තිලමුට්‌ඨි ජාතකය
 

යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රඡ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි ඒ රඡ්ජුරුවන්ගෙන් බ්‍රහ්මදත්ත නම් රාජ කුමාර කෙනෙක්‌ ඇත්තා හ. ඒ බ්‍රහ්මදත්ත රඡ්ජුරුවොත් තමන්ගේ පුතණුවන්ට මස්‌සෙන් දහසක්‌ හා පිළි සඟලක්‌ හා පත් කුඩයක්‌ හා වහන් සඟලක්‌ හා බත් මුලක්‌ ආදී වූ දෙය දී දිසාපාමොක්‌ ආචාරින් කරා ගොස්‌ ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙන ගෙන එවයි යැවුහ.


එකියන කුමාරයාත් තක්‌සලා නුවරට ගොස්‌ දිසාපාමොක්‌ ආචාර දකිනට ගිය වේලාවට දිසාපාමොක්‌ ආචාරින් ශිෂ්‍යයන් ශිල්ප ශාස්‌ත්‍ර උගන්නා මිදුලෙහි සක්‌මන් කොට සිටියා හ. ඒ වේලාවට රජකකුමාරයන් ළඟ එන්නා දුක. ඇයි තොපි කුමට ආවදැ'' යි විචාරා. ශිල්ප උගන්ට ආමි'' කී කල්හී ආචාරින්ට වස්‌තු දී ශිල්ප දුක උගනු ද?'' කුලියට ශිල්ප උගනු ද'' යි විචාළ කල්හි එව්ට රාජකකුමාරයත් ආචාරිභාගයක්‌ පළමුකොට තබා වැදහොත්තාහ. එවිට දිසාපාමොක්‌ ආචාරින් රාජ කුමාරවරුන් නම් කල්යවා ශිල්ප උගන්ට බැරිය, වහා ශිල්ප උගත මැනැවැ'' යි කියා සාමාන්‍ය නකත් සලස්‌වා ශිල්ප උගන්ට පටන් ගැන්වූ හ. ඒක දවසක්‌ රාජ කුමාරයන් පිටිපස්‌සේ ලාගෙන නාන්ට වැවට යමින් සිටියාහ. එක්‌තරා මෑලි ස්‌ත්‍රියක්‌ එලකරපු තල අව්වේ වනා වියළමින් සිටියා ය. ඒ වෙලාවට දිසාපාමොක්‌ ආචාරි පස්‌සේ යමින් සිටි රාජ කුමාරයෝ එකියන එලතල දුක කන්නා අභිප්‍රාය ඇතිව ගාණන් අතට කාපුහ. එ කියන මෑලි ස්‌ත්‍රින් ඒ දුක කුඩා කොල්ලා හෙයින් බඩජසයින් කාපුව මැනැවැයි සිතා බැණ නොහැකි සිටියාහ.


දෙ වන දවසුත් එපරිද්දෙන් ම රාජකකුමාරයෝ තල ගාණක්‌ ඇරගෙන ගියාහ. තන් වන දවසුත් එපරිද්දෙන් ම ඇරගත්තාහ.


එවිට ස්‌ත්‍රී සිතන්නී.මේ නියායෙන් දවස්‌පතා කත්නම් මාගේ තල නිමාවෙයි'' සිතා කියන්නී. දිසාපාමොක්‌ ආචාරින් වහන්ස, තමන් වහන්සේගේ අතවැස්‌සන් ලවා මාගේ තල ගන්නාසේකැ'' යි මොරගෑව. එවිට දිසාපාමොක්‌ ආචාර. ඇයි මෑණියෙනි, මම කුමන අන්‍යාවක්‌ කෙළෙම්දැ යි කීහ. එවිට ස්‌ත්‍රී කියන්නී. නුඹ වහන්සෙ පස්‌සෙ යන අතවැසි තුන් වාරයක්‌ මාගේ තල ඇරගෙන ඉනිබිබෙත් තල ගනිත් නම් මාගේ තල නිමන්නේය'' යි කියා මොරගා කීය. එවිට දිසාපාමොක්‌ ආචාර කියන්නාහු. ඊට තොප වික්‌ෂේප නොව තොපගෙන් කෑ තලවලට මම මිල දෙමි'' යි කීහ.


එවිට ස්‌ත්‍රිය කියන්නී. කෑ තලයට මිපල එපයි ඉනිබ්බේ මාගේ තල නො කන ලෙස අවවාද කියව'' යි කීහ. එවිට දිසාපාමොක්‌ ආචාර කියන්නාහු. ඉදිරියේදී පාටව කෙරෙමි'' යි කියා අතවැස්‌සන් දෙන්නකකු ලවා දෑත්කර අල්වා උණපත්තෙන් පාර ගණනක්‌ ගස්‌වා පාටව කරවූහ.


