ප්රශ්නය :
යොදුන් ගණන් උසගිය අය පාත එ තී
ගණන් නැති දනෝ ඒ අය මග හරි තී
නොයෙක් සෙනඟ මේ මිතුරට කැමති වෙ තී
කියාපන් මාමේ දැන ගන්නට පින් ඇ තී
පිළිතුර:
කින්ද බෑනො ඒ ඇත්තා නොදන් නේ
වැව් ළිං පොකුණු සැම තැන්වල සිටින් නේ
සව් සිරි සැපෙන් අපි සැම දෙන රැකෙන් නේ
මේග ජලෙන් එන වැසි පොද බොලන් නේ
