ක්‍රියා පද යම් ක්‍රියාවක් කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවනු පිණිස යෙදේ.
නිළිය නටයි. -> කිරීමක්
මල් පිපෙයි. -> වීමක්
සීතල දැනේ -> විඳීමක්
මූලික ක්‍රියාපදය ක්‍රියාව කරන හෝ සිදුවන කාලය අනුවද, ඒක වචන හා බහූවචන භාවයද ස්‌ත්‍රී හා පුරුෂ ලිංග හා නපුංසක ලිංග පද භාවය අනුව ද වෙනස් ලෙස යෙදේ.
නට - නටයි, නැටුවාය, නටන්නේය, නටති, නටත්, නැටූහ