සෙල්ලම් උසාවිය
 

මෙය සංස්‌කෘත සාහිත්‍යයේ එන කථාන්තරයකි. කථා සරිත් සාගරය නමැති පොත ඇසුරෙන් මේ නාට්‍යය සකස්‌ කරන ලඳී. මෙහිඳී යොදාගෙන ඇත්තේ පැරණි නාට්‍ය භාෂා ශෛලීයයි.


නළු පිරිස
1. බුද්ධින් - අධිකරණ නායකයා
2. චන්දන - වන්ද්‍රවර්ම මහලු බමුණා
3. කෝසල - ධනපාල
4. භූෂාණ - අධිකරණයේ ඝෝෂක
5. ජනක - "රසදත්'' (ඉඳි වෙළෙන්දා)
6. චන්ත්‍රවර්ම - මහලු බමුණා
7. ශක්‍ර දත්ත රජ - මහලු අමුත්තා


බුද්ධින්, චන්දන, භූෂාණ සහ ජනක ගැමි ළමයි වෙති. චන්ද්‍රවර්ම මහලු බමුණෙකි. අනික්‌ මහල්ලා වෙස්‌ වළාගෙන සිටි රජතුමාය. මුලින් ම නාට්‍යය නිශ්ශබ්ද ව කියවන්න. කථා ශරීරය හිතට ගන්න. ඉන් පසු කණ්‌ඩායම් වශයෙන් රඟ දක්‌වන්න. ඒ ඒ කණ්‌ඩායම් වල ඉතා ම හොඳින් රඟපාන ළමයින් එකතුව වාරාවසානයේඳී නාට්‍යය වේදිකාගත කරන්න. ගුරුතුමාගේ උපදෙස්‌ අනුව දෙබස්‌වල ඇති අලුත් වදන් දැනගෙන ඒවා ඉතා ම හොඳින් උච්චාරණය කරන්නට පුහුණු වන්න.


දර්ශනය : ළමයි කණ්‌ඩායම ඔවුන්ගේ කෙළිපිටියට ගමන් කරති. බුද්ධින් එහි නායකයාය.
බුද්ධීන් - අද කාවින්දයා නොපැමිණියේ ඇයි ?
චන්දන - ඔහු ශ්ලෝක වන පොත් කර පැමිණෙනු ඇත.
බුද්ධීන් - වැඩිහිටියෙකු - මග එල්ලා සේ පෙනේ. ඔහුට ඉඩ කඩ පාදා දෙමු. (ළමයි පසෙකට වෙති. චන්ද්‍රවර්ම නමැති මහලු බමුණා පැමිණෙයි. බුද්ධීන් ඔහු දෙස විමසිල්ලෙන් බලා සිට)


කමා කළ මැනවි : මුත්තණුවෙනි, ඔබ දෙස බසක්‌ දෙඩීමට අවසර ද?
වන්ද්‍රවර්ම - දරුවෙනි, තොපට මා හා දෙඩීමට ඇත්තේ කුමක්‌ ද?
බුද්ධීන් - මුත්තණුවෙනි, ඔබ ඉතා ම කණස්‌සල්ලෙන් පසුවන බව පෙනේ.
චන්ද්‍රවර්ම - දරුව, ඔබ බුහුටියෙකි. දුට සේ නිවැරදිය. මම මගේ වස්‌;;වට අහිමි වීමි. ඒ පිළිබඳ ව අධිකරණයට ඉදිරිපත් කළ මගේ පැමිණිල්ල ද නිෂ්ප්‍රභ විය.


කෝසල - පැමිණිල්ල සත්‍ය නම් නිෂ්ප්‍රභ වන්නට හේතකුවක්‌ නැත. නොවේ ද බුද්ධීන් ?
චන්ද්‍රවර්ම - සත්‍යය මතු ව නොපෙනෙන අවස්‌ථාවක එසේ විය හැකිය.
චන්ද්‍රවර්ම - ඔබ සත්‍යක්‌ ම කියන්නෙහිය. දරුවෙනි, මගේ පැමිණිල්ල සත්‍යයෙකි. දැන් හිරු පායා තිබෙන්නා සේ ම සත්‍යයෙකි.


එහෙත්........ එහෙත්.........