එවිට රාජ කුමරාත් දෑස්‌ රත්කොට උරණ ව මුහුණ බලා වෛර බැන්දේ ය. දිසාපාමොක්‌ ආචාරීන් තමන් කෙරේ වෛර බැඳි නියාව දත්හ. දැන දැනත් සියලු ශාස්‌ත්‍ර උගන්වා නිපුණ කරවූහ. එ රාජකුමාරයාත් දිසාපාමොක්‌ ආචාරන් වැඳ නුවරට යන්නාහු. ආචාරීන් වහන්ස, මම සැපසේ රාජ්‍යයට පැමිණියෙම් වම් නම් නුඹවහන්සේ කැඳවා එමි, එවිට අව මැනැවැ'' යි කියා තමන්ගේ රටට ගොස්‌ පිය රඡ්ජුරුවන්ට ශිල්ප දැක්‌වූහ.


එවිට රඡ්ජුරුවොත් සමාධිව මා ඇස්‌ හමුයේ මොහුගේ රාජ්‍යශ්‍රීය දකිමි සිතා රාජ්‍යශ්‍රීය දුන්නාහ. එකියන රාජකකුමාරයාත් රාජ්‍යයයට පැමිණ දිසාපාමොක්‌ ආචාරන්ට පාටව කරන්නා කැමති ව, ආචාරින් වහන්සේ මා කෙසේ සැක නොසිතා වහා එන්නේ යහපැත'' යි කියා යැවුහ. එපවත් දිසාපාමොක්‌ ආචාරින් වහන්සේ අසා රඡ්ජුරුවන් වහන්සේ මා කැඳවා එන්නේ මට ස්‌නේහයෙන් නොවෙයි. මා ගැසූ පාරට නිග්‍රහ කරන්නට යි සිතා දුන කුමාරයෝ බාලයෝ ය. එසේ හෙයින් මා කියන අවවාද දැන් අසන්නො නොවෙති. පසුව වැඩිමහලු වයසට පැමිණ කල යෙමි සිතා නොගොස්‌ කල්යාමක්‌ කොට රඡ්ජුරුවන් වැඩිමහලුව ගිය පසු දිසාපාමොක්‌ ආචාරින් නො කැඳවා ම තුමු ගියහ. ගොස්‌ වාසල සිට තමන් ආ පවත් කියා යවූහ. එපවත් අසා රඡෑජුරුවෝ යහපත ආචාරින් වහන්සෙ කැඳව'' යි කියා කැඳවා කියන්නාහු ඇයි ආචාරිනී, තොපි මරණ නළලේ තබා අවුද? එදවස්‌ තොප විසින් මා තල තැළවූ පාර තව දක්‌වා මගේ පිටේ රිදෙන්නේ ය.''යි කියා අමාත්‍යයෙනි, මේ දිසාපාමොක්‌ මරව'' යි කීහ. එවිට දිසාපාමොක්‌ ආචාර කියන්නාහු, රඡ්ජුරුවෙනි, එදවස්‌ තොප කෑ තලයට පාරක්‌ නොගැසී නම් දෙවෙනි දවස්‌ අනික්‌ සොරකමක්‌ කරනා සේක. එවිට යම් කෙනෙකු මරා දමපු නම් දැන් මේ රාජ්‍යශ්‍රීය ලබන්ට නැත්තෙව් ද? එසේ හෙයින් හික්‌මව පිණිස කල පාටවයට උත්තමයෝ වෛර නොබඳිති'' කියා කීහ.


එපවත් අසා බොහෝ අමාත්‍යයෝත් එසේම ය, දේවයන්වහන්සැ'' යි දිසාපාමොක්‌ ආචාරින් වහන්සේ පිණිස රාජ්‍යශ්‍රී නුඹවහන්සේ ලද්දෙය''යි අමාත්‍යයෝ කීය. රඡ්ජුරුවෝ ඒ කාරණය සිතාගෙන ආචාරින්ගේ බොහෝ ගුණ සඳහන් කොට කියන්නාහු දිසාපාමොක්‌ ආචාරිනී, රාජ්‍යය පිළිගනුව'' යි කීය. එපවත් අසා දිසාපාමොක්‌ ආචාරිහු රාජ්‍යය නො ගිවිස්‌සාහ. රඡ්ජුරුවෝත් තමන්ගේ මිනිසුන් යවා ආචාරින්ගේ අඹු දරුවන් ගෙන්වා ගෙන තමන්ගේ නුවර ලා ආචාරින්ට බොහෝ තරම් පදම් සලස්‌වා තමන්ට පුරෝහිත තනතකුරෙහි තැබුවේ දැයි වදාරා මේ තිලමුටිඨි ජාතකය නිමවා වදාළ සේක.


