ඉර හඳ දෙදෙනා
ඇස් දෙක නැති දෙන්න ඉඳිකටු මල විදි ති
මූකය නැති දෙන්න කවි රාග පවස ති
දෙපය නැති දෙන්න තරගෙට ගමන් ය ති
වඳිගෙ දරු දෙන්න දිඹුලේ මල් නෙල තිසතට ලොවග ඇල් උණු දිය වැනි දෙන් න
රුවට පිනට මුළු ලොව නැත සරිලන් න
යසට එළිය දෙති සිව් ලොව බැබලෙන් න
ඉරට සඳට වත් කීවද පද සන් න
විදාන කෙනෙකුට ගෙයක් ලැබීලා වලව් තිහක් ඇත දැනගන්නේ
වලව් තිහේ දවසක් ඉඳලා තිස් එක් දවසට පණයන්නේ
පණගිය මුත්තා ආයෙම ඉපදී වලව් තිහේමයි උපදින්නේ
මෙතුන් සන්නෙ තේරූ අයෙකුන් කලියුගයට පණ්‌ඩිත වන්නේ
කන්ද උඩයි පේරස් මල පිපෙන්නේ
නින්ද ගියාමයි මල පුබුදු වන්නේ
මන්ද ලියේ කර බාගෙන සිටින්නේ
අන්ද සහිත මල තෝරා එවන්නේ
අට කර යුරු අටකරයුරු කරින් ක රා
අට ලූ තැනින් එන මුනි රජුගේ පෙම් බ රා
අට කොණකට නැමුනයි අඩ නිකිති බ රා
අඩ මසකට නොදිටිමි සද කෙලින් පු රා
