දත්ත නිරූපණය හා ප්‍රස්තාර
 

අප විසින් එක්රැස් කළ දත්ත සමූහයක් සලකා බලමු.
ශ්‍රී ලංකාවේ ජනගහන දත්ත.
ස්ථාන 200 ක දෛනික වර්ෂාපතන දත්ත.
පංතියේ ළමුන්ගේ උස.
දිනකදී දකින කුරුල්ලන් ගණන.
වසරක් තුළ තෙල් මිල.

මෙම දත්ත වල ඒකකයන් වෙනස්ය. දත්ත ප්‍රමානය වෙනස්ය. දත්ත වලින් ගන්නා ප්‍රයෝජනය වෙනස්ය. මේ සෑම දත්තයක්ම තිබෙන සැටියෙන්ම අපට භාවිතා කළ නොහැක.



පංතියේ අවම උස, හෝ උපරිම උස සොයාගැනීමට කාලයක් ගත වේ. මේ නිසා මෙම දත්ත නිරූපණය කිරීමට වඩා සුදුසු ක්‍රම භාවිතා කළ යුතුය.

ප්‍රස්තාර, වර්ණ කළ සිතියම් මේ සඳහා යොදාගනී. ඒ සඳහා දත්ත සැකසීම, පෙළ ගැසීම, හා විශ්ලේශණය භාවිතා කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017