අවබෝධය
එල කරපු තල- ශූද්ධ කළ තල
කුමන අන්‍යාවක්‌- කවර කරදරයක්‌
ඉනිබ්බේ - ඉන් පසු
වික්‌ෂේප නොව - පසු තැවිල්ලට පත් නොව ·කනගාටු නොව
පාටව- දඬුවම
මා ඇස්‌සමුයේ - මා අභිමුඛයේ · මා ඇස්‌ ඉදිරිපිට
තරම් පදම් - තාන්න මාන්න · තත්ත්වය


අවබෝධය


1 ගමේ ජාතක කථාවට මුල් වූ ප්‍රධාන සිද්ධිය කකුමක්‌ ද?
2 ගමහලු ස්‌ත්‍රියගේ පැමිණිල්ල වෙනුවෙන් ඇදුරුතුමා කවර ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළේ දැයි දක්‌වන්න.
3 කුමරුට ගුරුතුමා කෙරේ වෛර බැඳ ගැනීම නුසුදුසු බැව් ඒත්තු ගියේ කවර අවස්‌ථාවකදී දැයි පැහැදිලි කරන්න.
4 දිසාපාමොක්‌ ඇදුරුතකුමා කෙරෙහි දක්‌නට ලැබෙන යහපත් ගුණාංග මොනවා ද?


භාෂා හුරුව
1 පහත දැක්‌වෙන වාක්‍යවල තද කළු අකුරින් යෙදී ඇති පදවලට ගැළපෙන වෙනත් පද යොදා වාක්‍ය නැවත ලියන්න.
උදා - උණ පත්තෙන් පාර ගණනක්‌ ගස්‌වා පාටව කරවූහ.
උන පතුරෙන් පාර ගණනක්‌ ගස්‌වා දඬුවම් කරහුව.


තමන්ගේ පුතණුවන්ට මස්‌සෙන් දහසක්‌ හා පිළි සඟලක්‌ හා පත් කුඩයක්‌ හා වහන් සඟලක්‌ දී යැවූහ.
එක්‌තරා මෑලි ස්‌ත්‍රියක ඵල කරපු තල අව්වේ වනා වියලමින් සිටියා ය.
ඇයි මැණියෙනි, මම කුමන අන්‍යාවක්‌ කොළෙම් ද?
ඊට තොප වික්‌ෂේප නොව තොපගෙන් කෑ තලවලට මම මිල දෙමියි කීය.
එවිට රඡෑජුරුවෝ සමාධි ව මා ඇස්‌සමුයේ මොහුගේ රාජශ්‍රීය දකිමියි සිතා රාජ්‍යශ්‍රීය දුන්හ.


2 මෙම වචනවලට සමානාර්ථ පද දෙක බැගින් ලියන්න.
ශීල්ප
ඇදුරු
නිරිඳු
මෑණි
ස්‌ත්‍රි


වියරණ හුරුව
බ්‍රහ්මදත්ත නම් රජ කුමාරයෙක්‌ සිටී.
ඒ වෙලාවට එක්‌තරා මෑලි ස්‌ත්‍රියක්‌ එල කරපු තල අව්වේ වනා වියළමින් සිටියා ය.


ඉහත දැක්‌වෙන වාක්‍ය දෙකේ කුමාරයෙක්‌ හා ස්‌ත්‍රියක්‌ යන නාම පද දෙකෙන් නිශ්චිත කුමාරයෙක්‌ හෝ නිශ්චිත ස්‌ත්‍රියක ගැන නොකිය වේ. මෙසේ නිශ්චිතාර්ථය දිය නොහැකි නාම පද. අනියමාර්ථ නාම පද'' යනුවෙන් හැඳින්වේ. කුමාරයෙක්‌, ස්‌ත්‍රියක්‌ යන නාම පද උක්‌ත රුප වෙයි. ඒවා අනුක්‌ත වීමේ දී වාක්‍යවල යෙදෙනේනේ මෙසේ ය.


දිසාපාමොක්‌ ඇදුරු තුමා බ්‍රහ්මදත්ත නම් රාජ කුමාරයකු ශිල්ප ශාස්‌ත්‍රයෙහි නිපුණ කළේ ය.
දිසාපාමොක්‌ ඇදුරු තුමා මැලි ස්‌ත්‍රියක ඉදිරියෙ දී කුමාරයාට තැළුවේ ය.


පහත දැක්‌වෙන වාක්‍යවල හිස්‌තැනට සුදුසු පදය තෝරා ලියන්න.


මෙවර සිංහල භාෂාව හා සාහිත්‍ය තරගයේ සමස්‌ත ලංකා ජයග්‍රහණය අපේ විදුහලේ ............................ ලබා ගත්තේ ය.
(ශිෂ්‍යයෙක්‌ ·ශිෂ්‍යයකු)


නාට්‍යයේ රඟ පෑ ................................. සම්මානය දිනා ගත්තා ය.
(නිළියක· නිළියක්‌)


සාත්තු සේවිකාවක්‌ රෝගයෙන් පෙළුණු ........................ නැළවුවා ය.
(දරුවෙක්‌· දරුවකු)


ළමයා .......................... දුක බිය විය. (සර්පයෙක්‌· සර්පයකු)


....................... අරලිය ගසට නැඟ මල් නෙළුවා ය.
(දැරියක · දැරියක්‌)

(c) Shilpa Sayura Foundation 2006-2017