉබ්බා : ඇබැද්දියක්‌ තමයි තව පොඩ්ඩෙන් මම සුනේ සුං. ආන් පෙනේ ද? ආන් ආන් ගොන් රැළක්‌ ම බලවෙලා දුවනවා.
(සත්තු වරින් වර කුර ගහන හඬ)
මුවා : මොකක්‌ හරි මහ ලොකු ඉක්‌මනක්‌ තියෙනවා වගේ.
ඉබ්බා : මොනවද ඉතින් ඉක්‌මන්? මේ අපිට නැති ඉක්‌මනක්‌ මේ මිනිස්‌සුන්ට.
මුවා : ඊයෙත් මං බලා ගෙන මොකක්‌ද මේ සෙල්ලමක්‌ ඉවරවෙලා ජල්ලි දම දමා කලබලයෙන් කොල්ලෝ කකුරුට්‌ටෝ කණ්‌ඩායමක්‌ දුවනවා.
ඉබ්බා : මොනව ද එය තරම් කලබලයක්‌?
හාවා : යමු යමු තව ටිකක්‌ ඉස්‌සරහට මොකද වෙන්නෙ කියල බලන්න.
මුවා : ආන් අර එළදෙනයි අලුත උපන් පැටියයි අර අතන තණ පිට්‌ටනියේ (උස්‌ හඬින්) ඒයි, ඔතනින් ටිකක්‌ අයින් වෙයල්ලා.
හාවා : (උස්‌ හඬින්) ඕන් රජකුමරෙක්‌ අස්‌පය පිට නැගලා එනවා. (එක්‌ වර ම අශ්ව කුර හඬ වේගවත් වෙයි. වස්‌සෙක්‌ උම්බෑ හඬ නංවයි. අශ්ව කුර යළි මතු ව යයි)
වස්‌සා : (වේදනාවෙන්) බුදු අම්මෝ! බුදු අම්මෝ!
එළදෙන : (වේදනා) අනේ මගේ රත්තරන් පුතේ, අනේ මගෙ රත්තරන් පුතේ, උඹට මොකද වුණේ?
වස්‌සා : අම්මේ, අම්මේ මගේ මේ පැත්ත අර අශ්වයගේ කකුලේ හැප්පුණා, අම්මේ, බුදු අම්මේ, වෙ]දනාවෙයි. අම්මේ.


එළදෙන : පුතේ උඹට මේ කරපු අපරාදෙට රජකුමාරයා වන්දි ගෙවන්න ඕනෑ. අපි වගේ අසරණ සත්තුන්ට හිංසා කරල මුං කොහොමද යහතින් ජීවත් වෙන්නෙ?
හාවා : ආ හැබෑට මේ අලුත උපන් දරුවා නේද මොකද වුණේ මොකද මේ වැතිරිලා?
එළදෙන : අර රාජ කුමාරය වේගයෙන් අශ්වය පිට නැගල යනකොට මේ මගෙ පැටිය හොඳට ම අයින්වෙලා හිටියේ. උවමනාවෙන්මයි හැප්පුවේ.


මුවා : ආ මේ එන්නේ තවත් අපේ ඇත්තෝ දුකපු අය ඇත්නම් කියන්නෙ නැතැ.
එළදෙන : අනේ මට වෙච්ච දෙයක්‌. මම ඉඳලා ඉවරයි.
මුවා : දැන් ඉතින් අපි මොකද කරන්නෙ.
හාවා : ආ මේ එන්නෙ උකුසු පඬිතුමානේ.
උකකුස්‌සා : මම අර කොට්‌ටං ගහ උඩ ඉඳගෙන ඔක්‌කොම දැක්‌කා. මම කල්පනා කෙරුවා මෙහෙම අපරාදයක්‌ සත්තුන්ට කරන එක හරි නෑ කියල. පුදුම වේගයකින් නොවැ ආවේ.
මුවා : චී චී රාජ කුමාරායකුට වටින්නේ නෑ.
එළදෙන : (හඬමින්) අනේ දෙයියනේ වනේ වන  හතුරෙකුට දඩයක්‌කාරයෙකුවත් නොකරන දෙයක්‌. මගේ පුතා, උඹ නැතිව මම ජීවත්වෙලා වැඩක්‌ නෑ.
උකකුස්‌සා : මේ එළහාමිනේ මම වැඩක්‌ කියන්නන්. දැන් ඉතින් මෙහෙම විලාප නඟ නඟා බලා ඉදීමෙන් වැඩක්‌ වෙන්නෙ නෑ.