බුද්ධීන් - මුත්තණුවෙනි, වෙහෙස නැත්නම් ඔබේ කථා ප්‍රවෘත්තිය අසනු රිසියම්හ. එහෙත් අපි ඔබට කරදර කිරීමට නොකැමැත්තෙමු.
චන්ද්‍රවර්ම - දරුවෙනි, තොපි සියල්ලෝම කාරුණිකයෝය. එහෙයින් මගේ කථාව තොපට ඉඳුරා පවසමි. අපි මේ මගින් ඉවත් ව පහසු තැනෙක ඉඳ ගනිමු.


භූෂාණ - අර අසටු සෙවණ ඉතා සුවදායකය. නුදුරෙහි ඇති පොකුණ ඇසුරින් හමා එන මඳ සුළඟ ගත සිත සකසයි. අපි එහි යමු ද මුත්තණුවෙනි ? ඒ රුක්‌ සෙවණෙහි ගල්තලය මත ඔබට අසුන් ගත හැකිය. අපට ඒ වඩා සුදු වැලි තලාවෙහි හිඳගෙන ඔබට සවන් දිය හැකිය.


චන්ද්‍රවර්ම - යහපති දරුවෙනි, තොප රිස්‌සක්‌ ව වේවා. මේ ප්‍රවෘත්තිය තොපට කී විට මා සිත් තුළ කැකෑරෙන වේදනාව මඳෙකින් හෝ අඩු වනු ඇත.


බුද්ධින් - මුත්තණුවෙනි, එසේ නම් මේ ගල්තලාව මත අසුන් ගත මැනවි. චන්දන, නුදුරුව ම ඇත්තේ ඔබේ නිවෙසයි. දිව ගොස්‌ පැන් කෙණ්‌ඩියක්‌ ගෙන එනු, වැඩිහිටි ආගන්තුකයෙකුට සත්කාර පිණිසය යි මෑණියන්ට පවසා, හැකි නම් කිරි කුසලානවක්‌ ද ගෙනෙනු මැනවි.


චන්ද්‍රවර්ම - දරුවෙනි, නොවෙහෙසෙවු. කිසි සේත් කෑම් බීම් නොරිස්‌සෙමි. මොබින් හිඳ මගේ කථාවට සවන් දෙන්නේ නම් ඒ පමණි. (ළමයි වාඩි වෙති)


දරුවෙනි, මම දිළින්දෙක්‌මි. කුල සිරිත දත්තවුන්ගෙන් සිඟාලත් මසුරන් පන්සියයක ධනයක්‌ මා සතුව තිබිණි, ඒ සියල්ල කළයක දමා ඊ මත්තේ ඉඳ බාහා පැණි පුරවා ලිමි. මගේ ඒ හරුබස්‌ස මා මිත්‍ර ධනපාල නැමැත්තෙකු කෙර් ආරක්‌ෂාවට තබා මම පුණ්‍යතීර්ථ යාත්‍රාවෙහි යෙදුණෙමි. සාවුරුද්දකට පසු යළි පැමිණ මගේ ඉඳි කළය ඉල්ලමි. ඔහු මට මගේ ඉඳි ද මෑතක ලු සේය.


බුද්ධීන් - මුත්තණුවෙනි, ඔබ ධනපාලයාට කළය භාර දුන් මොහෙතෙහි එහි මසුරන් ඇති බවත් සඳහන් කෙළෙහි ද?


චන්ද්‍රවර්ම - නැත දරුව, කළයෙහි මසුරන් ඇති බවක්‌ ධනපාලයාට නොකීවෙමි. මා පෙරළා පැමිණ ගෙන යන තෙක්‌ ආරක්‌ෂා කරන්නැයි කියා මසුරන් ඉඳි කළය ඔහුට භාර දිනිමි.


බුද්ධීන් - ඔබ ඔහුගෙන් මසුරන් ඉල්ලුවේහි ද? ඔහු දුන් පිළිතුර කවරේද ?
චන්ද්‍රවර්ම - මා ඔහු සමීපයෙහි තබා ගිය ඉඳි කළයට යළිත් අත තැබුවේ මට එය පෙරළා භාර දුන් මොහොතේ පමණක්‌ ම බව ඔහු පුන පුහා කියයි, ඉඳි කළයකැයි යන මා කී බසින් මිස කළය තුළ කුමක්‌ වී දැයි නොදත් බව ද කියයි. මම ඉන් පසු අධිකරණය ඉදිරියට ගියෙමි. අධිකරණ නායකයා යුක්‌තිය පසිඳලුවේ මට අවාසි වන අන්දමිනි. ඔහු විචක්‌ෂණ තීරණ ගැන්මෙහි අපොහොසතෙකි.


