ආච්චිත්, මිණිපිරියත් දිය නාගෙන එති. මිණිපිරිය කර වටා දියරෙද්දක් එතූ කළගෙඩියක් උකුළේ තබාගෙන යයි.
මිණිපිර - ආච්චිඅම්මා දැක්‌කද චම්පා කරේ දාගෙන තිබුණු මාලෙ? හරි ලස්‌සනයි. පබළු දිලිසෙනවා. කාන්ති කඩා හැලෙනව. ආච්චිඅම්මා දැක්‌කෙ නැද්ද ?
ආච්චි - මට ඒකේ නිච්චියක් නෑ දුවේ.
මිණිපිර - මේනකාගෙ වළලු දැක්‌කෙත් නැද්ද ? එයාගෙ දෑතෙම වළලු පුරවාගෙන මේනකා නාල ඇඟ ඇතුල්ලන කොට සිලිං බිලිං ගෑවිල්ලෙ ඒ වළලු හෙලවෙනව. මට හරි ආස හිතුණා. මං ඒ වළලු අතගාලත් බැලුව. අර ආපු වෙළන්ද මට වළල්ලක් දීලා ගියෙ නෑ නේ.
ආච්චි - ඒ වෙළෙන්දා කාසි දුන්නෙ නම්, වළල්ලක් ගන්ඩ තිබුණා. අර තැටිය එච්චර වටින්නෙ නැතුව ඇති ඒකයි නොදී ගියෙ.
මිණිපිර - මං හරි ආසයි මේනකා වාගෙ වළලු ගොඩාත් අතේ දාගෙන ඉන්ඩ ආච්චි - දුට මං වළල්ලක් දෙන්නංකො. මං පුංචි කාලෙ අතේ දාපු වළල්ලක් මේ ළගදී මට හම්බ උණා. මං ඒක උඩහල්ලෙ තියල ඇති.
මිණිපිරි - ඒක හුඟක් පරණ ඇති නේද ආච්චිඅම්මේ ? මං හරි ආසයි අර මේනකා දාල තිබුණ ජාතියෙ වළලුවලට. ආච්චි - දුටු දුටු දේට ආස වෙන්ඩ හොඳ නෑ දරුවා.
මිණිපිර - ආච්චිඅම්මෙ, ඒ වළලු ගෙනත් දුන්නේ මේනකාගෙ අප්පච්චිලු. චම්පගෙ ජාතියෙ මාලෙකුත් ගෙනත් දෙනව කිව්වලු. ගෙදරට ළංවෙති ආච්චි - දුවේ, මේ දිය රෙද්දත් ඔය අච්ව තියෙන තැනකින් වනල, මට වතකුර ටිකක් රත් කරල දියං.
මිණිපිරිය දිය රෙදි වනා ගෙතුළට යයි. ආච්චි ගෙට අවුත් කොණ්‌ඩය පීරන්ට පටන් ගනියි. ඒ අතර කච්ඡපුට නමැති වළලු වෙළෙන්දාගේ කටහඬ ඇසේ.
කච්ඡපුට - වළලු වළලු කදා වළලු
පාට පාට කදාවළලු
අතට හැඩයි කදාවළලු
ගජ ලාබයි කදාවළලු
මිණිපිරී ගෙතුළ සිට දුව ගෙන එයි.
මිණිපිරි - ආච්චිඅම්මෙ, ආච්චිඅම්මෙ,
ආච්චි - ඇයි, ඇයි දුව මොකද ? අත පුච්ච ගත්තද ?
කච්ඡපුටගේ ගී හඬ ඈතින් ඇසේ
මිණිපිරී - නෑ ආච්චිඅම්මේ, අත පිච්චුණේ නෑ,
ආච්චි - එහෙනෙම් මේ කෑ ගාගෙන ආවෙ ?
මිණීපිර - ඔය ඇහෙන්නෙ නැද්ද ?
