වාරකන් නැති කාලයෙහි රැයෙක, නිරිත දිග වෙරළට යන්නෙකකුට මුහුදු ඉම හා තරු කැට විසිරුණු අහස එක් වන ක්‌ෂිතිජයේ එක පෙළට දැල්වූ තෙල් පහන් මෙන් සැලි සැලී දිලෙන තරු එළි සමුදායක් පෙනේ. ඒ ඈත දියඹේ මසුන් මරන්නන්ගේ ඔරුවල දල්වන ලද පහන් ය. ධිවර ලෝකයේ සීමාව මුහුදේ සැතපුම් කිහිපයක් පමණි. එද ඇසට පෙනෙන පරිදි නිසල නිල් මිණි තලාවක් නොව, මහ රළ වැලින් ද සැඩ පරුස සුළගින්ද සසල ලොවකි.
සාමාන්‍ය ධීවරයන්ගේ සීමාව, මුහුදුකරයෙන් සැතපුම් කිහිපයක් පමණක් වුව ද, මසුන් මැරීම සඳහා නැව් හමුදා යොදා ගත් ජපානය, රුසියාව, සහ ඇමරිකා එක්‌සත් ජනපදය වැනි දියුණු රටවල ධීවරයෝ තම මුහුදුකරයෙන් ඉතා ඈත මුහුදු හා සයුරු තරණය කරති.
වඩා නොදියුණු රටක් වශයෙන් සැලකෙන දකුණු ඇමෙරිකාවේ පීරුව ද එලෙස ධීවර කර්මාන්තය දියුණු කරගත් රටවලින් එකකි. වෙළඳාම සඳහා කෙරෙන මසුන් මැරීමෙන් සියයට අනූවක පමණ කොටසක් කෙරෙනුයේ උතුරු අර්ධ ගෝලයේ මුහුදු හා සයුරුවලය.
මසුන් මැරීම සඳහා කෙතරම් ඈත දියඹ කරා යන්නේ දැයි තීරණය කරන්නේ අල්ලා ගැනීමට බලාපොරොත්තු වන මාළු වර්ග අනුවය. මගීන් එහා මෙහා ගෙන යමින් මහ සයුර තරණය කරන මහ නැව් හා අහස් යානා රඳවා ගෙන යුද නැව් හා සසඳන විට මසුන් මරන ඔරු, රුවල් නැව්, ට්‍රෝලර් යනාදිය සෙල්ලම් බෝට්‌ටු වැනිය. එහෙත් මහ සයුර කළබා හමන "හරිකේන්' වැනි සැඩ සුළං පහර කපා යෑමට පවා මේ යාත්‍රා පදවන හුරු බුහුටි එඩිතර මසුන් මරන්නන්ට සමහර විටක සිදු වේ.
සයුරේ රළ තුළ සැඟවුණු නොයෙක් විදියේ අන්තරා වෙයි. ඈත මුහුදුවල සැරිසරන ධීවරයන් හදිසි කුණාටු, ඝණ මීදුම් හා පාවෙන හිම කුට්‌ටි ආදියෙන් බලාපොරොත්තු රහිත ව සිදු විය හැකි අනතුරු වලට මුහුණ දීමට සූදානමින් සිටිය යුතුය. මහ පොළොව මත ස්‌ථිර ව පය තබා සිටගෙන රැකවරණ ඇති වැඩපළෙහි යෙදෙන අතිවිශාල ජනකායට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර සැපයීමට දිවා රෑ වෙහෙසෙන මේ නිර්භීත නාවික ධීවරයන් අතරෙන් මහ සයුර මැද අවසන් හුස්‌ම හෙළන සංඛ්‍යාව ද සුළු නැත.