බුද්ධීන් - ඉතින් ඔබ රාජාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් නොකෙළෙහි ද මුත්තණුවෙනි ?
චන්ද්‍රවර්ම - දරුවෙනි, රජතුමා ම මේ අරගලය පිළිබඳ යුක්‌තිය පසිඳලීම සඳහා රාජාධිකරණයට අප කැඳවා ඇත.
බුද්ධීන් - ශෝක නොකළ මැනවි මුත්තණුවෙනි, සත්‍යය ජය ගනු ඒකාන්තය.
චන්ද්‍රවර්මා - දරුවෙනි, මගේ සන්තාපය පිළිබඳ තොරතකුරු තොප සමඟ කීමෙන් මට එක්‌තරා සැනසීමක්‌ ලැබුණේය. මම දුන් නගර විශ්‍රාම ශාලාවට ගොස්‌ සැතපී පහන් කර උදෑසනක්‌ සේ ම රාජාධිකරනයට යමි.


බුද්ධීන් - යහපති මුත්තණුවෙනි.
ළමයි - නමස්‌තේ ! නමස්‌තේ !
චන්ද්‍රවර්ම - කුශලං තේ ! කුශලං තේ !
(චන්ද්‍රවර්ම යයි)


චන්දන - අධිකරණ නායකයන් ඒ අසරණයට වරදක්‌ කළහයි සිතමි. නොවේ ද බුද්ධීන් ?
කෝසල - ඔහු ප්‍රයෝගකාරයෙක්‌ නොවිය හැක්‌කේද ?
බුද්ධින් - නැත. නැත. ඔහු සැබෑ බව මට ඉඳුරාම දැනේ. කෙසේ වුව ද මෙහි වරදකරුවා සෙවීමේ කාර්යය මට භාර විණි නම් ඒ සොයාගන්නා සැටි මම දනිමි.


භූෂණ - අධිකරණ නායකයාගේ විනිශ්චය සාවද්‍යයයි ඔබ කියන්නෙහි ද?
බුද්ධීන් - මහලු බමුණා එසේ කියයි. විනිශ්චය සාධාරණ දැ යි සැකයක්‌ හැඟේ.
භූෂණ - අපි කෙළි පිණිස මේ නඩුව විසඳමු. ඒ නොමනා ද චන්දන ?
චන්දන - කදිමයි භූෂාණ කදිමයි. නොවේද බුද්ධීන් ?
බුද්ධීන් - මැනවි, මැනවි, අධිකරණ නායකයා මම වෙමි. කවුරු ද චන්ද්‍රවර්ම බ්‍රාහ්මණයා ?
චන්දන - මම ?
බුද්ධින් - මැනවි, චන්දන මහලු බමුණා, වුදිතයා ? මහලු බමුණාගේ මිත්‍ර ධනපාලයා කෝසල ද?
කෝසල- එසේය මම ධනපාලයා වෙමි, භූෂණත් ජනකත් කවුරු වෙත් ද?
බුද්ධීන්- අධිකරණයේ ඝෝෂකාඳීන් වුව  මැනවි.
භූෂණ- යහපති, අපි ආරම්භ කරමු, බුද්ධීන් මේ ගල්තලාව විනිශ්චයසායනය වේවා.
බුද්ධීන් - මම මඳක්‌ ඔබ්බට ගොස්‌ එහි සිට එන්නෙමි. එටිට භූෂණ, අධිකරණ නායකයා යහපත් වන්නේ යයි හඬ ගෑ මනාය. මා අසුන් ගන්නා තෙක්‌ සියල්ලන් ම නැඟී සිටිය යුතුයි. අධිකරණ නායකයාට. "ස්‌වාමීනි'' යි ඇමතිය යුතුයි. (බුද්ධීන් ඈතට යයි. අනෙක්‌ අය දෙසපට ව සිටිති.)