මුවා : ඔව්. එළහාමිනේ මොකක්‌ හරි කරන්න ඕනෑ.
උකකුස්‌සා : එළහාමිනේ කෙළින් ම රජවාසලට ගිහින් අර ඝණ්‌ටාරෙ නාද කරල මේ බව කියන්න ඕනෑ,
එළදෙන : අනේ මං කොහොමද මේ පැටියව මෙහෙම තනිකරල යන්නෙ?
මුවා : තනිවෙන්නේ කොහොමද? අපි මේ ඔක්‌කොම මෙතන ඉන්නකොට. ඔය එන්නෙ කියනකොටම ගොන්රාලත්.
හාවා : අර එන්නේ හොඩේ වන වනා අලි මුහන්දිරමුත්
උකකුස්‌සා : මම මුළු වනන්තාරේ ම සංවිධානය කරල රජවාසල ළඟට එන්නන්. ඒ අතර බලබලා ඉන්න හොඳ නෑ. මුවහාමි ගිහින් වඳුරුහාම් ව එක්‌ක එන්න ඕනෑ.
මුවා : හා ඒක මං කරන්නන්.
උකුස්‌සා : දැන් ඉතින් එළහාමිනේ මෙතන බලබාල ඉඳල හරියන්නෙ නෑ. යන්න කෙළින් ම රජවාසලට.
(ඝාණ්‌ටාරය වදියි. හඬ කෙමෙන් අඩුව යයි)


1 මිනිසා : මහ රජතකුමනි, ඝාණ්‌ටාරය නාද වෙනවා.
රජතුමා : රාජපුරුෂයිනි, මට ඒ හඬ හොඳින් ඇහෙනවා. මා දැන ගන්න කැමතියි ඒ සත්ත්වයා කවරෙක්‌ ද කියා. දැනගෙන වහා මෙහි එන්ටැයි කීම හොඳයි.


(කෙටි විරාමයක්‌)
1 මිනිසා : එහෙමයි දේවයන් වහන්ස, එළදෙනක්‌
2 මිනිසා : අඬ අඬා ඝාණ්‌ටාරය නාද කරනවා.
රජතුමා : මොකක්‌ හෝ විපතක්‌ වෙලා තියෙනවා. වහා තොපෙන් එකෙක්‌ ගොස්‌ එළදෙන කැඳවාගෙන එනු.
1 මිනිසා : මහරජතකුමනි, පුදුම දර්ශනයක්‌. ආන්............. ආන්........ ඒ පාර සත්තු රැළක්‌ ම රජංගණයට රැස්‌වෙලා.
රජතුමා : සත්තකු රැළක්‌ ම
2 මිනිසා : එහෙමයි දේවයන්  වහන්ස. හාවෝ, මුවෝ, ගෝන්නු. රිලව්, වඳුරෝ මොනරු ආන් කුරුල්ලෝ මුළු ආකාසෙ ම රෑන් රෑන්. උන් ඇවිල්ල රාජංගණය අවට ගස්‌වල ලගිනවා.
2 මිනිසා : ස්‌වාමිනි, වැඩිවෙලා යන්න පෙර අපට මේ සියල්ල දැනගන්න පුළුවන්. ආ මේ එන්නෙ එළහාමිනෙත්.


(එළදෙනාගේ හඬ)
රජතුමා : සත්ත්වය! තොප හඬන්නේ!
එළදෙන : (විලාප නඟා) මහ රඡ්ජුරුවන් වහන්ස, මම මේක කොහොමද උහුලගෙන ඉන්නෙ. අනේ මට වුණු දෙයක්‌. මට තවත් ජීවත් වෙන්න උවමනා නෑ.
රජතුමා : නොහඬව! තොපට සිදු වූ විපත් කීම හොඳයි.
එළදෙන : අනේ මගේ අලුත උපන් පුතා, අප හුඟාක්‌ අහිංසක විදියට අර තණ පිට්‌ටනිය අද්දර හිටියේ.
රජතුමා : ඉතින්
එළදෙන : ඉතින් මට මේක කීමට අවසර දෙන්න ස්‌වාමීනි.
රජතකුමා : සත්ත්වය! තොපට හැම අවසරයක්‌ ම තිබෙනවා
 
