ප්‍රතිශතයක ප්‍රමාණය
 

සියයකින් කිනම් ප්‍රමාණයක්ද යන්න ප්‍රතිශතයකින් නිරූපණය කරයි.
ඒ අනුව කිසියම් අගයක් දී ඉන් යම් ප්‍රතිශතයක් කොපමණද යන්න විමසූවිට
එය ගණනය කරන ආකාරය පහත උදාහරණය මගින් ඔබට මනාව පැහැදිලි වනු ඇත.

උදාහරණය:
මිනිසෙකුගේ වැටුප රු.8000කි.ඉන් 20% ක් ගමන් වියදම් ලෙස වැයවේ නම් ඔහු ගමන් වියදම් ලෙස වැයකරන මුදල කීයද?


මුළු වැටුපෙන් ගමන් වියදම = 20%
මින් ප්‍රකාශ වන්නේ ඔහුගේ වැටුප 100ක් නම් ඉන් 20ක් ගමන් වියදම් බවයි.
එවිට ඔහුගේ වැටුප 8000ක් වූවිට ගමන් වියදම වන්නේ,
(100කට 20 නම් 8000කට කීයද යන්නයි.)
=  20/100 × 8000
=  රු. 1600

අභ්‍යාස.
A. බන්දු ලඟ රු. 60ක් විය.බින්දු ලඟ රු.150ක් විය.
(1)බන්දු ලඟ තිබූ මුදල මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
(2)බන්දු ලඟ තිබූ මුදල බින්දු ලඟ තිබූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

B. මිශ්‍රණයක  A, B,C  යන වර්ග වල තේ 1:2:3 යන අනුපාත වලින් මිශ්‍රවී ඇත්නම් , B වර්ගයේ තේ ප්‍රමාණය මිශ්‍රණයේ කවර ප්‍රතිශතයක්ද?    

(c) Shilpa Sayura Foundation 2006-2017