දශම සංසන්දනය
 

දශම සංඛ්‍යාවක දකුණට යනවිට එහි අගය වැඩිවේ.

දශම තිතෙන් වමට යනවිට පූර්ණ සංඛ්‍යාවද වැඩිවේ


උදාහරණයක් ලෙස, සංඛ්‍යා රේඛාව අනුව 0.7 ට වඩා අඩුයි 0.4 වේ.

 

0.4 වඩා අඩුයි 0.7

1.57 හා 1.67 සැසඳීමේදී



සංඛ්‍යා රේඛාව අනුව 1.67 වඩා 1.57 අඩුයි :


මේ නිසා දශම සංඛ්‍යා සැසඳීමේදී, වමේ සිට දකුණට විශාල අංකයක් හමුවන තෙක්, එක් එක් ස්ථාන වල අංක සැසඳීමෙන් විශාල දශම සංඛ්‍යාව සොයාගත හැක.


ඉහත උදාහරණයේ පූර්ණ සංඛ්‍යා ඒකකය 1 වේ. නමුත් දහයෙන් එකස්ථානයේ තිබෙන 5 සහ 6 මගින් 1.67 වඩා විශාල බව ප්‍රකාශ කළ හැක.



1.57, 1.67 ට වඩා අඩුයි  එමනිසා 1.67 වඩා විශාල අගයයි.


පහත දශම සංඛ්‍යාවල විශාල අගය සොයන්න:


3.6 හා 3.63
5.738  හා 5.74
29.86527 හා 29.869613


3.6 හා 3.60 සමාන අගයන්ය. බිංදුවක් සංඛ්‍යාව අගට හෝ මුලට එකතු වීමෙන් අගයේ වෙනසක් සිදු නොවේ.

5.74 අගය 5.740 ට සමානය.



5.738 අගය 5.74ට වඩා අඩුයි, එමනිසා 5.74 විශාල අගයයි.


29.86527 හා 29.869613 සැළකීමේදී , වමේ සිට 2, 9, හා දශම තිතට පසු එන 8 සමාන වුවද, ඊ ලඟ අංක වන 5 සහ 9 න් 9 විශාලය.



එමනිසා තව දුරටත් සැසඳීමකින් තොරව අපට 29.869613 වඩා විශාල බව කිය හැක.


 

(c) Shilpa Sayura Foundation 2006-2017