දත්ත ප්‍රස්තාර ගත කිරීම
 


සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් මඟින් නිරූපණය කරන ලද දත්ත ප්‍රස්ථාරයක් ඇසුරින්ද නිරූපණය කලහැකි අතර එවිට එය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව ඉහලවේ. නිසැක වශයෙන්ම,සාපේක්ෂ හෝ සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තීන් ප්‍රස්ථාර මඟින් නිරූපණය කලහැකි වේ. සංඛ්‍යාත ව්‍යාප්තීන් නිරූපණය කිරීම සඳහා විවිධ ප්‍රස්ථාරික ක්‍රම කිහිපයක්ම පවතී. ස්ථම්භ ප්‍රස්ථාර , ඡාල රේඛය ,වක්‍ර සටහන් ,සංඛ්‍යාත බහුඅස්‍ර යන ඒවා ඒ අතරින් වඩා ප්‍රකට වේ.

දත්ත රැස්කිරීමෙන් පසුව එම දත්ත යම් ආකාර වගුවකට පිළියෙල කරගැනීම වැදගත්ය.
එ‍මෙන්ම දත්ත නිරූපණය සඳහා භාවිතා කළ යුතු ක්‍රමය තීරණය කිරීමද ඒ මගින් කළ හැක.

1. ප්‍රමාණය මගින් දත්ත නිරූපණයට තීරු ප්‍රස්තාර හෝ රේඛා ප්‍රස්තාර සුදුසුය.

2. ප්‍රතිශතය මගින් දත්ත නිරූපණයට වෘත්ත ප්‍රස්තාර සුදුසුය. එහිදී සම්පූර්ණ වෘත්තය 100% ලෙස ගෙන එක් එක් දත්ත වරගයේ අගයන් වල ප්‍රතිශතය අනුව ලකුණු කරයි.

3. කාලගුණ ආදී දත්ත වර්ණ වලින් ලකුණු කර තේමා සිතියම් ලෙස දක්වයි.

4. ක්‍ෂේත්‍ර දත්ත මැන පරිමාණයකට ඇඳීමෙන් සිතියමකින් දත්ත නිරූපණය කරයි.


5. ත්‍රිමාණ ප්‍රස්තාර භූමිතික ලක්‍ෂණ හෝ අවකාශයේ ත්‍රිමාණ ලක්‍ෂණ සමඟ යොදාගත හැක.



ගණිත ප්‍රස්තාරයක් හා ඩී එන් ඒ අණුවක දත්ත නිරූපණය

 

(c) Shilpa Sayura Foundation 2006-2017