නව එංගලන්ත වෙරළ ඔබ්බෙහි කොඩ් හා හැලිබට් මසුන් මැරීමෙහි යෙදෙන සමහර ධීවරයෝ, ළඟ ම ඇති වරායෙන් සැතපුම් සිය ගණනක් ඈත දියඹෙ දී අත්ලන්තිකය හරහා හමන ඊසාන කුණාටු සුළඟට ද ඇතැම් විට මුහුණ දෙති. මේ සීත කුණාටු වලින් කැළඹෙන මුහුදු දිය වැටීමෙන් නැවේ මතුපිට ඝන හිම තට්‌ටු සෑදෙන අවස්‌ථා ද වෙයි. හිම තට්‌ටුවල බරට නැව ගිලුනු වාර ද ඇත.
මසුන් මැරීම සමහර රටවල සංවිධානයකින් යුතුව කෙරෙන විශාල ව්‍යාපාරයකි. මේ රටවල වෘත්තියක් වශයෙන් මසුන් මරන්නෝ එම කාර්යයෙහි විශේෂඥයෝ ද වෙති. මුහුදේ විවිධ වර්ගවල මසුන් සිටිය ද ඒක එක් ධීවරයා ඉන් එක වර්ගයක් පමණක් ඇල්ලීමේ
විශේෂ හුරු පුරුදුකම් දියුණු කර ගනී, ප්ලොරිඩා මුහුදේ ස්‌පොන්ඡ් මසුන් අල්ලන්නෝ ට්‍රෝලර් වලින් දියඹේ මසුන් ඇල්ලීමට නොවෙහෙසෙති. ඔවුහු බෙල්ලන් ඇල්ලීමට පමණක් සීමා වූ ක්‍රම හුරු පුරුදු කර ඒවායේ නිපුණ වෙති. ටූනා (කෙලවල්ලාන්ට සමාන මත්ස්‍ය වර්ගයක්) මසුන් මරන්නෝ ඒ වැඩෙහි ම නිරත වූවෝ වෙති. මේ ආදී වශයෙන් එක් එක් දස්‌කම් ලබාගැනීමට පෙළඹේ. ඒ ඒ කටයුත්තට සීමා වූ විශේෂ දක්‌ෂකම් වෙයි. ආම්පන්න වෙයි, යාත්‍රා උපකරණ ද වෙයි. ඒ නිසා ම මෙසේ විශේෂඥ බව ලැබීම මසුන් මැරීම සාර්ථක ව ද කාර්යක්‍ෂමව ද කරගෙන යෑමට අතිශයින් උපකාර වේ. ටූවා වැනි මසුන් අල්ලන යාත්‍රා හා ආම්පන්න වෙළඳ වටිනාකමක් ඇති වෙනත් මසුන් ඇල්ලීමට යෝග්‍ය නැත.
දුරාතීයේ මසුන් මරන්නෝ දියවැපලි හා සුළඟ පිහිට කොටගෙන ඔවුන්ට හුරු පුරුදු මාළු බීම් කරා ගියේ ය. වඩා නොදියුණු රටවල ධිවරයෝ අද ද දියවැල් හා සුළඟ ආධාර කරගෙන ගමන් කරති. දියවැල් අඩු වූ විට හෝ සුළං නොමැති වූ විට මුහුදේ දින ගණන් අතරමං වෙති. මෙවැනි අවස්‌ථාවලඳී සුළං බලාපොරොත්තුවෙන් සිටීම හැර කළ හැකි අන් දෙයක් ඔවුනට නැත. මෙසේ දිගුකලක්
රැදීමට සිදු වුව හොත් අල්ලා ගත් මසුන් නරක් විය හැකිය. සමහරු මෙවැන් අතවර වලදී මුහුදේ දී මසුන් ලුණු දමති.
