වීජීය ප්‍රකාශන ගොඩනැගීම
 

විචල්‍යක් යනු අප නොදන්නා අගයක් වේ. එය x, y වැනි සංකේතයකි.


වීජීය ප්‍රකාශනය ගොඩනැගීමේදී අප ගණිත සම්බන්ධතා භාවිතා කරමු.
සාලියගේ වයසට වඩා ඔහුගේ අයියා වසර දෙකකින් වැඩිමල්.
අයියාගේ වයස 14 කි. සාලියගේ වයස කීයද?
මෙහි සාලියගේ වයස සොයාගැනීමට ඔහුගේ සහෝදරයාගේ වයස හා වයස් පරතරය යන නියත දෙක ප්‍රයෝජනවත්ය.

සාලියගේ වයස + 2 = අයියාගේ වයස එනම් 14
සාලියගේ වයස=14-2 (2 අනිත් පසට ගෙන යාමෙන් අගය සෘණ වේ)

(c) Shilpa Sayura Foundation 2006-2017