කච්ඡපුටගේ ගී හඬ ළං ළං ව ඇසේ
ආච්චි - වළලු වෙළෙද්දෙක් නේද ?
මිණිපිර - ඔව් අම්මා, වළලු වෙළෙන්දෙක් තමයි. අර ඈත එනවා පෙනෙන්නෙ. අනේ ආච්චිඅම්මා, හොඳ ආච්චිඅම්මනේ, මට වළලු අරන් දෙන්ඩ.
මිණිපිරි - අනේ ආච්චිඅම්මෙ, මං වෙළෙන්දට අඬගහන්ඩ ද?
ආච්චි - අනේ මේ දරුවට මොකවත් තෙරෙන්නේ නෑ නේ.
මිණිපිර - අන්න අර බලන්නකෝ. ජානකීලත් වළලු ගන්නවා. කෝ මට විතරයි නැත්තෙ. අනේ ආච්චිඅම්මෙ, වෙළෙන්දා මෙතනින් යන්කොට අඬගහන්ඩ ද?
ආච්චි - හා එහෙනම් අඬගහපං බලංඩ, වෙන එකක් නැතත් ඒ මිහිහගෙන් බැණුම් අහංඩවත් බැරි යැ, උදේ වගේ මිණිපිර මිදුලට බසී. ආච්චිඅම්මා තමාට ම කියා ගනී.
ආච්චි - ඒකිත් ඉතින් පොඩි එකියෙක් නෙ. ඒ වයසෙ අනික් ළමයි අඳින පළඳින හැටි පේන කොට ඒ පුංචි එකීටත් ආස හිතෙනව නේන්නං. ඒත් ඉතින් මං මොනව කරන්ඩ ද?
කච්ඡපුට ගේ ගී හඬ ළඟ ම ඇසේ
මිණිපිරී - වළලු, වළලු මෙහෙ ගෙනෙන්ඩ, මෙහෙ මෙහෙ, මෙහෙ ගෙනෙන්ඩ. ආච්චිඅම්මෙ, ආච්චිඅම්මෙ, ඒ වෙළෙන්දා නම් කලින් ආ මිනිහ වගේ නපුරෙක් නෙවෙයි වාගෙයි.
ආච්චි - අපේ නරක වෙලාවට ඒ මිනිහත් නපුරෙක් වෙයි ද කියල කවුද දන්නේ ? වෙළෙන්දො කවුරුත් එකයි දරුවො මිණිපිරි-එන්ඩ, එන්ඩ.
කච්ඡුපුට පැමිණ වළලු පෙට්‌ටිය ගෙපිළෙහි තබයි.
කච්ඡුපුට - අම්මා වළලු කොච්චර ඕනෑ ද? මෙන්න ඕනෑ තරම් තෝරා ගන්ඩ
ආච්චි - අනේ පුතේ, මෙන්න මේ කෙල්ලගෙන් බේරිල්ලක් නැතුව අඬගැහුව මිසක්, වළලු අරගෙන දෙන්ඩ දෙයන් නම් නෑ. මෙන්න මේ තලියවත් අරගෙන නිකං දෙනව කියල හිතාගෙන ඔය වළලු දෙකතුනක් දුන්නොත් උඹට පුතේ හොඳක් ම සිද්ධ වෙයි.
කච්ඡපුට - ආ මේ දරුවට වළල්ලක් දෙකක් නිකම් උණත් දීලා යන්ඩ බැරිවයැ. අපිත් දරුමල්ලො ඉන්න මිනිස්‌සු නේ. කෝ බලන්ඩ ඔය තැලිය.
ආච්චි - ඔන්න ඔය තලිය දීපන් දරුවො.
මිණිපිරී තලිය දී වළලු අතපත ගගා සිටයි. කච්ඡපුට තලිය පරිකෂාකර බලයි.
කච්ඡපුට - අම්මා, මේක තනි රත්තරන් තලියක් නෙ.