ඈත දියඹේ යන සියලු ම යාත්‍රා පැට්‍රල් හෝ ඩීසල් බලයෙන් දිවෙන නිසා, වර්තමානයේ ධීවරයන්ට දියවැල් හෝ සුළඟ හෝ කෙරෙහි බලාපොරොත්තු රඳවා සිටීමට අවශ්‍ය නැත. තවද, අල්ලාගනු ලබන මසුන් නරක් නොවී ආරක්‌ෂා කරගැනීම සඳහා යාන්ත්‍රික ශීතකරණ ඇත. අද සති ගණන් එක දිගට ම සයුර මැද මසුන් මැරීම කළ හැකිය. ධීවරයන්ගේ කටයුතු පහසු කරවනු සඳහා විද්‍යාවේ
පිහිට ලබා නොයෙක් යන්ත්‍රෝපකරණ නිපදවා ඇත. විදුලිය බලයෙන් මග පෙන්වන "රාඩාර්'' උපකරණ වෙයි. ඒ අතර ම නැවෙන් නැවට කතා කළ හැකි රේඩියෝ උපකරණ ද ඇත. මේ බලවත් කෙටි තරංග ගුවන් විදුලි යන්ත්‍ර මගින් ගොඩබිම සිට විහිදුවා යවන කාලගුණ පිළිබඳ නිවේදන, කුණාටු සංඥා වැනි අනතුරු හැඟවම් අසා දැනගැනීමටත්, ඒ අනුව කටයුතුකිරීමටත් පිළිවන.
නූතන මසුන් මරන්නෝ පැරැන්න් භාවිත කළ ආම්පන්න මෙන් ම නවීනතම ආම්පන්න ද පාටිච්චි කරති. යොත, දැල, බිලී කටුව, ශත වර්ශ ගණනාවක් තිස්‌සේ ධීවරයන්ගේ ආම්පන්න විය. අද ද ඒවා පාවිච්චි වේ. එහෙත් යොතට ඇමුණු බිලී කටු කිහිපයක් වෙනුවට අද බිලී කටු සියයක් හමාරක් එක පෙළට අමුණනු ලැබේ. අතේ සවිය වෙනුවට මෝටර් බලය යොදා ගැනෙයි. අතීතයේ පාවිච්චි කළ සරල, ගොරහැඩි දැල් වෙනුවට නවීන වූ ද, වඩා ශක්‌තිමත් වූ ද, විශාල වූ ද දැල් ඇත. වෙනදා එක් වරකට මාළු රාත්තල් සියයක් හමාරක් පමණක් එක පෙළට අමුණනු ලැබේ. අතේ සවිය වෙනුවට මෝටර් බලය යොදා ගැනෙයි. අතීතයේ පාවිච්චි කළ සරල,
ගොරහැඬි දැල් වෙනුවට, නවන වූ ද, වඩා ශක්‌තිමත් වූ ද, විශාල වූ ද දුල් ඇත. වෙනදා එක් වරකට මාළු රාත්තල් සියයක් පමණක් අල්ලාගත් අතංගකු වෙනුවට මාළු ටොන් ගණනක් එකවර අල්ලාගත හැකි අතංගකු මෙකල පාවිච්චි කරති. බඩරය නැත්නම් වින්චිය ද, යාන්ත්‍රික දැල් අදින (ලයින් හෝලර්) ද ඒ සඳහා බහුල ව උපකාර වේ.
ධීවරයන්ට හෙලකොප්ටරය ද උදව් වෙයි. හෙලිකොප්ටරයේ සිට නැවටත්, නැවේ සිට හෙලිකොප්ටරයටත්, දෙපසට කතා කළ හැකි රේඩියෝ මගින් මාළු ඉන්නා තැන් දැන සලකුණු කර, මසුන් මරන්නෝ ඒ කරා යති. එවැනි උපකරණ තිබුණ ද, තවමත්, පළපුරුද්ද අනුව ඉවෙන් මෙන් මාළු අයින් කරා යන්නෝ ද වෙති. මසුන් මරන යාත්‍රාවේ කපිතාන් සහ සෙසු නාවිකයෝ මාළු අයින් ගැන සෙවිල්ලෙන් යාත්‍රා කරති. මුහුද දුඹුරු පැහැ ගැහී ඇති තැන් දුටු විට විමසිලිමත් වෙති.
