තේ කෝප්පය
 

"අද අරුමැක්‌කෙ අබේපාල මහත්තයත් එනවා. හොඳ උදැල්ලක්‌ තෝරලා තියන්ඩ ඕනැ'' කී වෙද මහතා පසෙක වූ උදලු ගොඩෙන් එකක්‌ අතට ගෙන තලය බිමට තබා තද කොට බලා පසෙකින් තැබුවේය.
"මටත් හිතුණා වෙද මහත්තයගෙ ශ්‍රමදානේ බලන්ඩ එන්ඩ, අද නිවාඩු දවසෙ.'' වෙද මහතා දුටු අබේපාල මහතා ඈත තියාම කීවේය.
"කොච්චර හොඳද ? හැබැයි වැඩ කරන්නඩ ඕනෑ. ඔන්න මම හොඳ උදුල්ලක්‌ තෝරලා තිබ්බා'' කි වෙද මහතා කොක්‌හඬ ලා සිනාසුණේ ය.
"ගිය සැරෙත් එන්ඩ හිතාගෙන හිටිය. ඒත් බැරිවුණා මොකක්‌ හරි ගමනක්‌ යෙදිලා.''
"ඒකට කමක්‌ නැහැ, අද ආවා හොඳට ම ඇති.'' කියමින් උදැල්ලක්‌ ද රැගෙන කණ්‌ඩියෙන් පහළට බැස්‌ස වෙද මහතා පාර මායිම් කිරම සඳහා ඇද තිබුණු කොහු ලනු පොට දිගේ බඹ හත අටක්‌ දුර කොටාගෙන කොටාගෙන ගියේය. අනතුරු ව ළඟ සිටි තරුණයා අතට උදැල්ලදී කොටාගෙන යනව ඔහොම දිගට ම'' කීවේය.


මිනිත්තු දෙක තුනක දී බඹ පනහක්‌ පමණ දුරට පාර මායිම් කර අවසන් විය. කවුරුත් අතට අහු වුණු උදැල්ලක්‌, යකඩ ඉන්නක්‌, හෝ ගල් කටුවක්‌ ගෙන පාර කැපීමේ වැඩ පටන් ගත්හ.


උදලු බිම වදින හඬ මිනිසුන්ගේ කටහඬ මැඩගෙන පැතිර ගියේය. කුහුඹුවන් රැළක්‌ මෙන් කඩිසර ව වැඩෙහි යෙදී සිටි මිනිසුන්ගේ
උද්යෝගය දුටු අබේපාල මහතාගේ සිත නව හැඟීමකින් පණ ගැන්විණි. ළමයින් මෙන් ම මහල්ලන් ද තරුණයන් සමඟ උරෙන්නුර ගැටී වැඩ කළේ තරඟයට මෙනි. අබේපාල මහතාගේ දෑත් නලියන්නට විය. වැඩ නොකර බලා සිටීම ගැන සිට යටි සිත තමාට දොස්‌ නගන්නාක්‌ මෙන් අබේපාල මහතාට දැනුණි


පාර මැදට අසු වුණු පොල් ගස වට කරගත් කීප දෙනා ඒ වටේ කනීන්නට වූහ. තරුණයෙක්‌ කඹයක්‌ රැලෙන ගසට නැග එහි කෙළවරක්‌ මුදුනේ ගැට ගැසුවේ ය.


අබේපාල මහතා කමිසය කමිසය ලිහා අසල වූ ගල් පොත්ත මත තබා සරම කැහැපට ගසා ගත්තේ ය. අබේපාල මහතාට උදැල්ලක්‌ ඉතිරි ව නොතිබුණි. වෙද මහතා තෝරා තබන ලද උදැල්ල ද වෙනත් කෙනෙකු අතෙහි විය. පොල් ගස වටේ කණිමින් සිටි කෙනෙකුගෙන් යකඩ ඉන්නක්‌ ඉල්ලා ගත් අබේපාල මහතා ද අනෙක්‌ අය සමඟ හරි හරියට වැඩ කරන්නට විය.


දිනපතා කන්තෝරුවට යන අතරමගඳී අබේපාල මහතාට මුණගැසෙන කම්කරුවන් කීප දෙනෙකුගේ මුහුණු ඔහු එහිදී දුටුවේය. වෙන දා නුදුටු විත්තාකර්ෂණීය භාවයක්‌ ඒ මුහුණු වල ගැබ් ව ඇතැයි අබේපාල සමඟ එක්‌ විය.


"හා ඕං'' එක්‌ අයෙකු නැගු හඬක්‌ සමඟ කඹය ඇදුණේය. පොල් ගස මදක්‌ නැවතී අවුත් යළිත් ආපසු ඇදුණේය. කිට්‌ටුව වැඩ කරමින් සිටි වෙදමහතා උදැල්ල අත හැර අවුත් කඹය අල්ලා ගත්තේ ය. හා ඕං යයි නැවතත් හඬ නැගුණි. ගස මදක්‌ ඇලවිය. හා ඕං යයි තුන්වැනි වරට නැගුණු හඬත් සමඟ ම පොල් ගස බිම ඇද වැටුණි.