එළදෙන : ඔබේ පුත් කුමාරයා පවනට බඳු වේගයෙන් අශ්වයා පිට ගහගෙන ගියා. ඉතින් මගේ පුතාගේ එක්‌ ඇලයකට අශ්වයාගේ පා පහර වැදිල අන්තිමයි. (ඉකි බිඳියි)
රජතුමා : මගේ පුත් කුමාරයා හුම්, මගෙ පුත් කුමාරය?
එළදෙන : අනේ දේවයන් වහන්ස! උදහස්‌ නොව මගේ මේ නඩුව අහන්න.
රජතුමා : මට තේරෙනවා මගේ පුත් කුමරු කළත් වරද නම් වරදක්‌මයි. (අශ්ව කුර ගැටෙන හඬ ඈතින්)
මිනිහ : දේවයන්වන්ස! තරුණ කුමාරයා වාසල පැත්තට එනවා!
එළදෙන : අනේ මහ රජතුමනි, මගේ පුතාගේ පණ දැනටමත් ගිහින්ද දන්නේ නෑ. අනේ මගේ දුඹුරෝ උඹට මේ වගේ විපත්තියක්‌ වෙයි කියල මං තුන් හිතකින්වත් හිතුවේ නෑ.
රජතකුමා : මාගේ පුත් කුමරා වහා මෙහි කැඳවාගෙන එව රාජපුරුෂයිනි.
මිනිසා : යහපති දේවයන් වහන්ස.
රජතුමා :ඉතින් සත්ත්වය! මෙය දුටු අය සිටිත් ද?
එළදෙන : කොතෙකුත් ඉන්නවා දේවයන් වහන්ස.
රජතුමා : ඔවුන් සාක්‌ෂියට කැඳවිය යුතුය. රාජපුරුෂයිනි මෙය සියැසින් දුටු සත්ත්වයෙක්‌ සිටී නම් වහා කැඳවනු මැනවි.
මිනිසා : යහපති දේවයන්වහන්ස (සතුන් අමතා) මහ රජතුමා ඉල්ලා සිටිනවා. මෙය සියැසින් දුටු කෙනෙක්‌ ඇත්නම් වහා සාක්‌ෂියට එන ලෙස.
(සතුන්ගේ ශබ්ද)
කුමාරයා : පිය රජතුමනි මට කතා කළා ද?
රජතුමා : මේ සතුන්ගේ පැමිණිල්ල මට විභාග කිරීමට සිදු වී තිබෙනවා. නුඹ මගේ පුත්‍රයා වුවත්, ඔටුන්න හිමි කුමාරයා වුණත් මේ නඩුවේ විත්තිකාර පක්‌ෂයටයි ඔබ මේ මොහොතේ අයත් වෙන්නෙ.
කුමාරයා : (තනිව) මගේ අතින් වැරැද්දක්‌ වුණා තමයි. ඒත් මොකටද ඒක කියන්නෙ.
රජතුමා : පුත් කුමරුවනි, මේ එළදෙන කියා සිටිනවා නුඹ අශ්වයා පිට නැඟී යද්ඳී මේ එළදෙනගේ පුතාට අශ්වයාගේ එක්‌ පාදයක්‌ ඉතා වැරෙන් වැදුනා කියා. ඒ කුඩා සත්ත්වයාට බරපතලයි.
කුමාරයා : පියාණෙනි, මා හිතන්නනෙ නෑ මෙය මා අතින් සිදු වූ වරදක්‌ කියා.
රජතුමා : හොඳයි මේ සත්ත්වයාගේ සාක්‌ෂිකරුවන්ට දුන් කතා කිරීමට අවස්‌ථාව.
