'' හූ..........හූ.........හූ.......... ''
සේනගේ හුවයි ඒ ඇහෙන්නේ. ඔහු ක්‍රීඩා පිණිස ළමයින් කැඳවන්නේ ඒ හුවෙනි. පාසැල් නොයන සැමදාම පාහේ ඉර නැඟි දෙතුන්
පැයක් ගත වන ව්ට සේනගේ හූ හඬ ගම සිසාරා පැතිරෙයි. කලින් දවසේ පිරිමි ළමයි ඒ හූව ඔස්‌සේ '' සට්‌ට්‌පොළට '' ඇදෙති.
'' සට්‌ට්‌පොළ '' ගැමි දරුවන්ගේ කෙළි බිමයි.
එදින නියමිත ව තිබුණේ '' මැදිකැලේ '' යෑමය, දම්, හිඔටු එරමිණියා ආදි පඳුරුවලින් ගැවැසුණු මේ තැනිතලා බිමට ඒ නම යෙඳී ඇත්තේ කුඔරු යායවල් දෙකකට මැදිව තිබෙන හෙයිනි. සිංහල අවුරුදු දවස් කිට්‌ටුවන විට ගැමි දරුවන් පමණක් නොව ඇතැමි වැඩ්හිටියන් ද මැදිකැලේ ගැවසෙනු දක්‌නට ලැබෙ.
මල්ලක් හෝ පුවක් කොළපතකින් තැනූ ගොටුවක් ඇතැතිව සට්‌ට්‌පොළට එක් රොක් වූ ළමයි '' මැදිකැලේ බලා පිටත වෙති. සේන පෙරමුණේ ගමන් කරයි. එකෙකු පසු කර එකෙකු පසු කර එකෙකු ඉස්‌සර විමට පොරකමින් කෑකෝ ගසමින් දෙවට දිගේ
ගොස් කුඔරේ පිට ඇළේ ඒ දණ්‌ඩෙන් එගොඩ වන ඔවුහු ඇළ නියර දිගේ පේළියට ගමන් කරති. ඊයේ වට වැස්‌සෙන් පිට ඇළ කට ගහ පිරි ගලයි. ඇළ නියරේ යන ළමයින්ගේ නලියන සේයා වතුර පිර උතුරා යන ලියද්දෙන් ලියද්දට ගමන් කරයි.
'' අද ' ගල් වැට්‌යේ ' වතුර පිරිල ඇති. කවුද නාන්නෙ ? ''
'' මං එනවා. ''
'' මාත් නානවා. ''
'' මාත් මාත් මාත් නානවා. ''
'' මට අමුඩයක් නෑ. ''
'' ඇයි බැනියමි තියෙන්නේ.''
'' මට බැනියමකුත් නෑ.''
'' එහෙනම් ආපසු දුවල ගිහින් අමුඩයක් අරං එනව. ''
'' අනේ එහෙනම් මං එනකල් මෙතන ඉන්නව ද? ''
'' අපි හිම්ං හිම්ං යන්නං, තමුසෙ දුවල එනව. ''
අතේ තිබුණු මලු පොඩ්ය සුනිල්ට දුන් ට්‌කිරි ගෙදර බලා ඉගිල්ලෙයි.
"එයි, එයි, අන්න කහටගහ ගාව ඇළ නියර ආයෙත් කැඩ්ල ලොකකු කඩාඬුවක් හැඳිල.''
ඈළ නියරේ ඈත කැඩී ගිය කඩාඬුව දෙසට අත දිගු කළ සේන ළමයින් දෙස බලාගෙන කියයි.
"එහෙනම්'' ගල් වැට්‌යෙ වතුර අඩු ඇති. අපි මෙතනින් නාමු. ''
බඔ දෙකක් පමණ පළල වතුර පාරක් ඇළෙන් කුඔරට ගලා බසියි. කුඔරේ මඳ දුරක් යන තෙක්‌ම සැඩපහර තදය.
මුලින් ම කඬාඩුවට පැන්න සේන එහි ගල්, මුල්, උල් ආදිය ඇති නැති නියාව පරික්‌ෂා කරයි.
