දවසක් අක්‌කාත්, නංගිත්, මල්ලිත්, අමිමත්, තිලකත් ඔයට නාන්ට ගියෝය. තිලකත්, අක්‌කාත් කලින් නාලා ගෙදර ආහ.
"අපට තේ වක් කරලා තියාපල්ලා,'' අමිමා කිවාය. අනුලත්, තිලකත් ලභිලභියේ ගෙදර ආහ. එනකොට අප්පචිචී කන්තොරු කාමරේ වැඩ. රන්මැණිකා ගමෙ ගැහැනුන් සමඟ දරට ගිහින්ය.
අනුලා දර ලි තුනක් ලිපේ බහා, කුප්පි ලාමිපුවෙන් තෙල් ටිකක් වක්‌කර, ගිනිකුරක් ගසා, ගිනි මොළවා, කේතලේ ළිප තැබුවාය.
'' හරියට බඩගිනියි," තිලක හිස කසමින් කිවෙය,
අක්‌කා හීන්සැරේ අඩි තුනේ බංකුව ගෙනත්, දුමිමැස්‌ස ළඟ තබා නෑඔලියකින් වසා තිබුන මුටිටිය ඇර, තිලක ලවා පිරිසියක් ගෙන්වාගෙන, මුටිටිය පිරිසියට ඇල කළාය.
''මොනවද අක්‌කා ?"
''ෂ්, කෑගහන්න එපා.."
"දුව උඔලා අවාද ? බුලත් තටිටුව ගෙනෙන්කෝ" යි එවිට අප්පචිචි සාලෙට එමින් කිවෙය. අක්‌කා පිරිසියත්, මුට්‌ට්‌යත් එහෙම ම තබා, වහා බැස බංකුව මුල්ලට තල්ලු කර, සාලෙට ගියාය. තිලක ඇය එන තෙක් බලා සටියේය. ඈ ආපසු අවෙ නැත. තිලක ඇය සොයා ගියේය. අනුලක්‌කා කන්තොරු කාමරේ මොනවාදෝ ලියමින් සිටියාය, මිනිස්‌සු දෙදෙනෙක් බංකුවෙ ඉඳගෙන බුලත් කෑහ.
අක්‌කා ලේකමි වැඩෙ හුඟක් දුරට දනී. කවුරුවත් උප්පැන්නයක් දෙන්ට හෝ නමි ප්‍රසිද්ධ කරන්නට ආවිට අප්පචචි අක්‌කා ලවා නමි ගමි ලියවන්නේය. එදත් අනුලක්‌කා කළේ එහෙම වැඩක් වෙන්ට ඇති.
වැඩක් කරන වෙලාවක කථා කරනවාට හෝ කැකෝ ගහනවාට අප්පචිචී කැමැති නැත. ඒ නිසා ඈට කතා නොකර තිලක ආපසු උයන ගෙට ගියේය. ළිපේ හොඳට ගිනි මෙළවි තිබුණි. දුමිමැස්‌සේ තිබෙන්නේ මොනවා ද? අක්‌කා පිරිසියට මුටිටියෙන් වත් කළේ මොනවාද ?
අප්පචිච් කතා කරන විට ඇ කලබල වී ගියේ මන් ද?........... මුල්ලේ තිබුණු බංකුව දෙසත්, දුමිමැස්‌ස දෙසත්, තිලක විපරමි කළේය. ඔහු හිමින් බංකුව ඇඳ ඒ උඩට නැඟ, ඒ මත ඇඟිලිවලින් හිටගෙන පිරිසිය ගත්තේය. එහි තිබුණේ පැ..........ණි...........ක..........ජු. තිලක කෙළ ගිල්ලේය. බංකුවෙන් බැස්‌සේය. පිරිසිය බංකුව මත තබා
කන්තෝරු කාමරයට දුව ගියේය. අක්‌කා තවමත් වැඩ. ඔහු අපාසු දුවගෙන උයන ගෙට ආ විට බළලා බංකුව මත
තිබුණු පිරිසිය දෙස බලා ගෙන බිම දන ගහ ගෙන සිටියේය. උ්‍ර්‍ර_ මාන බැලුවේ ඒක උඩට පනින්ට වෙන්ට ඇති. තිලක පිරිසිය දෑතින් ගෙන. දකුණු දඔරැඟිල්ල පැණියේ ඔබා පැණි කජු ඇඟිල්ලේ පටලවා ගෙන කටේ දමා ගත්තේය. බළලගෙ කට කමසෙයියාවක් නැත.