භූෂණ- අධිකරණ නායක තුමා යහපත් වන සේක.
(බුද්ධීන් පැමිණ අසුන් ගනියි)


බුද්ධින් - අද මුලින් ම විනිශ්චයට ගන්නේ ඉඳි කළයේ නඩුවයි. චෝදක චූදිත දෙපක්‌ෂම පැමිණ සිටිත් ද?
භූෂණ- එසේය ස්‌වාමිනි.
බුද්ධීන්- චෝදකයා කැඳවනු
භූෂණ- යහපත් ස්‌වාමීනි.
(භූෂණ මහලු බ්‍රාහ්මණයා මෙන් පෙනී සිටින චන්දන ඉදිරියට කැඳවාගෙන එයි. චන්දන අධිකරණ නායකයාට ආචාර කර එකත්පස්‌ ව සිටියි.


බුද්ධීන් - යුෂ්මතා කිනම් ඇත්තේ ද?
චන්දන- මම චන්ද්‍රවර්ම නැමැත්තෙමි, ස්‌වාමිනි.
බුද්ධින් - වාසය ?
චන්දන - දේශාටනයෙහි යෙදෙන්නෙක්‌මි. ස්‌වාමිනි ස්‌ථීර වාසස්‌ථානයක්‌ නැත.
බුද්ධීන්- ඝෝෂක, චුදිතයා කැඳවනු.
භූෂණ - යහපති (කෝසල කැඳනාගෙන අවුත්) මේ සිටින්නේ චූදිතයාය, ස්‌වාමිනි.
බුද්ධීන් - යුෂ්මතා කිනම් ඇත්තෙහි ද?
කෝසල- ධනපාල නැමැත්තෙමි, ස්‌වාමිනි.
බුද්ධීන් - වාසය ?
කෝසල- වාණිජ විථියෙහිය. ස්‌වාමිනි.
බුද්ධීන් - තෝ කෙතරම් වියැත්තෙහි ද?
කෝපස- සූ පනස්‌ වියැත්තෙමි ස්‌වාමිනි.
බුද්ධීන්- තේ මේ චන්ද්‍රවර්මයන් දන්නෙහි ද?
කෝසල - දනිමි ස්‌වාමිනි.
බුද්ධින් - චන්ද්‍රවර්මයා තගේ ආරක්‌ෂාවෙහි ඉඳි කළයක්‌ තබා ගියේ ද?
කෝසල - එසේය, ස්‌වාමිනි.
බුද්ධින් - ඝෝෂක, අර ඉඳි කළය ගෙනෙව.
භූෂණ - යහපත්, ස්‌වාමිනි.
(භූෂණි ගොස්‌ ඉඳ කළයක්‌ ගෙනවුත් තබන ලීලාව දක්‌වයි)
බුද්ධින් - ධනපාලයිනි, චන්ද්‍රවර්මයා තගේ ආරක්‌ෂාවේ තබා ගියේ මේ කළය ද?
කෝසල - (කළය දෙස පරික්‌ෂාවෙන් බලා) එසේය ස්‌වාමිනි, ඒ මේ කළයයි.
බුද්ධින් - කළය තුළ තිබෙන්නේ ඒ ඉඳීම ද?
කෝසල- (නැවතත් කළය පරිකෂා කර) එසේය ස්‌වාමිනි.
බුද්ධින් - එදා කළය තාගේ ආරක්‌ෂාවට භාරදෙන විට එහි තිබුණේ කුමක්‌ දැයි පරීක්‌ෂා කෙළෙහි ද?
කෝසල - නැත, ස්‌වාමිනි.
බුද්ධීන් - එසේ නම් මේ තිබෙන්නේ ඒ ඉඳි ම යයි කියන්නේ කෙසේ ද?
කෝසල - ස්‌වාමිනි, මොහු මා සමීපයේ තබා ගිය ඉඳි කළය එදා තැබූ තැතින් ආපසු ගත්තෙ මොහු පෙරළා පැමිණ එය ඉල්ලු පසුය. එදා මෙදා තෙක්‌ කිසිවෙකු විසිනිදු ඉඳි කළයට අත නොතබද ලඳී. එහෙයින් මේ ඇත්තෙත් ඒ ඉඳි ම යයි නිසැක ව කීමි.


බුද්ධින් - තමා භාරයේ මේ ඉඳි කළය කොපමණ කල් තිබුණේ ද?
කෝසල- සාවුරුද්දකට නොඅඩු කලක්‌ තිබිණි ස්‌වාමිනි.
බුද්ධින්- ඒ සා දීර්ඝ කාලයක්‌ තුළ අන්‍යයෙක්‌ මේ කළයේ තිබූ මසුරන් පැහැර නොගත්තේ යයි තට සපථ කළ හැකි ද?
කෝසල - සපථ කළ හැකියි, ස්‌වාමිනි, ගබඩාගාරයට ඇතුළු විය හැක්‌කේ මටත්, මගේ භාර්යාවටත් පමණකි. එය ආරක්‌ෂා සහිත ව දොරගුළු ලා වසා තිබෙන ගබඩාගාරයකි. ස්‌වාමිනි.


