2 පිටුව
 

නඳන මුනිඳු හැර අන් සුරනට පැවත
නිවන පතා අනුවණ සත කරන තැන
ලබන පිණිස තෙල් ලොබ වඩවමිනි සිත
මඬින වැන්න වැලි මලු ලමිනි තෙලියත

සකල සුර නරන් මුඳුනත සැදු පද
විපුල මිණි සරණ හැර අන් සුරන් වැඳ
නිමල මොක්‌ පිණිස සත රකිනා දුලද
දිඹුල මල නිසා වෙහෙසෙන වැනි දියැද

පුන් පිරිසිදු සිල් මුල් ගුණ කඳින් යුති
දන් කම් නැණ කුරු මල් සා මඩුලු ඇති
පින් කප් තුරු සඟ මොක්‌ පල දෙන කැමති
මන් සුදනන් මෙත් සිසිලෙන් වැඩෙයි නිති

පියකර සතර බඹ විභරණ සිවු පෙදෙනි
වැර සැර නැණ යුවළ දළ දිලි දම් සොඬිනි
පුවතර තුමුල මත වරණිදුට නැඟෙමිනි
මනහර සෙත් පුරට පැමිණෙවු සව් සතුනි

නිදොස්‌ ගුණ බරණ සදහම් කිරුළ දරා
වෙසෙස්‌ සිල් සෙනඟ ගෙන මෙත් තුරඟ අරා
කෙලෙස්‌ රුපුන් සිඳ නැණ කගිනි නොම හැරා
සතොස්‌ රජ සිරින් පැමිණෙවු නිවන් පුරා

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපර ලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

නැඟෙතත් අවර ගිරගින් දිනකර මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත් අනල
පිපෙතත් ගිරි මුදුන හෙල්මැලි පියුමු'පුල
බොරු තැන් තෙමය මහතුන් පැවසු තෙපුල

පිරිවර සෙත් රකිනා පිණිස නිරතුරු
පෙර නියමින් නිරිදෝ රැගනිති පඬුරු
සිය ගුණයෙන් වසිනා පිණිස දියතුරු
සිය කිරණින් දෙරණත රස ගනිය හිරු

කොතෙක්‌ වෙහෙස දලුවත් සුදනෝ පවර
උදක්‌ ලොව සතුන් සිත දුක්‌ කෙරෙති දුර
පසක්‌ රාහු මුව පත් වෙමිනි බිය කර
අනික්‌ පසින් ලොව හෙළි කෙරෙය හිමකර

පින්මද පුතුන් සියයක්‌ ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එකපුන් සඳින් දුරු වෙයි ලොව ගන අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

(c) Shilpa Sayura Foundation 2006-2017