ආච්චි - මොනව කිව්ව පුතේ ?
කච්ඡපුට- ඔව් අම්මා, මේක තනි රත්තරන් තලියක්. කහවණු දාහකටත් වඩා වටිනවා.
ආච්චි - උඹට වරදිලා වෙන්ඩ ඇති පුතේ, දැන් ඩිංගට කලින් මෙහි ආවා වළලු වෙළෙන්දෙක්. ඒ මිනිහ මේ තලිය වියිට ගෙටි දෙකක් වත් වටින්නේ නෑ කියල වළලු නොඳී වන්ඩ ගියා.
කච්ඡපුට - ආ, ඒ සේරි වෙන්ඩ ඇති. එයා මං දන්නව. අපි දෙන්න එකට මයි වෙළෙඳාමෙ ආවෙත්. එයාට මේ තලිය අඳුනා ගන්ඩ බැරි වෙන්ඩ ඇති අම්මෙ. මේක කහවණු දාහකටත් වඩා වටිනවා.
ආචිච් - අනේ පුතේ උඹ අපේ දුප්පත්කමට ඔච්චං කරනව ද?
කච්ඡුපුට - නෑ අම්මා, මං කියන්නේ ඇත්ත, අම්මා කැමති නම් මා ළඟ තියෙන මේ වළලු ඔක්‌කොම ටිකයි, මගෙ මඩිස්‌සලේ තියෙන මසුරන් ඔක්‌කොම ටිකයි දෙන්නම්. මට තලිය දෙන්ඩ. එහෙම නැත්තම් තලිය වෙන කාට හරි වැඩි ගණනකට විකකුණා ගන්ඩ. එතකල් මං මේ දරුවට වළලු දෙක තුනක් දීල යන්නම්.
ආච්චි - උඹ ඔය කියන්නේ ඇත්තක් ම පුතේ ?
කච්ඡපුට - ඔව් අම්මෙ.
ආච්චි - මං මේ කල්පනා කරන්නේ..................
පුතේ අර අනිත් වෙළෙදත් මේ දරුව එක්‌ක ම එක ම රටක ඉඳල ආව කීව නේද ?
කච්චුපුට - ඔව් අම්මෙ, අපි එක කිට්‌ටුව ගම්වල ඉන්නෙ.
ආච්චි - ඒක තමයි පුතේ, මං මේ කල්පනා කෙරුවේ උඹල දෙන්න එක ම රටක ඉඳල එක ම රස්‌සාව කරන්ඩ එක ම පාරේ ආවට මොකද උඹල දෙන්නගේ ගතිගුණ නම් අහස පොළොව වගේ වෙනස්.
කච්ඡපුට - ඒක පුදුමයක් නෙවෙයි අම්මෙ. ඒක නෙවෙයි ඉතින් අම්ම කියන්නෙ මොකද ? මේ වළලු පෙට්‌ටියයි, මසුරන් ටිකයි අරගෙන තලිය මට දෙනවද ? නැත්නම්......
ආච්චි - උඹට ඕනෑ දෙයක් කර ගනින් දරුවෝ. මට හිතෙනව උඹ හොඳ දරුවෙක් කියල.
කච්ඡපුට - හා, එහෙනම් දුවේ, මෙන්න මේ වළලු පෙට්‌ටිය ම අරං තියා ගන්න. මෙන්න අම්මෙ මසුරන් ටික. මං මග විදයමට ටිකක් තියා ගත්තා අම්මේ.
ආච්චි - හොඳයි පුතේ, උඹට යහපතක් ම සිද්ද වුණාවේ.
කච්ඡුපුට - එහෙනම් මං යන්නම් අම්මෙ. මං යනව දුවේ.
කච්ඡපුට තලිය ගෙන යයි. ආච්චි මසුරන් පොදිය ද, මිණිපිරී වළලු පෙට්‌ටිය ද ගෙන ගෙතුළට යති.