රාශි 3ක් අතර අනුපාතය.
රාශි කිහිපයක් අතර අනුපාතය සරල අනුපාතයක්ව දැක්වීම වඩා පහසුවේ.
පහත උදාහරණයෙන් ඔබට එය මනාව පැහැදිලි වනු ඇත.
ගයාන් , කමල් හා සුනිල් යන තිදෙනා අතර පිලිවෙලින් රු.60 , රු.100 හා රු.120 ක් බැගින් ඇත.
ඒ අනුව ඔවුන් ලඟ ඇති මුදල් අතර අනුපාතය 60 : 100 : 120 වේ.
එය පහත පරිදි සරල ආකාරයෙන් දැක්විය හැක.
60 : 100 : 120 = 6 : 10 : 12 = 3 : 5 : 6
රාශි කිහිපයක් අතර අනුපාතය සෙවීමට පෙර එම රාශි එකම ඒකක වර්ගයකින් ලබාගත යුතුවේ.
උදාහරණ:
අඹ පැල 3ක උස පිලිවෙලින් 60cm , 0.5m හා අඩි 3ක් බැගින් වේ.මෙහි පැල 3හි උස දක්වා ඇත්තේ ඒකක වර්ග කිහිපයකිනි. එමනිසා ඒවා අතර අනුපාතය ගැනීමට පෙර ඒවා එකම ඒකක වර්ගයකින් දැක්විය යුතුය.
ඒ සඳහා එම අගයන් සියල්ල cm වලින් දක්වමු.
ඒ අනුව, පලමු පැලයේ උස = 60cm
දෙවන පැලයේ උස = 0.5m = 50cm
තෙවන පැලයේ උස = අඩි 3 = 90cm ලෙස ගතහැක.
ආසන්න වශයෙන් අඟල් 1 ක් යනු 2.54cm වේ.
පසුව ඒවායේ උස අතර අනුපාතය 60:50:90
එනම් 6:5:9 ලෙස දැක්විය හැක.
රාශි තුනක් අතර අනුපාත බෙදා වෙන් කිරීම.
අනුපාතයට අනුව බෙදීමේදී එක් අයෙකුට ලැබෙන ප්‍රමාණය භාගයක් ලෙස ලියාගත හැක.
පහත උදාහරණය සලකමු.
රු.6000ක මුදලක් A , B හා C අතර 1:2:3 අනුපාතයට බෙදන ලදී.
A ලද මුදල,බෙදූ මුදලේ භාගයක් ලෙස =1/(1+2+3)
එලෙසම ලද මුදල, බෙදූ මුදල් අනුපාතයේ භාගයක් ලෙස =2/(1+2+3)
ලද මුදල,බෙදූ මුදල් අනුපාතයේ භාගයක් ලෙස =3/(1+2+3)
ඒ අනුව බෙදූ මුළු මුදල රු.6000 නිසා හා එක් එක් පුද්ගලයා ලද මුදල් ප්‍රමාණ පිලිවෙලින්,
සියළුම අනුපාත වල එකතුව 1+2+3 එනම් 6 කි.
ප්‍රථමයා ලද මුදල =(1/6)* 6000=රු. 1000
දෙවැන්නා ලද මුදල =(2/6)* 6000=රු. 2000
තෙවැන්න=(3/6)* 6000=රු. 3000
මේ අනුව තිදෙනාට රු 1000:2000:3000 යන පිළිවෙලින් මුදල් බෙදේ.
1:2:3 අනුපාතයට පහත මුදල් ඔවුන් අතර බෙදා දෙන්න.
රු 3000
රු 9000
රු 12000
රු 120
ඔබ කළ යුත්තේ අනුපාත එකතු කර අනුපාත එකතුව ලබාගන,
ඒ එක් එක් අනුපාත එම අනුපාත එකතුවෙන් බෙදා මුළු මුදල් ප්‍රමාණයෙන් වැඩි කිරීමයි.
එවිට එක් එක් පුද්ගලයාට ලැබෙන මුදල් ප්‍රමාණ ලබා ගත හැක.