බලය පිළිබඳ සංක‍ල්පය
 
අප එදිනෙදා ජීවිතයේදී කරන ක්‍රියාවන් කිහිපයක් සිහිපත් කරමු.

ක්‍රීඩා කිරීම, ලිවීම කියවීම, ආහාර ගැනීම,ඇවිදීම වැනි ක්‍රියාවන් අප දෛනිකව සිදුකරන ක්‍රියා වේ.
මෙලෙස සිදුකරන සෑම ක්‍රියාවක්ම සිදුකළ හැක්කේ ශක්තිය ඇත්නම් පමණි.

ශක්තිය භාවිතා කර සිදුකරණ ක්‍රියාවන් කිහිපයක් පහත රූප සටහන් මගින් දැකගත හැක.
 

මේ අනුව එදිනෙදා ජීවිතයේදී ශක්තිය විවිධ ආකාරයෙන් යොදාගැනේ.

ආහාර පිසීම සදහා අවශ්‍යය වන්නේ තාප ශක්තියයි.
ක්‍රීඩා කිරීම සදහා අවශ්‍යය වන්නේ චාලක ශක්තියයි.
රුවල් ඔරුව ගමන්කරවීමට අවශ්‍යය වන්නේ චාලක ශක්තියයි.
වහන ගමන් කරවීම සදහා අවශ්‍යය වන්නේ චාලක ශක්තියයි.

මේ ආකාරයට ලබාගන්නා ශක්තිය විවිධ ආකාරයෙන් යොදාගනිමින් විවිධ කාර්යයන් සිදුකර ගනී.
එනම් විවිධ කාර්ය කරගැනීම සදහා අප එදිනෙදා ජීවිතයේ දී ශක්තිය යොදාගන්නා බව දැන් ඔබට පැහැදිලි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017