උෂ්ණත්වය සඳහා ශෝධනය (Temperature correction)
 

සම්මත තත්ත්වයන් යටතේ දී පරිසරයේ උෂ්ණත්වය අනුව වානේ මිනුම් පටියක දිග කොතෙක් දැයි නිර්ණය කර ඇත. එම උෂ්ණත්වය එනම් භාවිත කළ යුතු උෂ්ණත්වය මිනුම් පටියේ සඳහන් කර ඇත. එසේ නොවන තත්ත්වයන් යටතේ මෙය භාවිත කරන්නේ  නම් ඒ සඳහා ශෝධන යෙදිය යුතු ය. සාමාන්‍යයෙන් මිනුම් පටියක් 200C හි දි භාවිත කළ යුතු යැයි සලකුණු කර ඇත.

උෂ්ණත්වය සඳහා ශෝධනය = α (Tm- To)L

α   - මිනුම් පටියේ ඒකක දිගක් සඳහා රේඛීය ප්‍රසාරණතා සංගුණකය (0C-1)

L   - මනින ලද දිග

Tm  - මධ්‍යන්‍ය පාරිසරික උෂ්ණත්වය (0C)

To  - මිනුම් පටිය භාවිත කළ යුතු සම්මත උෂ්ණත්වය (0C)


සම්මත තත්ත්වයන් යටතේ භාවිත කළ යුතු මිනුම් පටිය එම තත්ත්වයේ ම භාවිත කළේ නම් Tm  =  To  වන නිසා ශෝධනයක් නැත. සම්මත උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක දී භාවිත කළේ නම් මිනුම් පටිය ප්‍රසාරණය වී ඇත. එනිසා ශෝධනය සෘණ (-) අගයක් විය යුතු ය. තව ද සම්මත උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දී භාවිත කළේ නම් මිනුම් පටිය සංකෝචනය වී ඇති අතර, යෙදිය යුතු ශෝධනය (+) අගයක් ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017