උකුස්‌සා : දේවයන් වහන්ස, මා නිතරම ඉන්නේ ඔය කියන පිට්‌ටනිය අද්දර තියෙන කොට්‌ටම්බා ගහේ මම මගේ උකුසු ඇස්‌වලින් දැක්‌කා මේ රාජ කුමාරයා පවනට බඳු වේගයකින් අශ්වයා පිට නැඟ එනවා. මේ රාජකුමාරයා මේ අසරණ එළදෙනගේ පැටෙව් සිටි පැත්තට එක්‌වර ම අශ්වයා හැරෙව්වා. එතකොට තමයි ඔය අනතුර සිද්ද වුණේ.
රජතුමා : තවත් සාක්‌ෂි කරුවන්?
හාවා : මම ස්‌වාමිනි තණ පිට්‌ටනියේ ටිකක්‌ ඈතින් ඉන්න හාවෙක්‌. ඔය සිද්ධිය මම හොඳට බලාගෙනයි කුමාරයා පුදුම වේගයකින් කැලෑ මණ්‌ඩිය පැත්තෙ අශ්වයා පැදෙව්වා. ඒත් මම මුවරාලට කිව්වා මෙහෙම වේගයෙන් එළවන්නේ මොන එහෙකට ද කියලා.
රජතුමා : මේ මුවේ, කියන්න යමක්‌ තියෙනවා ද?
මුවා : එහෙමයි දේවයන් වහන්ස.... මේ රජ කුමාරයා වැදකරුවා කියලා මා කියන්නේ ඒ අසු ඒ පැදෙව්ව වේගය නිසා ම නොවේ. හිටි ගමන් ඒ අසු ව මේ එළහාමිගේ පැටවා ඉන්න පැත්තට හැරෙව්වා. ඉතින් වේගය පාලනය කරගන්න බැරිවුණා....
එළදෙන : අනේ මහ රජතකුමනි මම කෑගහල මගේ පුතාට කිව්වා අයින් වෙන්න කියල. ඉතින් මගේ පුතා අයින් වුනා. ඒත් ඊට වඩා අයින් වෙන්න ඉඩක්‌ තිබුණේ නෑ. හෙණයක්‌ වැදුණා වගේ අශ්වයාගේ කුර පාර වැදුණේ.
රජතුමා : විත්තියේ සිටින කුමාරයාටයි මා මේ කතා කරන්නේ නිදහසට කරුණු තිබේ ද?
කකුමාරයා : (සන්සුන්ව) මා අසු පිට නැඟී වේගයෙන් ගමන් කළ බව ඇත්ත. තරමක්‌ ආධුනික නිසා මට අසු පාලනය කර ගැනීමටත් බැරිවුණු බව ඇත්ත. ඒත් මේ සත්ත්වයා ගේ පුතණුවන්ගේ ඇඟේ වැදුණු බව මා දුටුවේ නෑ,
රජතුමා : මගේ රාජධානියේ සියලුම සත්ත්වයින්ට මා දුන් සියල්ල වටහා ගත්තා. මගේ පුතණුවන්ගෙ වුවත් වරදක්‌ ඇත්නම් එය වරදක්‌ ලෙස මට පේනවා. දැනට මට ප්‍රත්‍යක්‌ෂ ව ඇති සාක්‌ෂි අනුව පෙනෙන්නෙ මගේ පුත් කුමරුවා අතින් මේ වරද සිදු ව ඇති බවයි. දුන් මම මෙහෙම තීන්දුව දෙනවා.