බුද්ධින් - මෙ කළයේ තිබුණු වස්‌තුව තා හෝ තගේ භාර්යාව හෝ පැහැර නොගත් බවත් තට සපථ කර කිව හැකි ද?
කෝසල- එසේය. ස්‌වාමිනි.
බුද්ධින් - මෙහි තිබෙන ඉඳි, මේ කළය තොපට භාර දුන් දවසේ තිබූ ඉඳි ම නොවේ නම්, තගේ ආරක්‌ෂාවේ තිබියඳී කිසිවෙකු විසින් ඒ ඉඳි අලුතින් දමන ලද්දේ යයි නිසැක ව ම පළිගැනෙන බව තෝ දන්නෙහි ද?


කෝසල - දනිමි, ස්‌වාමිනි.
බුද්ධින් - මේ ඉඳි පරණ ඉඳි ම නොවේ නම්, ඒවා අලුතෙන් දැමීමට අවස්‌ථාව ඇත්තේ තටත් තගේ භාර්යාවටත් පමණක්‌ බව තෝ පිළිගන්නෙහි ද?


කෝසල - පි........ පි........... පිළිගනිමි, ස්‌වාමිනි.
බුද්ධින් - පැණියේ ලු ඉඳි කොපමණ කල් තබාගත හැකි ද?
කෝසල - නිසැක ව ම නොකිව හැකිය. ස්‌වාමිනි.
බුද්ධින් - පැණියේ ලු ඉඳි තෝ ප්‍රයෝජනයට නො ගන්නෙහි ද?
කෝලස - ගනිමි. ස්‌වාමිනි.
බුද්ධින්- තා ඒ ඉඳි ලබා ගත්තේ කෙසේ ද?
කෝසල - මගේ ප්‍රයෝජනය සඳහා ඉඳි වරායේඳී ඉඳි කළයක්‌ දෙකක්‌ පැණියේ ලා තබමි. ඊ ළඟ වාරය තෙක්‌ ඒවා පාවිච්චි කරමි.


බුද්ධින්- ඉඳි අවාරය කෙතරම් දිග ද?
කෝසල- ඉඳි අවාරය අවුරුද්දක්‌ පමණ දිගකු කල් පවතී, ස්‌වාමිනි.
බුද්ධින්- තා ඉඳි වැඩිපුර පැණියේ ලා නොතබන්නේ කිම් ද?
කෝසල- මගේ ඉඳි අස්‌වනු නෙළාගෙන අවාරයේ ප්‍රයෝජනය සඳහා ස්‌වල්පයක්‌ තබාගෙන අවශේෂ කොටස විකුණා දමමි. ස්‌වාමිනි.


බුද්ධින් - එසේ තබාගත් ඉඳි ඊ ළඟ වාරයට පෙර කිසි ම කලෙක නොනිමියේ ද?
කෝසල - දෙ තුන් වරක්‌ නිමියේය, ස්‌වාමිනි.
බුද්ධින් - එසේ නිමාවට ගිය කල තා ඉඳි ලබා ගන්නේ කෙසේ ද?
කෝසල - වෙළෙඳ හලෙන් ගෙන්වා ගනිමි, ස්‌වාමිනි.
බුද්ධින් - තා ඉඳි ප්‍රයෝජනයට ගන්නේ කිනම් අවස්‌ථාවල ද?
කෝසල - භෝජනාවෙන් පසු අවුළුපතට ඉඳි ගනිමි. ස්‌වාමිනි.
බුද්ධින් - කිසියම් දිනෙක රාත්‍රි භෝජනයෙන් පසු අවුළුපතට ගන්නා තගේ ඉඳි නිමාවට පත් ව ගියේ යයි සිතනු. ඉඳි ගෙබියක්‌ දෙකක්‌


සඳහා රාත්‍රියේ බැහැර යෑමට වඩා තමාගේ ගබඩාවේ තමාගේ ආරක්‌ෂාවේ තබා ඇති අන්‍යයෙකුගේ ඉඳි කළයෙන් එකක්‌ දෙකක්‌ ගැනීමට තෝ නොපෙළඹෙහිද?