අනුලක්‌කා තවමත් අවෙ නැත. තිලක නැවතත් කන්තොරු කාමරය දෙස එබි බැලුවේය. අක්‌කට හොඳටම වැඩ. ඔහු ආපසු උයන ගෙට දුවවිත්, බංකුවට නැග දුමිමැස්‌ස මත පිරිසිය තබා පැණි මුටිටය දෑතින්ම උස්‌සා පිරිසියට ඇල කළේය.
පැණි හොඳටම ඝණ වි තිබුණි. පිරිසියේ බාගයක් පුරවා ගන්නට අත්රුදා හැදෙන තෙක් මුටිටිය අල්ලා ගෙන ඉන්ට සිදුවිය.
මුටිටය කෙලින් කළ පසු පැණි ගොබය තවම පිරිසිය දක්‌වා එල්ලී තිබුණේය. අමිමා නමි එහෙම වන විට මුටිටි කට ඇඟිල්ලෙන් පිස, ඇඟිල්ල කටෙ ලා ගනී. තිලකත් එසේ කළ යුතුයි. නැතිනමි පැණි හැම තැනම හැලෙයි. ඔහු දකුනත නිදහස් කර ගන්ට තැන් කළේය.
එවිට ම බංකුව පෙරළුණි. අනේ ! මුටිටියත්, පිරිසියත්, තිලකත් බිම ඇද වැටුණි.
මුටිටිය බිදුණි. පිරිසිය දෙකට කැඩුණි. බංකුව දර ලිය මත වැටුණි දර ලීය කේතලේ වැදුණි. කේතලය පෙරළුණි.
......................... වතුර පාර ළිපත් බාගෙට නිවාගෙන, තිලකගේ වමි කකුලත් දවාගෙන, කැබැලිතිවලින් වැසුණු පැණි ගොඩට එක් වුණි. දුමිමැස්‌සේ සිට බිමට පැණි පාර වැටුණි.
වැඩේ වැරදුන බව දැනගත් දුප්පත් තිලකට සිදුවුයේ අඩන්නට පමණයි. ඔහු හයියෙන් ඇඩුවේය. කට අයා, නහර පුප්පා යට් ගිරියෙන් හා උඩුගිරියෙන් එක සැරේ ඇඩුවෙය. අප්පචිචීත්, අක්‌කත්, මිනිස්‌සු දෙදෙනාත්, අමිමත්, නංගිත්, මල්ලිත් රන්මැණිකාත්, මුදලිහාමිත් සියල්ලෝ ම කොහේදෝ සිට, කතා කරගෙන මෙන් එක සැරේම එතනට දුව ආහ,
රන්මැණිකා තිලක ඔසවා ගත්තාය. කකුල තෙමි තිබුනත් රතුවෙලාවත් නැත. තිලකට තුවාලයක් එහෙම වි තිබුණේ නැත. තිලකට තුවාලයක් හේම වී තිබුනේ නැත. මිනිස්‌සු දෙදෙනා මඳ සිනාවෙන් එළියට ගියහ.
''මං හංගලා නෙවැ තිබිබේ. මුන්ට ඉව තියෙන බව මං කොහොමද දන්නෙ ? .
අමිමා තරහින් කීවාය.
"හොඳ වැඩෙ හොරා කන්න ගියාට" අනුලක්‌කා සරදමි කළාය.
"අක්‌කා හින්දා තමයි සේරම උණේ" තිලක තරහින් කීවෙය.
"ඇයි ඔය එකිට බණින්නේ"
"අක්‌කා තමයි පිරිසියට පැණි වක්‌කරලා අප්පචිචී අඩ ගහන කොට ගියේ"
"ඉතිං මං අල්පන්,'' අක්‌කා තරහින් මෙන් කියා, තිලක ඈදෙස බලන විට, රහස එළි නොකරන ලෙස ඉඟිකරනු වස් ඇස් මහත් කොට දෑතින් ඇගේ කට වසා ගත්තාය.
ඒ දුටු අමිමා, "මෙ ගෙදර මොකක් උණත් මෙකි මුලට ම ඇති,'' කිවේ අප්පචිචීටත් ඇහෙන්නටය.
"ඔවිවා මොකවත් වෙන්නේ නෑ නොව ගන්ට පුළුවන් තැනකින් තියනවා නං"
"එහෙනං තියලා තියෙයි"
"ඔවිවා කටුගෙයි තියන්ට යැ තනත්නේ"
'' කටුගෙයි හරි කටගෙට හරි මිං පස්‌සේ මං නෙවෙයි මෙ ගෙදර මොකොවත් තනන්නේ ඔන්න" අමිමා දිනුමි පදේ කියන විට අපිපචිචී කරබාගෙන කන්තොරු කාමරයට ගියේය.
ටි.බී. ඉලංගරත්න.
