ප්‍රශ්නය :
පිපීලා තිබෙයි සපු මල පෙර යාමේ
නැට්‌ටත් කොළ පොතුත් ගෙඩියත් එක නාමේ
සිතින් සිතාගෙන මම කිව් පද නාමේ
තෝරාපන් මාමෙ මම කිව් පද නා මේ
පිළිතුර :
අහස් තලේ සිව් අත බැලුවත් දිලු මා
නොයෙක් සෙනඟ මට රැකවල් කරසිටි මා
පසන් ලෙසින් මුළු ලෝකේ දිලිසී මා
යසින් පහන් තරුවට කීවද මා මා
