උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන් තුනෙහිම දක්‌නට ලැබෙන නර්තන හා ගායන අංගයකි "වන්නම් ". මෙම වන්නම් පොදු ජනතාව අතර මහත් ප්‍රචලිත නර්තන විශේෂයක් ලෙසද හදුන්වාදිය හැකිය.
"වන්නම් " යන පදයෙහි අරුත වන්නේ "වැනුම " නොහොත් "වර්ණනාව " යන්නයි. වන්නමක් දෙස හොදින් සොයා බැලීමේදී එකී වන්නමෙන් අරුත් ගංවන්නේ යම් වස්‌තුවක් හෝ ප්‍රස්‌තුතයක් පිළිබඳ විස්‌තරයක් ( වර්ණනාවක් ) එහි අඩංගු වී ඇති බවයි. " වර්ණම් " යන ද්‍රවිඩ වචනයෙන් බිදී ආ වචනයක් ලෙසත් සමහරු මෙය හඳුන්වති.
"වැනුම " යන අර්ථයෙන් බලන කල සම්ප්‍රදායන් තුනටම අයිති වන්නම් අතරේද පොදු සමානතාවයක් දක්‌නට ලැබුනද, එක් එක් සම්ප්‍රදායන්ට අයත් වන්නම් ඊට ආවේනික ලක්‍ෂණයන් පිළිබිඹු කරනු ලබන හෙයින් උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් වන්නම් වෙන් වෙන් වශයෙන් ගෙන ඒවායේ මූලික ලක්‍ෂණ මොනවාදැයි සලකා බැලීම උචිතය.