දුඹුරු පැහැ ගැන්ව ඇති තැනින් හැඟවෙන්නේ දිය යට මුහුදු පෑළැටි ඇති වගයි. මාළු බහුල ව ගැවසුණ ද, ධීවරයෝ එවැනි තැන්වලට වඩා කැමැත්තක් නොදක්‌වති. ඒ දැල් ආම්පන්න පටලැවී අවහිර වීමට හා ඒවාට හානි වීමට ඉඩ ඇති බැවිනි. මේ නිසා වඩා කොළ පැහැති දිය ඇති තැන්වලට ඔවුහු කැමැත්තක් දක්‌වති. දිය කොළ පැහැ ගන්නේ සීත දියවැල් ඉපිලීම නිසාය.
පත්ලේ ස්‌වරූපය (විෂ්මතාව), පොළොවේ භ්‍රමණය හා සුළං නිසා සීත දියවැලි ඉහළට ඉල්පී මතකු වෙයි. එසේ මතුවීමේ දී මුහුදු පත්ලේ වැවෙන "ප්ලැන්ක්‌ටන්'' නම් මුහුදු ශාක විශේෂය ද මතු වේ. "ප්ලැන්ක්‌ටන්'' කෑමට මාළු අයින් ඇදී එති. (මෙය ද ස්‌වභාවධර්මයාගේ ආහාර චක්‍රයේ පුරුක් වැලකි) කුඹය මත හිඳ හෝඩුවා සොයන නැවියා මෙවැනි තැන් දුටු විගස දන්වයි. මාළු අයින් සොයා ගැනීමට මුහුදු ලිහිණි ද උදවු වෙති.
මුහුදේ පීනා යන මාළු අයින් බලා පියාසර කරන මුහුදු ලිහිණියෝ මාළු අයින් දුටු විට කිමිදී මසුන් ඇල්ලීමට පටන් ගනිති. මුහුදු ලිහිණි ගැවසීම මාළු අයින් ඇති බවට නොවරදින ලකුණකි. සමහර මසුන් වර්ග වැඩි වශයෙන් දිය මතු පිටට නුදුරුව ද සමහර වර්ග කරමක් ගැමුරු දියෙහි ද ගැවසෙති. ගැඹුරේ ගැවසෙන
මසුන් සොයාගැනීම සඳහා විදිලියෙන් ක්‍රියා කරන ඉලෙක්‌ට්‍රෝනික් සොයනයක් නිපදවා ඇත. නැවේ ඇති ගැඹුර මානයෙන් එන ශබ්ද තරංගයෙන් මුහුදේ ගැඹුර මනී. සටහන් වගකුවේ සලකුණු වෙයි. සමහර විටෙක පත්ලේ නියම ගැඹුරට අඩුවෙන් සටහන් වන අවස්‌ථා ද ඇත. පත්ලේ නියම ගැඹුර දිගට ම බඹ 100 ක් සටහන් ව ආවා යයි සිතමු. හදිසියේ ගැඹුර බඹ 40 ක් 50 වශයෙන් සටහන් වුවහොත් ඒ කරුණු කිහිපයක් නිසාය. කලින් නොදත් මුහුදු පර හා මුහුදු කඳු වැනි දේ නිසා විය හැකිය. එසේ නොවන්නේ නම් මුහුදු පැළෑටි නිසා හෝ මාළු අයින් සිටීම නිසා හෝ විය හැකිය. මේ අනුව සටහන් වන්නේ ඒ බාධක දක්‌වා ගැඹුරුයි. පළපුරුදු ධීවරයෝ වගකු සටහන අනුව මාළු අයින් ඇති නැති බව හදුනා ගනිති. ඔවුහු වඩා පරිකෂාකාර වෙති, මාළු අයින් නිසැක ව ම තෝරාබේරා ගනිති.
