මුහුදු ලිහිණි පැටියා පර්වත කුහරයේ තිබුණු කැදැල්ලේ නැවතී සිටියේ හුදෙකලාවය. කලින් දින උගේ අයියාත් මල්ලීත් නංගීත් පියඔ` බැහැර ගියහ. උන් සමග පියාඔ` යෑමට ලිහිණි පැටියා බිය වුයේය.
කකුහරයේ කට ලඟට පැමිණ, සිගිති පියාපත් සලා, පියඔ` යන්නට සැරසුණු උගේ සිතට යළිත් බිය ඇතුළු විය. ඌ ඉදිරිපස පැතිරි තිබුණේ ඉදුනිල් මිණි පැහැයෙන් බබළන සයුරයි.
සිය පියාපත් තවම දුබලයයි සිතු ලිහිණි පැටියා කරබාගෙන පර්වත කුහරය තුළට රිංගා කැදැල්ලේ වැතුරුණේය. සහෝදරයන් දෙදෙනාද, කුඩා නංගිද කුහර කටට පැමිණ පියාපත් සලා බැහැර ගිය සැටි ඌට දැනුදු සිහිකළ හැකිය. එබඳු එඩිතර පියවරක් ගැනිමට ආත්ම ශක්‌තියක් තමාට නැතැයි ඌ උදක්‌ම කල්පනා කළේය.
උගේ පියාත්, මවත් වරින් වර පැමිණ පියාඔ` එළියට එන ලෙස උගෙන් ඉල්ලා සිට්‌යහ, කෑම ගෙනවුත් නොඳී කුසගින්නේ තබන බවට තර්ජනය කළහ. පණ බයේ ගැහෙමෙන් සිටි ලිහිණි පැටියා පිටතට පියාඔන්නට නොහැකි යයි කීවෙය. අවසන් වරට දෙමාපිය ආදින් කැදැල්ලෙන් බැහැරව ගියේ පෑ විසි හතරකට පමණ පෙරය. ඉන් පසු කිසිවෙක් ඌ ළඟට නොපැමිණියහ. ලිහිණි පැටියා කුහර කටට පැමිණ සයුරු තලය දෙසත්, අහස් ගැබ දෙසත් නෙත් හෙළමින් සිටියේය. සහෝදර සහෝදරියන් රැවි පිළි රැවි නගමින් අහස් ගැබෙ රවුම් ගසන සැටි ලිහිණි පැටියාට පෙනිණි.
පළමු වරට මාළුවකු අල්ලාගත් අයියා ගල් කුළක් මත හිඳගෙන ඌ ඉරා කන විට දෙමාපියන් ප්‍රිතිරාවය නඟමින් කැරකෙන සැටි ද ඌට පෙනිණි. ලිහිණි පැට්‌යාගේ බිය සුලුකම ගැන ඇනුමි පද කියමින් කුරුලු පවුලේ අන් සියල්ලෝ ම පර්වත කුහරය අසලින් පියෑඔහ. මඳින් මඳ මුදුන් වන හිරුගේ රැස් දහර පර්වත කුහරයට ද වැටෙයි. ලිහිණි පැටියාට දැන් උණුසුම දැනෙයි. උණුසුම වඩාත් දැනෙන්නේ කුස ගින්නෙන් සිරුර දුබලව තිබුණ නිසාය. කෑමට සුදුසු කිසිවක් එහි නොවිය. කුහරයේ මුල්ලක වෙලිගිය වරල් කැබැල්ලක්
තිබෙනු ඌ දුටුවෙය.
ලිහිණි පැටියාගේ කුසගින්න දැන් ඉතා දරුණුය. පිදුරුවලින් සාදනු ලැබූ කැදැල්ලේ අස්‌සක් මුල්ලක් නෑර ඌ පිරික්‌සා බැලුවෙය. එහෙත් උගේ බලාපොරොත්තකු සුන් විය. අන්තිමෙදි ඌ එහි තිබුණු බිත්තර කටු ලෑටි ගාන්නට විය. තමාගේ ම කොටසක් උලා කන්නාක් මෙන් ඌට දැනිණි.
දෙමාපියන් ළගට යෑමට යමි කිසි ක්‍රමයක් ඇද්දුයි සොයනු පිණිස ඌ පර්වත කුහරයේ ඔබ මොබ ඇවිද්දේය. ඌට දක්‌නට ලැබුණේ ගිරිකුළ පාමුල ඇති සයුරුතලයයි. තමා සිටින්නේ දෙමාපියන් ගෙන් ඉතා ඈත බව ඌට වැටහිණි. පියාඹන්නේ නැතිව දෙමාපියන් ළඟට යා නොහැකි බව නමි නියතය.
හීන් සිරුවේ පර්වත සිදුරේ කට ළඟට පැමිණි ලිහිණි පැටියා තනි පයින් සිට ගත්තේය. ඌ එක් වරක් ඇසක් පියා ගනී, තවත් වරක් අනෙක් ඇස පියා ගනී, තවත් වරක් අනෙක් ඇස පියා ගනී, වරක් නිදා ගන්නට යන බවක් පෙන්වයි. එහෙත් කිසිවෙක් ඌ ගැන සැලකිල්ලක් නොදැක්‌වුහ.