වැඩ කරමින් සිටි කොලු රැළ දිව අවුත් එහෙ මෙහෙ විසිර ගිය කුරුම්බා ගෙඩි අහුලා ගත්හ. කීප දෙනෙක්‌ ජයග්‍රාහී ලීලාවෙන් පොල් කඳ මත වාඩි ව බුලත් සපන්නට වූහ. ඔවුන් සමඟ වාඩි ව සිටි අබෙපාල මහතා නළලින් වැගිරෙන ඩාහදිය දකුණු අත දබරැගිල්ලෙන් සූරා දුමුවේ ය.


වැඩ කිරමේ ආසාවෙන් පිබිදුණු කම්කරුවන්ගේ මුහුණු දකින අබේපාල මහතාට තමා දිනපතා කන්තෝරුවට යන අතරමගඳී දක්‌නට ලැබෙන කම්හල සිහි විය. තැනින් තැන ඉදි කරන ලද ගොඩනැගිලි වලට මෙන් විය. කම්හල නැගෙන කළු දුම් වළලු හුට පෙනෙන්නාක්‌ මෙන් විය. කම්හල ඉදිරිපිට කුඩා තේ කඩය ළඟ රැස්‌ වී තේ බීමට පොරකන කම්කරුවන් නිසා තමාට කීප දෙනක්‌ ම මොටෝරිය හසුරුවා ගැන්ම අපහසු වූ සැට ද සිහියට නැගුණි.


"තේ වතකුර, තේ වතුර'' පාරේ ඈත කෙළවරේ වැඩ කරමින් සිටි කවුදෝ කැගැසුවේය. කවුරුත් තමන් අත වූ ආයුධ බිම තබා එදෙසට ඇදෙන්නට වූහ.
"තේ ගෙනාවෙනං හොඳ වෙලාවට'' අබේපාල මහතාගේ යටි සිත කොඳුළේ ය.
"යමු මහත්තයා තේ වතකුර ටිකක්‌ බොන්ඩ'' වෙද මහතා කීවේය.
"යමු මාත් හිටියෙ දිව ගිලෙන්ඩ තරං පිපාසෙනුයි''


තේ බාල්දිය වට කරගෙන සිටි වැඩි දෙනා කම්කරුවෝ ය. විහිළු තහළුවෙන් යුතු ව තේ බීමේ යෙඳී සිටි ඔවුන්ගේ ප්‍රසන්න මුහුණ අබේපාල මහාතගේ සිත ඇදගත්තේ ය.


"කම්කරුවො, වැඩපළ, දාඩිය, කොයි තරං වටිනව ද?"
අබේපාල මහතාට සිතුණි.


වෙද මහතා ගෙනවිත් දුන් තේ කෝප්පය දෙතොළට ළං කළ අබේපාල මහතාට අමුතු සුවඳක්‌ හා රසයක්‌ දැනුණේ ය. එවැනි සුවඳක්‌ හා රසයක්‌ මින් පෙර කිසි විටෙක ඔහුට දැනී නැත.
කම්මල ළඟ කඩේ තේ ගැන පැතිර ගිය ආරංචිය ඔහුට සිහි විය. ඒ කඩේ තේ පමණ රස තේ වෙනත් තැනක නැතැයි යන ආරංචිය ඇසූ තමා දිනක්‌ තේ බීමට ඒ කඩයට ගිය සැටි සිහි විය. එක්‌ උගුරක්‌ පමණක්‌ කටට ගෙන තේ රස නැතැයි මුදලාලිට කී සැටිත්, ඔහු එයට දුන් පිළිතුරත් සිහියට නැගුණි.


"දාඩිය මහන්සියෙන් වැඩ කරන අයට පමණයි මේ තේවල රස දැනෙන්නේ,''  එදා මුදලාලි කීවේ සැබෑවකි. ඩහදිය හෙළන අයට ඒ කඩේ තේ පමණක්‌ නොව, කොහේ තේත් රසයි ඔහුට සිතුණි.
හිස්‌ කෝප්පය රැගෙන තේ බාල්දිය ළඟට ගිය ඔහු තවත් තේ කොප්ප්යක්‌ ඉල්ලා ගත්තේ ය.


යෝජනා :-


1. ඔබ ඉතා ම මහන්සි ව කිසි යම් වැඩක්‌ කළ දවසක්‌ ගැන මතක්‌ කළ හැකි ද? එසේ එසේ නම් ඒ පිළිබඳ විස්‌තරයක්‌ ලියන්න.
2. තේ කොප්පයක්‌ රසවත් වන්නේ තේ කහට හා සීනිවල සංයෝගය අනුවය. එහෙත් මේ කතාවේ සඳහන් තේ කෝප්පය රසවත් වූයේ වෙනත් කරුණක්‌ නිසාය. එය කකුමක්‌ දැයි ඔබට වැටහෙන්නේ ද? ඒ ගැන කතාබහ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017