වසර මිලියන 570 - 440 පෙර
ට්රයිලෝබයටයන් (invertebrates)වැනි මුහුදු සතුන් ඇතිවීම, මුහුදු පාසි (Seaweed) කැදලි ලෙස ගොඩබිම ඈදීම. ගොන්ඩවානාව (Gondwanaland) නම් සුපිරි මහද්වීමය නිර්මාණය වීම සිදුවිය.
පළමුව ඇතිවූ ජීවීන් කටුවක් සහිත මුහුදු ජීවීන්, සූපයිට්, මුහුදු පැලෑටි, මුහුදු පණුවෝ සහ ක්රස්ටසියාය (crustacea). ප්රථම ජීවීන් පෙරලෙම හෝ බඩගාන ස්වරූපයේ විය. ඉන් ප්රධාන වන්නේ ට්රයිලෝබයිටයන්ය. ඔවුන් මඩ පෙරා ආහර ගත්හ.
මෙකල්හි අතිවිශාලා ජීවීන් ප්රමාණයක් හා වර්ග ඟනණක් එකවරම ඇතිවීම කේම්බ්රයන් පිපුරුම (Cambrian Explosion) ලෙස හඳුන්වයි. පැරණිම ජීවී පොසිල හමුවන්නේ කේම්බ්රියානු යුගයෙන්ය.
සුපිරි මහද්වීපයන් හතරක් බවට පත්වි ගොනඩවානාව, අන්ගාරා, හා යුරෝඇමරිකාව අනිත් කොටස් දෙක නැග එන මුහුදින් යටවී තිබිණි. ඒවා ඝණකම් ඛණිජ තැන්පතු ඇතිවිය. (sedimentary deposits).
මෙම තැන්පත්වූ ඛණිජ ගල් අද ලෝකය පුරාම නොගැඹුරු මුහුදුවල මෘදු ලයිම් පාෂාණ බවට පත්වී තිබේ.
ලාවා ගැලීම නිසා හා මුහුදු පතුලේ හා ගොඩබිම නාය යාම් නිසා කඳුවැටි හැදෙමන්
මුහුදු ජලය පැතිර ගියේය. මේ කාලයේදී මුහුද නොගැඹුරු වූ අතර ට්රයිලෝබයටයන්, බැචිපොඩ්ස් ආදීන් එහි රජ කළහ.
ට්රයිලෝබයට කුළ නවයක් හඳුනාගෙන ඇති අතර වර්ග 15,000 පමණ වී යයි සිතයි.
කේම්බ්රියානු ජීවීන් - මුහුදු පණුවෝ
මුහුදු ඟෝනුස්සෝ
කටක් හා ආහාර මාර්ගයක් සහිත කොඳු ඇට පේලියක් නැති ජීවීන්