"හරි ජාති, අඩියේ වැල්ල, හැබැයි, සැඩපාර සැරයි. ''
ගෙඹි රංචුවක් මෙන් ළමයි කඩාඬුවට පනිති. ඔවුන් කිඔලන් කෙළිද්ඳී හති දමිම්න් පැමිණි ට්‌කිරි දිය කෙළියට සැරසී ඈත සිට දුවැවිත් කඩාඬුවට බඩ පිනුමක් ගසයි.
'' අන්න හරි, ගහමු පිනුමි. ''
ළමයි ඇළ නියරට ගොඩ වි කඩාඬුවට බඔ දෙක තුනක් පමණ දුරින් එකා පසු පස එකා සිට ගනිති. වරකට එක්‌කෙනා බැගින් දුව ගොස් පිනුමි ගසති. බඩ පිනුමි ගැසූ විට කඳ මුළුමනින් ම වටයක් කරකවා කඩාඬුවෙ දෙපයින් සිටින්නට පුළුවන් වුයේ සේනටත්, සුගත්ටත් පමණකි. ගුණේ පිනුමි ගැසූ විට කඩාඩුවේ දිය පිට වදින්නේ පිටකොන්දය. එවිට ' ජබාස් ' ගාමින් මහ හඩක් සමග ඇඟ දෙපසින් දිය කඳක් ද විහිඳී යයි. සුනිල්ට පිනුමි ගසන්නට නුපුළුවන. ඔහු දුව අවුත් දෑත් උස්‌සා නිකමිම කඩාඬුවට පනියි. මේ පෙළපාලිය දිගටම කරගෙන යද්ඳී කුඔර හිමි උඩහගෙදර ආතා හැරමිට් ගසමින් හෙමින් හෙමින් එතැනට එයි.
"ඇයි කොල්ලනේ මේ නියර දෙපැත්ත තවත් හේදිලා කඩාඬුව ලොකු වෙනව නේද මෙතන නටන්ට පටන් ගත්තම ? අර ගල් වැට්‌ය දිහාවට ගිහිං ඕනෑ කරනමක් ගහ ගනිල්ලකෝ,'' උඩහගෙදර ආතා කියයි. ළමයින් මීයන් මේන් ගොඩට ඇදෙති.
මැදිකැලේට යාමට ඔවුන්ට වැඩිකාලයක් ගියේ නැත.
. හූ.............හූ............ මට ජාති දං පඳුරක් හම්බ උණෝ........... මේ රුක්‌කත්තන ගහ ළගට වරෝ.''
මැදිකැලේ සීසීකඩ ගොස් ගඩාගෙඩ් කඩන ළමයින් ගෙන් එකෙක් කෑගසයි.
"මෙන්න ජැන්ඩ් පහට ඉදුණු හිඔටු ගාලක් මෙහෙ තියෙනවෝ. මෙහාට වරෝ''
තව ළමයෙක් කෑගසයි.
ළමයි ඒ පැත්තටත්, මේ පැත්තටත් දුවමින් දං, හිඔටු, එරමිණියා ආඳී ගඩාගෙඩිවලින් මලු පුරවා ගනිති. ඒ අතරේ කෙනෙක් පඳුරු අස්‌සේ සැගව සිට. හොල්මන් කරමින් යහළුවන් බ්ය වද්දා සිනාසෙති. ගසින් ගසට පියාඔමින් ගඩාගෙඩි කකා සිට් කුරුල්ලෝ ළමයින් පන්නා දමන්නට මෙන් තොරතෝංචියක් නැති ව කිචි බිචි ගාති.
සේනගේ හූ හඬින් මැදි කැලෙන් එලි බසින ළමයි අඩිපාර අයිනේ ඇටඔ ගහ මුලට රැස්‌වෙති. පැමිණි සියල්ලෝ ම කැලෙන් එළියට බව නිසැක ව ම දැන ගෙන ආපසු ගමන ආරමිභ කරති. මැදි කැලෙන් අවුත් මහ කුඔරේ ඇළ නියරට හැරෙන තැන පිහිට. "ගල්වැටිය '' නමින් හැඳින්වෙන තරමක් ගැඔරු වු දිය කඩ්ත්ත ඔවුනට පෙනේ.