කෝසල - නෑ....... නෑ..... නැත. ස්‌වාමිනි. අන් සතු වස්‌තුව ගැනීම නොරිස්‌සමි. ස්‌වාමිනි.
බුද්ධින් - මෑතකඳී තලේ ඉඳි එසේ නිමාවට නො ගියේ ද?
කෝසල- නොගියේය, ස්‌වාමිනි
බුද්ධින් - තගේ ඉඳි නිමියා වූ කල තා ඉඳි ගෙන්වා ගන්නේ කිනම් වෙළෙඳකුගෙන් ද?
කෝසල - රසදත් නැමැත්තාගෙනි, ස්‌වාමිනි.
බුද්ධින්- ඝෝෂක, රසදත් වාණිජයා මෙහි කැඳවනු.
භූෂණ- යහපත් ස්‌වාමිනි.
බුද්ධින් - තෝ මෑතකඳී ඔහුගෙන් ඉඳි ගෙන්වා ගත්තෙහි ද?
කෝසල - නැ...... නෑ.......නැත. ස්‌වාමිනි
බුද්ධින්- රසදත් වාණිජයා කොපමණ කල් සිට ඉඳි ව්‍යාපාරයෙහි යෙදෙන්නේ ද?
කෝසල- ඔහුගේ පෙළපතේ සියල්ලෝ ම ඉඳි ව්‍යාපාරිකයෝ ය. ඔහු කුඩා කල සිට ම මේ ව්‍යාපාරයෙහි යෙදෙන්නෙකි.


බුද්ධින් - එසේ නම් ඔහු ඉඳි ගැන මනා දැනුමක්‌ ඇත්තෙකැයි සිතමි.
කෝසල - එසේය, ස්‌වාමින. ඔහු ඉඳි විශේෂඥයෙකි.
(භූෂණ රසදත් වෙළෙඳා කැඳවාගෙන එයි)


භූෂණ - රසදත් වෙළෙඳා කැඳවා ගෙන ආමි, ස්‌වාමිනි.
(රසදත් අධිකරණ නායකයාට ආචාර කරයි)


බුද්ධින් - තෝ කිනම් වෙහි ද?
ජනක - රසදත්මි, ස්‌වාමිනි.
බුද්ධින් - වෘත්තිය ?
ජනක - ඉඳි වෙළෙන්දෙක්‌මි, ස්‌වාමිනි.
බුද්ධින්- පුරුද්ද ?
ජනක - සත් තිස්‌ වසක පුරුදු ඇත්තෙමි, ස්‌වාමිනි.
බුද්ධින් - පැණියේ ලු ඉඳි කොපමණ කල් තබාගත හැකි ද?
ජනක - සිව් වසරක්‌ පමණ තබා ගත හැකිය, ස්‌වාමිනි.
බුද්ධින් - රස බලා ඉඳිවල වයස කිව හැකි ද?
ජනක - කියට්‌ටුවෙන් කිව හැකිය.
බුද්ධින් - මේ කළයේ තිබෙන ඉඳි වලට කොපමණ කල් වේදැයි කිව හැකි ද?
ජනක - (ඉඳි කළය දෙස බලා) ස්‌වාමිනි. රස කොබලා ම මෙහි වයස කිට්‌ටුවෙන් කිව හැකිය. ස්‌වාමිනි, මේ ඉඳි ගිය වාරයේ ඒවාය. තවම වසරක්‌ වත් පරණ ව නැත.


බුද්ධින් - රස බලා සැක හැර ගනු.
(රසදත් ඉඳි ගෙඩියක්‌ කා බලන ලෙසක්‌ දක්‌වයි)