කරදිය මසුන් මරන්නන් වෙළඳාම සඳහා මසුන්ගෙන් පසුගිය වසර දශකය තකුළ වැඩි වශයෙන් අල්ලනු ලැබූ මාළු වර්ගය ටූනාය. වර්ෂයකට ඩොලර් 50,000,000 වටිනාකම ඇති මාළු රාත්තල් 30,000,00,000 ඇමරිකාවේ පමණක් අල්ලනු ලබයි. මේ ටූනා මාළු බිම කැලිපෝනියාවේ සිට උතුරු පීරුව දක්‌වා විහිදේ. "ටූනාවෝ'' ගමනේ දක්‌ෂයෝ ය. සමුද්‍ර ජීවි විද්‍යාඥයින්ගේ මතය අනුව පැයට සැතපුම් 25-45 ක් අතර වේගයක් මොවුන්ට ඇත. රාත්තල් 5 සිට රාත්තල් 150 දක්‌වා බර ටූනාවෝ සිටිති.
මෑතක් වන තෙක් ටූනාවන් ඇල්ලුවේ බිලිකටු ඇමුණූ යොත් වලිනි. සාමාන්‍ය වශයෙන් ඇම සඳහා ගන්නේ සාඩිනයෙකු පමණ කුඩා මාළුවෙකි. මාළු ටොන් එකක් ඇල්ලීමට ඇම රාත්තල් 200ක් පමණ අවශ්‍යය. ටූනා අයින් දුටු විගස ධීවරයා එක එක ඇම විසි කරයි. ඔහු සවි ඇති පිතිවල ගැට ගැසූ බිලියෙන් මසුන් ඇදගනිති. මෙසේ පිත්තෙන් බාගැනීමට මනා පුරුද්දක් අවශ්‍ය වෙයි.
ටූනා බෝට්‌ටුවක පළපුරුදු ධීවරයෝ 8ක් හෝ 10ක් වෙති. පැය 5 කදී 6 කදී ටොන් 50ක් පමණ මොවුන්ට ඇල්ලිය හැක. රාත්තල් 35ට අධික බරෙන් යුත් මාළුවෙකු ඇල්ලීම තනි පිත්තකින් කළ හැකිය. රාත්තල් 35-60 තෙක් බරැති මාළුවෙකකු ඇල්ලීමට පිති දෙකක් අවශ්‍යය. 61-100 තෙක් පති 3 ක් ද, තිදෙනෙක් ද, 100ට වැඩි මාළුවෙකකු ඇල්ලීමට පිති 4ක් හා හතර දෙනෙක් ද අවශ්‍යය. ධීවරයන් ටූනාවන්ගේ ප්‍රමාණ දක්‌වන්නේ පිති ගණනෙනි. එක පිත්තේ ටූනා, පිති හතරේ ටූනා යනාඳී වශයෙනි.
සාමාන්‍යයෙන් බෝට්‌ටුවක් මාසයක් හෝ දෙකක් මූදේ රැඳෙනු ඇත. පෙර මාසයදී හෝ දෙකකදී ඇල්ලු මාසුන් ප්‍රමාණය නවීන දියුණු ක්‍රම නිසා අද දින 10කඳී හෝ 15 කදී අල්ලා ගැනීමට පිළිවන. අද වඩා සවිමත් වූත්, සැහල්ලු වූත් නයිලෝන් දැල් වැඩි වශයෙන් පාවිච්චි වේ. එලෙස ම විශාල දැල් ඇද ගැනීම සඳහා බල අදන (බලයව යෙදවූ බොලොක්‌ක) ඇත. නැවේ ඩෙක්‌කුව (නැවක මතුපිට තට්‌ටුව) මත සවි කොට ඇති කුඹයක් හා සමාන රිටක අග කප්පියක් වැනි උපකරණයක් වෙයි. එය බලවේග යෙදවූ බොලොක්‌කියකි. මේ නිසා දෑතේ සවියෙන් ඇද ගන්නවාට වඩා විශාල බරක් අදගැනීමට හැකි වේ. ටූනා ක්‌ලිපර් (බෝට්‌ටු) වානෙන් හෝ ලීයෙන් සාදා ඇත. මේ බෝට්‌ටු අඩි 20-32 පමණ පළල් වන අතර, අඩි
65-150ක් පමණ දිග වෙයි. මේවා ක්‍රියා කරනුයේ ඩිසල් හෝ පැට්‍රල් බලයෙනි. සාමාන්‍යයෙන් අශ්වබල 250-1000ක පමණ බලයක් මේ ඇන්ජින්වල ඇත. වේගය පැයට නාවික සැතපුම් 12 ක් පමණි. ටොන් 60 සිට ටොන් 300 දක්‌වා බර මසුන් ගෙන යා හැකිය. ටොන් 900ක පමණ බරක් ගෙන යා හැකි බෝට්‌ටු දැන් දැන් නිපදවාගෙන යනු ලැබේ.
