දත්ත වගුගත හෝ ප්‍රස්තාරගත කළ විට ඒවා අතර සම්බන්ධතා පැහැදිලි කළ හැක.
උදාහරණ:
බොහෝ ළමයි බසයෙන් පාසළට එති.
70% ක් ළමයි බසයෙන් පාසළට එති. (වඩා නිරවද්‍යව)
ළමුන් 30% ක් බසයෙන් නොඑති.
බසයෙන් එන ළමුන් මේ මාසයේ වැඩිවී තිබේ.
ළමුන් වැඩියෙන්ම බසයෙන් ආ මාසය පෙබරවාරිය.
පහත දැක්වෙන්නේ ළමුන් 100 දෙනකුගේ ප්‍රියතම විෂය පිළිබඳව කළ ප්‍රස්තාරයකි.
එය විස්තර කරන්න.
ගණිතයට කැමති ළමුන් ගණන හා විද්‍යාවට කැමති ළමුන් අතර වෙන කුමක්ද ?
චිත්‍ර වලට කැමති ළමුන් ගණන කීයද ?
පහත ප්‍රස්තාරයේ මාසිකව ලද වර්ෂාපතනය දක්වයි
වැඩිම වර්ෂාපතනය හා අඩුම වර්ෂාපතනය ලද මාස මොනවාද ?
වර්ෂාව වැඩි කාල මොනවාද ?
වර්ෂාව අඩුවී යන හා වැඩිවී යන කාල මොනවාද ?
දෙවන ප්‍රස්තාරයේ රතු පැහැයෙන් දක්වා ඇත්තේ නියඟයක් තිබූ පසුගිය වසරේ වර්ෂාපතනයයි.
පසුගිය වසර පුරාම ලැබුණු වර්ෂාව අඩු බව පැහැදිලි කරන්න.
මේ අනුව නියඟය හා සාමාන්‍ය කාලයක වර්ෂාපතනයේ බලපෑම් විස්තර කළ හැකිද ?