කෝණික මිනුම්වල දී විය හැකි දෝෂවල බලපෑම අවම කිරීමට යොදා ගන්නා උපක්‍රම
 කෝණික මිනුම්වල දී සිදු විය හැකි දෝෂවල බලපෑම අවම කිරීමට මිනින්දෝරුවරයා විවිධ උපායමාර්ග අනුගමනය කරයි. යම් මැනුමක දී ඒ සම්බන්ධ ව යොදා ගන්නා උපකරණ, භූමියේ ස්වභාවය, අවසාන බිම් සැලසුම හෝ සිතියම අඳින පරිමාණය, දත්තවල ප්‍රමාණය සහ යොදා ඇති මූල්‍යමය තත්ත්වය ආදිය ගැන ඔහු ඉතා සැලකිලිමත් විය යුතු ය.

එමෙන් ම එම ක්‍රම සහ දත්ත පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් පසු විය හැකි දෝෂ පිළිබඳ ව පූර්ව නිගමනයකට එළඹීමත්, ඒ අනුව පූර්ව උපාය මාර්ග යොදා ගැනීමත් වැදගත් ය. එමෙන් ම මැනුම් කාර්යය සිදු කරන අවස්ථාවේත්, ඉන් පසුවත් සිතියම හෝ සැලැස්ම පිළියෙල කරන අවස්ථාවේත් සිදු විය හැකි දෝෂවල බලපෑම අවම කිරීමට හැකි තරම් උපක්‍රම යෙදිය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017