(සතුන්ගේ ශබ්ද)
සත්තු : තීන්දුවක්‌! තීන්දුවක්‌!
උකුස්‌සා : කවුරුත් නිශ්ශබ්ද වෙන්න, මහ රජතුමා ඔබ අමතනවා.


රජතුමා : රාජ පුරුෂයෙනි, වහා ඒ ස්‌ථානයට ගොස්‌ එ වසුපැටවා උසුලා ගෙන අවුත් රාජකීය ජීවක වෛද්‍යවරයා ලවා ප්‍රතිකාර ලබාදිය යුතු ය. මේ එළදෙනට කන්නට බොන්නට දී රැකවරණය ඳී ආරක්‌ෂා කළ යුතුයි. මේ රා කුමාරයාට, මගේ පුත්‍රයාට මා අවවාද කර සිටිනවා නැවත තුන්මසක්‌ යනතකුරු අසුපිට ගමන් යාම තහනම් බව. එපමණක්‌ නොව, වන්දි වශයෙන් ඔය සිද්ධිය වුණු ප්‍රදේශය මගේ රාජධානියේ අභය භූමියක්‌ කිරීමට මා අණකර සිටිනවා.


සතුන් : අභය භූමියක්‌, අභය භූමියක්‌.


රජතුමා : මේ රජ කුමාරයා ඒ කාර්යය මේ සත්ත්වයා වෙනුවෙන් කළ යුතුයි. දැන් මේ රාජංගණයේ සිටින සියලුම සතුන්ගෙන් සමාව අයැදිය යුතුයි.
කුමාරයා : (රජතුමා අනුව කියයි) සියලු වන සත්ත්වයිනි, මා අතින් වූ වරදට සමාව දෙනු මැනවි. මින් පසු එබඳු වරදක්‌ මා අතින් සිදු නොවනු ඇත.


(සතුන්ගේ හඬවල්)
සත්;; : වරදක්‌ වෙලා සමාව එපා!
(අශ්ව රථයක්‌ එන ශබ්දය)
1 මිනිසා : ආන් ........ ආන්......... ජීවකතුමා
රජතුමා :ජීවකතුමා.
2 මිනිසා : එළදෙනගේ පැටවාත් එක්‌කල එන්නේ.
(උම්බෑ හඬ)


එළදෙන : අනේ මගේ පුතේ, මට දැන් ජීවත් වෙන්න පුළුවන්. උඹ ජීවත්වෙලා ඉන්නවා කියන්නේ මම ජීවත් වෙනවා කියන එකයි.
මිනිසා : ආන් දැක්‌කද ජීවක තුමාගේ අතින් පැනල වහු පැටිය දුවගෙන එනවා.
මිනිසා : ඕනෑම පැටියෙකකුට අම්මාගේ තුරුළ තමයි එකම සැනසුම.
(යළිත් උම්බෑ හඬ)
එළදෙන : පුතේ. වරෙන් මගේ තුරුල්ලට. අපි දැන් අවසර අරන් යමු.
රජතුමා : දැන් මේ සත්ත්වයෝ මොකද කියන්නෙ?
උකුස්‌සා : අපි දැනගන්ඩ කැමැතියි රජතුමා පුත් කුමරයාට දෙන දඬුවම.
රජතුමා : හොඳයි, මම මෙහෙම කිව්වොත් මේ සත්ත්වයෝ කැමැති වෙනවද?
හාවා : මොකක්‌ද ඒ?
මුවා : මොකක්‌ද............. මොකක්‌ද හැබෑට?
මිනිසා : ආ ! රජතකුමා දඬුවමක්‌ දෙන්නයි යන්නෙ.
මිනිසා : මොන විදියෙ දඬුවමක්‌ ද දන්නෙ නෑ දෙන්න යන්නෙ ?
රජතුමා : මේ සත්ත්වයෝ කියා සිටිනවා නම් මගේ පුතාවත් එය විදියටම තවත් සත්ත්වයෙක්‌ ඇවිත් හප්පල තුවාල කරන්ඩ ඕනෙයි කියල. මම දැනගන්ඩ කැමැතියි ඒ දඬුවම මගේ පුත් කුමරයටත් දෙන්ඩ ඕනද කියලා.
උකකුස්‌සා :නෑ.... නෑ..... නෑ...අපි එහෙම කිව්වේ නෑ.
හාවා : අපි කිව්වේ නෑ
මුවා : අපි අවෙ පැමිණිලි කරන්න.
ඉබ්බා : රඡ්ජුරුවෝ අපිට කිව්ව අසාධාරණයක්‌ වුණොත් පැමිණිලි කරන්නයි කියල.
රජතුමා : හොඳයි මම මොකද කරන්ඩ ඕනෑ ? මං මේ සත්තුන්ගෙන් අහනව.
(සතුන් අතර කසුකුසුවක්‌)
මුවා : ඈ එළහාමිනේ, අපි මොකද කරන්නඩ ඕනෑ ?
එළදෙන : මගේ පුතා..... මට අයිතිවුණා.
ඉබ්බා : මොකක්‌ද අපි කරන්නඩ ඕනෑ ?
උකුස්‌සා : අපි, සහෝදර සහෝදරියනි, රජතුමාට මෙහෙම කියමු.
මුවා : කොහොමද?
හාවා : මොකක්‌ද කියවන්නෙ?
උකුස්‌සා : අපි රජතකුමාට කියමු (සතුන් සියල්ලෝම එය අනුකරණය කරති) අපි ආවේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්ඩ විතරයි. මේන් මේ ඝාණ්‌ටාරේ ගහලා අපි ඒක කියා සිටිය එච්චරයි.
(තේමා වාදනය)

 
(c) Shilpa Sayura Foundation 2006-2017