"එයි, නාමු ද ආයෙත් ?''
"නාතොක් නාමු" උඩහගෙදර අතා හින්දා කඩාඬුවෙනුත් හොඳට නාගන්ඩ බැරි උණා.''
"හරි නාමු"
"හරි : නාමු"
ළමයි යළිත් නෑමට පටන් ගනිති. වතුර ඉස ගැනීම්, පිනුම් ගැසීම් ආඳී නොයෙකුත් දියකෙළි කෙළිති. ඒ සියල්ලට ම වඩා කෑකෝ ගසමින් දියේ නටති. අතැමෙක් ඉවුරේ පිහිට් රුක් ගහට බඩ ගා දියට පනිති. ගොරක මඳමෙන් ඇස් රතකු ව, ඇඟිලි තුඩු රැළි වැටී, දරා ගත නොහැකි තරමි සීතල වදින තුරු දියේ නටති.
"හෙට මොනවද කරන්නේ ? '' දියෙන් ගොඩට පැමිණ ගෙදර බලා එන අතර ළමයෙක් අසයි.
"හෙට පෙරහැර යමු ද? ''
"අපූරුයි, හුඟක් කාලෙකින් පෙරහැර ගියෙත් නෑ.''
"කවුරුත් කැමතිද ?. ''
"අපි කැමතියි, අපි කැමතියි, අපි කැමතියි''
"එහෙනම් ඔන්න හෙට සවස පෙරහැර. ඔක්‌කොම ලෑස්‌ති වෙන්ට ඔනෑ අනෙක් අයටත් කියන්න ඔනෑ.''
ආපසු ගෙවල් වලට පැමිණ දවල් අහාර එහෙන් මෙහෙන් ගිල දමන ළමයි පසු දින පෙරහැරට සූදානමි වෙති. සෑම පිරිමි ළමයෙක්‌ම එක්‌කෝ නැට්‌ටුවෙකි, නැතොත් පිනුම් කාරයෙක්, බෙරකාරයෙක් හෝ හේවිසිකාරයෙකි. ඔවුහු අඹ, දොඹ. කොට්‌ටම්බා. ආඳී කොළ වර්ග වැල්වල අමුණා නැට්‌ටුවන්ගේ ඇඳුම් පැළඳුම් සකස් කරති. පරණ ටිං කබල්, උණ ලී කොට ආදිය සොයා කරේ එල්ලාගෙන යා හැකි සේ ලණු දමා සකස් කරති. ඒ බෙර දවුල් හා තම්මැට්‌ටම්ය. පෙරහැර යන බව දැනගත් ගැහැනු ළමයි ද සූදානම් වෙති. පෙරහැර යන බව දැනගත් වහා ම විශේෂයෙන් රොසලින් අක්‌කත්, එමලින් අක්‌කාත් බෙණකොස් ගඓන් හොඳට පැසුණු ගෙඩි තුන හතරක් ම කඩවා ගනිති. පෙරහැර අවසානයේඳී සංග්‍රහ කිරීමට ලොකු හැළියක් තම්බා, පොල් සම්බෝලයක් ද සාදා ගැනීම ගැහැනු ලමයින්ගේ සිරිතය. පෙරහැර ගොස් කෙළිසෙල්ලම කරන පල්ලෑව ශුද්ධ පවිත්‍ර කිරීමත්, අලියා වෙනුවට ගෙරහැර ඉදිරයෙන් දක්‌නාගෙන යන
"පිංගොනා'' සොයගෙන ඒමත් වැදගත් කටයුතු වේ.
යෝඡනා :-
1. බෝවිටියා දං පුලුකං වාරේ''
"අඹ දඹ නාරං කෙසෙල් දෙල්''
ආදී සින්දු ලියව ඇත්තේ ගෙඩිවලින් පිරුණු ගස්‌වැල් ඇති පරිසරය ගැනයි. මෙවැනි කවි සින්දු සොයා පන්තියට ඉදිරිපත් කරන්න.
2. ළමයි පසු දින පෙරහැර ගියහ.
ඒ පෙරහැර සිතේ මවා ගෙන විස්‌තරයක් කියන්න, ලියන්න.