ටූනා හැරුණු විට වෙළඳ වටිනාකමක් ඇති වෙනත් මාළු වර්ග ද වෙයි. ඉස්‌සන්, පොකිරිස්‌සන්, බෙල්ලන් වැනි වර්ගවලට හොඳ මිලක් ලබාගත හැකිය. තල්මසුන් මැරමද මෑතක් වන වෙත් වාසි ලැබිය හැකි කර්මාන්තයක් විය. එහෙත් තල්මසුන්ගේ තෙල් වෙනුවට පැට්‍රල් වැනි ඛනිජ තෙල් වර්ග තිබීම නිසා මේ මසුන් මැරීම අඩු විය. තවත් හේතුවක් නම් වග විභාගයක් නැති ව තල්මසුන් මැරීම නිසා උන් හිඟ වීමය. තල්මසුන් සම්පූර්නයෙන් ම වඳ ව යෑම වළක්‌වා ගැනීම සඳහා අන්තර් ජාතික නීති සකස් කොට ඇත. ඒසේ වුව ද, ලෝකයේ විශාලතම තල්මස් විම වූ ඇන්ටාක්‌ටික් ප්‍රදේශයේ උන් ක්‍රමයෙන් වඳ වගෙන යන බව පෙනේ.
ලෝකයේ කරදිය සහ මිරිදිය ජලාශවල මසුන් වර්ග 30,000ක් පමණ වේ. මේ සංඛ්‍යාවට ක්‌ෂිපායි වර්ග වූ සිල් හා තල්මසුන් ද, ඉස්‌සන් පොකිරිස්‌සන් වනි ක්‍රස්‌ටෙසියා ගණයේ මසුන් ද අයිති නැත. සාගර විද්‍යාඥයින්ගේ මතය අනුව ලෝකයේ ජීවින්ගෙන් දහයෙන් නව පංගකුවක් ම ඉන්නේ සාගරවලය. 30,000 ක් පමණ වූ මත්ස්‍ය වර්ගවලින් ධීවරයන් විසින් අල්ලාගනු ලබන්නේ වර්ග 60ක් හෝ 70ක් පමණි. මීට ඒක හේතුවක් නම් අල්ලා ගැනීමට තරම් සෑහෙන ප්‍රමාණයක් එක වර්ගයකින් නොවීමය. සමහර මාළුබිම් ධීවරයන්ට යාත්‍රා කළ හැකි සීමාවන් තුළ නොතිබීමත්, බොහෝ වර්ගවල මසුන් කෑමට මිනිසුන් රුචියක් නොදැක්‌වමත් තවත් වැදගත් හේතු දෙකකි.