තම පවුලේ සෙස්‌සන් හිඳ, හිස් නමා ගෙන අවිව තපින සැටි අඩවන් නෙතින් ඌ දුටුවෙය. පියා හොටයෙන් පියාපත් පිරූවෙය. අමිමා පමණක් තමා දෙස ඇස් හෙළා සිටුනු ලිහිණි පැටියාට දක්‌නට ලැබ්ණි. පයට පගා ගත් මසෙකුගෙන් කෑලි ඉරාගෙන කමින් සිට් මව සිය හොටය ගලක ඉලුවාය. අහර දකිත්ම ලිහිණි පැටියාට ඉවසුමි නැතිවිය.
අමිමාට මෙන් තමාටත් මාළු අල්ලා ගෙන, කෑලි ඉරාගෙන කන්නට ඇත්නමි කොපමණ හොඳදැ යි ඌ තමාටම කියා ගත්තේය. අහර දුටු ලිහිණි පැට්‌යා දුක් මුසු හඩක් නැගුවෙය. අම්මා ඊට පිළිතරු දුන්නාය. '' ගා......ගා........ගා........ '' පැටියා ඇඩුවෙ අමිමාගෙන් ආහර ඉල්ලන පරිද්දෙනි. අමිමා පුතාට සමචිචල් කළාය.
ගත වුයේ මඳ වෙලාවකි. ලිහිණි පැටියා ප්‍රිති රාවයක් නැගුවෙය. ඒ අම්මා මාළු කූරියකු හොටින් ගෙන තමා වෙතට පියඔ` එනු දුටු බැවිනි. ඌ ඉදිරියට නැමී, වරින් වර පා ඔසවමින් මව තමා ළඟට එන තුරු නොඉවසිල්ලෙන් සිටියේය. මව පර්වත කකුහරයේ ගෑවෙන නොගෑවෙන තරමට ළං වූවාය. ලිහිණි පැටියා හොට දිගු කළේය. හොට ගෑවෙන නොගෑවෙන තරමට ළංවිය. යළිත් මව මඳක් ඈත් වුවාය.
ලිහිණි පැටියාගේ සිත පෑරිණි.
"අනේ අම්මේ. එන්න මා ලඟට. මට හරියට බඩ ගිනියි.'' මව පැටියාට ළංවූවාය. යළිත් ඈත් වුවාය.
පැටියාට දැන් ඉවසිල්ලක් නැත ඉදිරියට හොටය දික් කොට ගෙන ඌ පියාපත් සැලුවේය. මව යළිත් ළංවූවාය. පැටියා එළියට පැන්නේය. මව පියඔ` ඉවතට ගියාය.
ඇගේ පියාපත් ගැටෙන හඩ නෑසි ගියේය. තමා විසංඥවි යන බවක් ඌට හැඟුණේය. එහෙත් මේ තත්වය වැඩිවේලාවක් පැවතුණේ නැත.
මෙහොතින් තම පියාපත් දිග හැරෙන බව ඌට දැනේ. පපුවෙහි පිහාටු සුළගින් තෙරපෙන බව දැනේ. බඩේ පිහාටුවල ද සුළං පහර වදින බව දැනේ. සුළං පහර කපාගෙන තමා ඉදිරියට ඇදෙන බව ඌට දැනුණේය තමා දැන් පහතට නොවැටෙන බව ඌට සිකුරට ම හැඟි ගියේය.
තමා හෙමින් සීරුවෙ අහස් කුස උස් පහත් වන බව හැඟී ගියේය. උගේ හිතේ දැන් කිසිදු බියක් නැත. ඌ පියාපත් සලා ඉහළ නැංගේය. ප්‍රීති රාවයක් නගමින් යළිත් පියාපත් ගැසුවේය. තව තවත් ඉහළ පියෑඔවේය. පපුවට සුළං පහර වදින සේ මඳක් කෙළින් කරගෙන සිටියේය. මේ සියල්ල දුටු මවගේ ප්‍රීතිය නිමි හිමි නැත. පුතා කෑ ගෑවේ උතුරා යන සන්තෝසයෙනි.
පියාද මවද සහෝදරයෝ ද සහෝදරිය ද රැව් පිළිරැවි නගමින් ඌ වටා කරකැවුණාහ. පියෑඔමට නොහැකිව සිට් බවක් වත් ඌ ට දැන් මතක නැත අහස් කුස දැන් මතක නැත. අහස් කුස දැන් ඌට ම අයිතිව වුණු කලක් බදුය. උස්‌දා`ම වුණු සිතින් හඩ නඟමින් ඌ අහසේ පියෑඔවේය. නැඟි බිදෙන රැළ පෙළින් බබළන සයුරු තලය ඌට පහළින් පෙනේ. හිස දෙපසට හරවමින් ඌ ප්‍රීති ගීතීකා ගැයුවේය.
මවත්, පියාත්, නංගීත් සයුරු තලයේ පාවෙනු ඌට පෙනිණි. පහතට පියාඔ` අවුත් දෙපා දිග හළ විට තමා දියේ ගිලෙන බවක් ඌට දැනිණි.
බියෙන් කෑගැසූ ඌ දියෙන් දෙපා මුදා තැන් කළේය. කුසගින්නේ සිට් නිසා උගේ සිරුර දැන් දුබල ව ඇත. ඌ ජල තලය මත වැතුරුණේය. නිරායසයෙන් ම ජල තලයේ පාවි ගියේය. ප්‍රිතියෙන් උදමි වූ නෑයෝ, කෑගාන්නට වූහ. ඌ පසසන්නට වුහ. තුඩින් ගත් අහාර ඌට පුදන්නට වූහ. දැන් ලිහිණි පැට්‌යාගේ ප්‍රීතිය
නිම්හිම් නැත.
ලියමි ඕ ප්ලැහට්‌ගේ කෙට් කතාවක් ඇසුරෙනි
