සංඛ්‍යා රටා සාධනයේ උපක්‍රම
 

ඔබ වෙත ලබාදුන් සංඛ්‍යා රටාවක් ආරම්භ වන්නේ 1, 3, 6, 10, 15 ලෙසිනි. මෙහි ඊ ලඟ සංඛ්‍යා 4 මොනවාද ?

උපක්‍රමය:

1) තේරුම් ගැනීම:

ඔබ සෙවිය යුත්තේ කුමක්ද ? 15 ට පසු එන සංඛ්‍යා 4 ය

2) පිළිවෙල:

අංක දෙස බලා රටාව තේරුම් ගන්න
සෑම අංකයක්ම ඊට පෙර අංකය මත රඳා පවතී.

3) විසඳීම:

අංක දෙස බලන්න

3 = 1 + 2 (ආරම්භක අංකය 1, 2 ක් එකතු කළ විට 3 ලැබේ)

6 = 3 + 3 (ආරම්භක අංකය 3, 3 ක් එකතු කළ විට 6 ලැබේ)

10 = 6 + 4 (ආරම්භක අංකය 6, 4 ක් එකතු කළ විට 10 ලැබේ)

15 = 10 + 5 (ආරම්භක අංකය 10, 5 ක් එකතු කළ විට 15 ලැබේ)

අලුත් අංක වන්නේ
15 + 6 = 21
21 + 7 = 28
28 + 8 = 36
36 + 9 = 45

(c) Shilpa Sayura Foundation 2006-2017