ජනක - ස්‌වාමිනි, මේ ඉඳිවලට වැඩි ම වුවොත් වසරකට වඩා කල් ගත ව නැත.
බුද්ධින - එම්බා ධනපාලයෙනි, දැන් තෝ කුමක්‌ කියන්නෙහි ද? සත්‍යය ඇඹුලක්‌ සේ පැහැදිලිය. ඉඳි කළය තිබුණු තගේ ගබඩාගාරයට යා හැක්‌කේ තටත්, තගේ බිරිඳටත් බව තෝ කිවෙහිය. කළයේ තිබෙන්නේ අලුත් ඉඳි නම් ඒවා එහි බහා ලන ලද්දේ තා හෝ තගේ බිරිඳ හෝ විසිනැ යි ඒත්තු යන බව ද තෝ පිළිගත්තෙහිය. දැන් තෝ කුමක්‌ කියන්නෙහි ද?. කළයේ තිබෙන්නේ අලුත් ඉඳි බව රසදත් වාණිජයා කියයි. තෝ මේ චන්ද්‍රවර්මයාගේ මසුරන් පන්සියය පැහැර නො ගත්තෙහි ය යි තවමත් කියන්නෙහි ද? මුසා බිණීම නිෂ්ඵලයි, තගේ ප්‍රකාශයන්ම තෝ වංචනිකයෙකු බවට දෙස්‌ දී ඇති බව සිහිකරව.


කෝසල - මට කමා කළ මැනවි. ස්‌වාමිනි, මම ඔහුගේ මසුරන් පන්සියය ගතිමි. ස්‌වාමිනි.
බුද්ධින් - තෝ මිත්‍ර ද්‍රෝහියෙකි - වංචාකාර කපටියෙකි. මම තට සුදුදු දඬුවම් නියම කරමි. ඊට පෙර මොහුගේ මසුරන් පන්සියය ආපසු දෙනු.
කෝසල - මට අනුකම්පා කළ මැනවි, ස්‌වාමිනි. මගේ වයස ගැන බලා මට ක්‌ෂමා කළ මැනවි. මට දඬුවම් නොකළ මැනවි. ස්‌වාමිනි.
මම මින් පසු මෙ වැනි නොකරමි. මම මොහුගේ ධනය ආපසු දෙමි. මට කමා කළ මැනවි, ස්‌වාමිනි.


මහලු අමුත්තා - (ඈත සිටි) කදිමයි, කදිමයි කදිම විනිශ්චයක්‌ බුද්ධිමත් තීරණයක්‌.


භූෂණ - ස්‌වාමිනි, ආගන්තුක මහල්ලෙක්‌ අධිකරණයට අපහාස වන නියාවෙන් නුදුරෙහි සිට ඝෝෂ කරයි.
මහලු අමුත්තා - (ළඟට එමින්) අධිකරණ නායකයාණෙනි, මට ක්‌ෂමා කළ මැනවි. අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක්‌ මා තුළ නොවීය.


බුද්ධින් - මුත්තණුවෙනි, කුමක්‌ කියන්නෙහි ද? අපි කෙළි පිණිස මෙය කෙළෙමු.
මහලු අමුත්තා - කෙළ පිණිස වුව ද තොපගේ අධිකරණ න්‍යාය සර්ව සාධාරණය. මම යන්නෙමි. අධිකරණ නායකයාණෙනි, මට අවසර, කුශලං තේ !


ළමයි-නමස්‌තේ ! නමස්‌තේ!
(මහලු අමුත්තා වේදිකාවේ ඉදිරි කෙළවරකට ගොස්‌)


මහලු අමුත්තා-මා මේ රටේ රජු බව ඔවුහු නොදත්හ. හෙට ම විසින් විසඳිය යුතු ව තිබෙන ඉඳි කළයේ නඩුව ඒ බුද්ධිමත් දරුවා ලවා ම විසඳවමි.


යෝජනා :-


1. "තගේ ප්‍රකාශයන් මා තා වංචනිකයෙකු බව දෙස්‌ දී ඇති බව සිහි කරව.''
 අධිකරණ නායකයාගේ මේ කියමන අනුව ධනපාල වංචනිකයෙකු බවට දොස්‌ දෙව ඔහුගේ ප්‍රකාශ     මොනවා දැයි සොයන්න.
2. අධිකරණ නායකයා ඇසු එක්‌ එක්‌ ප්‍රශ්නයෙහි වැදගත් කම අළලා කතාබහ කරන්න.
3. ක්‍රීඩා සඳහා ගිය මේ ළමයින් කෙරෙහි ඉස්‌මතුව පෙනුණු ගුණාංග මොනවා ද ?
4. ඔබ ප්‍රවෘත්ති පත්‍ර වාර්තා කාරයෙකැයි සිතන්න. එසේ සිතා මේ නඩුව පිළිබඳ වාර්තාවක්‌ පුවත් පතේ පළ කිරීම සඳහා ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017