ඉතා සීඝ්‍රයෙන් ජනගහණය වැඩි වේගෙන යන මේ ශත වර්ෂයේ අන්තර් ජාතික වශයෙන් මුහුණ දීමට සිදු ව ඇති ප්‍රශ්ණයක් නම්, මේ විශාල ජනගහණයට අවශ්‍ය ආහාර සපයා ගැනීමයි. විද්‍යාඥයින් ද පෝෂණවේදීහු ද අනාගත පරම්පරාවලට සාගරයෙන් ආහාර සැපයීමට බලාපොරොත්තකු වෙති. මෙහිදී කරුණු දෙකක් ඔවුන්ගේ සැලකිල්ලට භාජන වෙමින් පවතී. එනම් දැනට තිබෙන මත්ස්‍ය සම්පත් ආරකෂා කර සකසුරුවමින් පරිහරණය කිරීම හා අලුත් ආහාර වර්ග මුහුදෙන් ලබාගැනීමය.
ධීවර ප්‍රශ්න සාකච්ඡා කර අදහස් හුවමාරු කරගැනීම හා පිළියම් සෙවීම සඳහා අන්තර් ජාතික ආයතන රාශියක් වෙයි. එක්‌සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන අන්තර් ජාතික සමුද්‍ර විද්‍යා කොමිසම ඉන් එකකි. එමෙන් ම අන්තර් ජාතික ඉන්දියා සාගර ගවේෂණය ද මේ වැඩ පිළිවෙළට ම සම්බන්ධ වූවකි. අවුරුදු 4ක් තිස්‌සේ පැවති මේ ගවේශණයේ අරමුණ, ඉන්දියන් සාගරය සම්පූර්ණ වශයෙන් විද්‍යාත්මක ගවේෂණයකට භාජනය කිරීමයි. මේ ව්‍යාපාරයට ගවේෂණ නෞකා 16ක් ඇත. එක්‌සත් ජනපද රාජ්‍යය, එක්‌සත් රාජධානිය, බටහිර ජර්මනිය, හා රුසියාව ඇතුළු රටවල් 11කින් විද්‍යඥයෝ 125ක් එකමුතු ව එහි කටයුතු කරති. මත්ස්‍ය සම්පත්වලට තවත් විශාල තර්ජනයක් මිනිසාගෙන් එල්ලව ඇත. එනම් මිනිසා විසින් පරිසරය භයානක ලෙස අපිරිසිදු කරනු ලැබීමයි.
යෝජනා :-
1. "විද්‍යාවේ දියුණුව නිසා ධීවර කර්මාන්තය වෙනස් වූ අයුරු''
කර්මාන්තයේ කීප පැත්තක් වෙන් වෙන් ව ගෙන මේ ගැන කතාබහ කරන්න.
2. "හෙට අනිද්දා කාල ගුණය අයහපත්ය''
මේ ප්‍රකාශය විකාසනය කරන්න. මේ සඳහා ඉදිරිපත් කළ හැකි භූගෝලීය හේතු ආදිය ගැන සිතන්න. හේතු සහිත ව නිශ්චිත ව කරුණු ප්‍රකාශ වන අයුරින් හය සකස් කරන්න. ඒ ඇසුරෙන් ගුවන් විදුලිය නිවේදනයක්, මසුන් මරන්නන් ගේ දැනගැනීම සඳහා පිළියෙල කරන්න. (පන්තියේ හැම දෙනා ම මේ කාර්යයට හවුල් වනු මැනවි)
3. මේ ලිපියේ අලුත් වචන රාශියක් වේ. එයින් ඇතැම් වචනද ඉංග්‍රීසි වචන ඇසුරින් සකස් කරන ලද ඒවාය. ඒ වචන ලැයිස්‌තුවකට ගන්න. එක් එක් වචනයෙන් ඔබට වැටහෙන තේරුම සටහන් කරගන්න.
4. මේ ලිපියෙන් කරුණු කිහිපයක් තෝරාගෙන, ඒ කරුණු ආශ්‍රයෙන් පාඨශාලීය ශීෂ්‍ය සමිතියක දී කරන්නට සුදුසු කථාවක් සකස් කර ලියන්න.
