බුද්ධං සරණය ද බලේ - ධම්මං සරණය ද බලේ
සංඝං සරණය ද බලේ - මෙතකුන් සරණ කමත තකුළේ
ඉරු දෙවියෝ වැඩිය තැනේ - බොල්පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ - කළුවර නොතිබෙයි එතැනේ
ව සහ බිජු වපුළ කලට - ගිරානිල්ල වෙන තරමට
දිය බඳිමින් නිසි තරමට - හීන් බණ්‌ඩි වෙන ගොයමට
දිය බඳිමින් නියර උසට - කිරි ඳී කිරි වදින කලට
කරල් නැමී නැඟෙනහිරට - ගොයම් පැසී තිබෙන කලට
නැකත් බලා ගොයම් ලියා - කමතට නිසි බිමක් සොයා
නැකත් බලා කමත ලියා - කමත වටට වැල් ඇදයා
කමතක් සැහැ කවය ලෙසට - කැටකර කැට කඳු සම කොට
වටට ම වට මාළු එක් කොට - කමත සුද්ද කර විගසට
නැකත් බලා අරක් තියා - අරක් වළලු බැතත් තියා
ඊට උඩින් ගොයම් තියා - මෙකී ලෙසට නිවැරදයා
හරක් ගෙනත් කමත තකුළට - බාන් වැලක් රැගෙන අතට
ගළතා ලා නිසි හැටියට - දෙවියන් සිහි කරගෙන සිට
මුදුනේ යන ගොන් රජුනේ - ඊළඟ යන වයිරයනේ
කලාතෙ-යන නාම්බනේ - මඩව දමව් විගසින්නේ
අං දෙක රන් ගාවඤ්ඤා - කන් දෙක මුතකු අමුණඤ්ඤා
හුණුරේ මුතකු අමුණඤ්ඤා - මෙකී ලෙසට සරසඤ්ඤා
ගොන් යන්නේ කඳු බොඩ ලු - ගළතන්නේ කරවැල ලු
පළදින්නේ මුතකු පබළු$ - වළඳින්නේ කිරිමදු ලු
මේ කොතනින් ගෙනා ගොනා - රුහුණු රටින් ගෙනා ගොනා
මේ කකුමකට ගෙනා ගොනා - කොළ මැඩුමට ගෙනා ගොනා
මේ කොතනින් ගෙනා ගොනා - මායා රටින් ගෙන ගොනා
මේ කකුමකට ගෙනා ගොනා - කොළ මැඩුමට ගෙනා ගොනා
ඉහළ වෙලේ තියෙන බෑනා - පහළ වෙලේ තියෙන බැතා
අටුකොටුවල තියෙන බැනා - අද පුරවමු මේ කමතා
යෝජනා :-
1. වැඩපළෙහි යෙදෙන අවස්‌ථාවල ගායනය කරන වෙනත් කවි ගී ආදිය සොයා පන්තියට ඉදිරිපත් කරන්න.
2. කමත්වල අමුතු ම භාෂාවක් කතා කෙරෙයි. ඒ කියමන් හා ඒවායේ තේරුම් සොයා සහන් කරගන්න.
3. මෙවැනි අවස්‌ථාවලඳී තම ආගම සිහිකරන්නේ ඇයි දැයි සොයා බලන්න.
