මෙහිදී අප නොදන්නා විචල්‍ය සොයා, ඒවාට අගයන් ආදේශනය කරමු.
උදාහරණය 1:
x=5 හා y=3 නම්, 10/x + 2y ? විසඳන්න
"5" x ට හා , "3" yට ආදේශ කිරීමෙන්
10/5 + 2×3 = 2 + 6 = 8
උදාහරණය 2:
x=3 හා y=4 නම්, x² + xy ? විසඳන්න
"3" x ට හා , "4" yට ආදේශ කිරීමෙන්
3² + 3×4 = 9 + 12 = 21
උදාහරණය 3:
x=3 නම් y නොදන්නේ නම්, x² + xy ? විසඳන්න
"3" "x" ට ආදේශ කරන්න:
3² + 3y = 9 + 3y
මෙතනින් එහාට යාමට අපට අපහසුය.