ප්‍රතිශත අනුපාත ලෙස ලිවීම
 

ප්‍රතිශත දශම සංඛ්‍යා ලෙස ලිවිය හැකි වන අතරම ප්‍රතිශත අනුපාත ලෙසද ලිවිය හැක.

ඒ අනුව 1% සැලකූවිට එය අපට 1/100 ලෙස ලිවිය හැක.
තවද ප්‍රතිශතයක් අනුපාතයක් ලෙස ලිවීමේදී එම අනුපාතය තවදුරටත් සුලුකිරීමට
හැකිවන අවස්ථාද ඇත.

ප්‍රතිශතය      අනුපාතයක් ලෙස        තවදුරටත් සුලුකර

80%   8/10                 4/5
50%   5/10                 1/2
25%   25/100      1/4
33.3%   333/1000      1/3

 1.  පහත අගයන් ගෙන් කුමක් 36%ට සමානද ?
 9/25
 5/8
 6/25
 5/9
 
    
 
ප්‍රතිශත - සාරාංශය.

*   ප්‍රතිශතයක් යනු සියයට සාපේක්ෂව යම් අගයක් ප්‍රකාශ කිරීමයි.
*   100% මඟින් මුලු ප්‍රමාණයම නිරූපණය කරයි.  1% යනු සියයෙන් එකක් වේ.
*   ප්‍රතිශතයක් දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කල හැකි අතර අනුපාතයක් ලෙසද ප්‍රකාශ කල හැක.
     50% = 0.5 = 50/100 = 1/2
*   අනුපාතයක් 100න් ගුණ කිරීම මඟින් ප්‍රතිශතය සොයාගතහැක.

උදාහරණයක් ලෙස  42/80 ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම .

42/80 ×100 = 52.5% 

(c) Shilpa Sayura Foundation 2006-2017