සම්මත දිග සඳහා ශෝධනය (Correction for standard length)
  මෙහි දී සාකච්ඡා කෙරෙන්නේ ලබා දෙන සම්මත තත්ත්වයන් යටතේ කිසියම් මිනුම් පටියට දිග සම්මත දිගට වඩා අඩු හෝ වැඩි නම් ඒ සඳහා යෙදිය යුතු ශෝධනයයි. සාමාන්‍යයෙන් මෙවැනි දෝෂ සහිත මිනුම් පටියක් ක්ෂේත්‍රයේ දී භාවිත කළ හැකි නමුත් දෝෂයක් ඇතැයි හඳුනා ගත හොත් ඒ සඳහා ශෝධනය යෙදිය යුතු ය.

ශෝධිත මිනුම = මිනුම් පටියේ සැබෑ දිග x  එය භාවිතයෙන්
                    මිනුම් පටියේ සම්මත දිග   මනින ලද දිග

මෙම ශෝධනය ගණනය කර, එය මනින ලද දිගට එකතු කිරීමෙන් ශෝධනය කරන ලද මිනුම් ලබා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017